ඉන්දීය රජය සමග අවබෝධතා ගිවිසුමක්

ඉන්දීය රජය සමග අවබෝධතා ගිවිසුමක්

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය සඳහා වන ගොඩනැගිල්ලේ ඉදිකිරීම් මෙන්ම වෛද්‍ය උපකරණ සැපයීම වෙනුවෙන් ඉන්දියානු ජනරජ රජය සහ ශ්‍රී ලංකා ‍රජය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම අද (09) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.

දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තව දුරටත් ශක්තිමත් කිරීම සනිටුහන් කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තුෂ් ජාගේ ප්‍රධානත්වයෙන් ඉහත කටයුතු සිදු වූ අතර, අවබෝධතා ගිවිසුමට අත්සන් කිරිම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ  සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තුෂ් ජා  අතර සිදු විය.

අවබෝධතා ගිවිසුමට අනුව ඉන්දීය රජය මෙම ව්‍යාපෘතියට අදාළව වැය කිරීමට නියමිත ව්‍යාපෘති ඇස්තමේන්තු ගත මුදල රුපියල් මිලියන 600 ක් වන අතර, ව්‍යාපෘති කාලසීමාව වසර 03 කි.

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම් සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා ශ්‍රී ලංකා රජයෙන් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් මෙම ව්‍යාපෘතියට දායකත්වය දැක්වීමට ඉන්දීය රජය කටයුතු කරන ලදී.

මෙම අවස්ථාවට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) වෛද්‍ය එස් ශ්‍රිධර්න්, අතිරේක ලේකම් (සංවර්ධන) සුනිල් ගලගම, අධ්‍යක්ෂ (සැලසුම්) විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නියෝජනය කරමින්  පිරිසක් ද එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න