ජන වරමට පිටුපෑම හෙවත් 'වනචාරීන්ට' යටත් වීම

ජන වරමට පිටුපෑම හෙවත් 'වනචාරීන්ට' යටත් වීම

6 ශ්‍රේණියට අදාළව සැලසුම් කර තිබු නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම 2027 වර්ෂය තෙක් කල් තබන බව රජයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශ කර ඇත.

විපක්ෂයේත් දුශ්ශීල වනචාරී ගන ගෙඩියන්ගේත් 06 වසර නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහි එකම තර්කය වූයේ සමලිංගික වෙබ් සයිට් එකක ලින්ක් එකක් ඇතුළත් කර ඇත යන්නයි. වෙනත් හේතු සහ සාක්ෂි සහිත කිසිඳු විවේචනයක් නැත.

2/3 ආණ්ඩුව පස්ස බිම ඇන ගැනීම

2027 කල් තැබීම යනු මගේ භාෂාවෙන් කිවහොත් 2/3 ආණ්ඩුව පස්ස බිම ඇන ගැනීමකි. අදාළ ලින්ක් එක සහිත පිටුව ඉවත් කළ බව ප්‍රකාශ කළ පසුබිමක එය ක්‍රියාත්මක කළ හැකිව තිබුණි.

මේ රටේ ජනතාව වසර 76 කට පසුව මාලිමාව බලයට ගෙනාවේ සෑබෑ වෙනසක් වෙනුවෙනි. විධායක ජනාධිපති ධූරයත්, පාර්ලිමේන්තුවේ 2/3 ක් දුන්නේ කෙඳිරි නොගා අවශ්‍ය වෙනස කරන්නට මිස අහවල් ලබ්බක් කරන්නට නොවේ. අනුර ජනාධිපතිවරයා හැමවෙලාවෙ ම ප්‍රකාශ කරන්නෙ ජනවරමට වග කියන බවයි. ජනවරම යනු ජනාධිපතිවරණයේත් , මහා මැතිවරණයේදීත්, පළාත් පාලන මැතිවරණයේ දී ජාතික ජන බලවේගයට ලැබුණු ජනතා කැමැත්තයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අරබයා මාලිමාවේ ජනවරමේ අතිමහත් බහුතරය කියා සිටින්නේ අප්‍රමාදීව කෙසේ හෝ ඒ ප්‍රතිසංස්කරණ කරන ලෙසයි. එය නොකරන ලෙස කියමින් ඒවා කඩාකප්පල් කිරීමට උත්සහ කළේ විපක්ෂය සහ ආගමික පාතාලයයි. 2027 තෙක් කල් දැමීම යනු ජනවරමට එරෙහි බලවේගයේ බලාපොරොත්තු ඉටු කිරීමකි. ජනවරමට පිටුපෑමකි..

මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අඩුපාඩු , ඌනතා , දෝෂ සාධනීය ලෙස විවේචනය කිරීම පිළිගත යුත්තකි. එහෙත් යම් අඩුපාඩුවක්, ඌනතාවයක්, දෝෂයක් මත පිහිටා සමස්තයම කඩාකප්පල් කිරීමට උත්සහ කරන්නන් ගේ අරමුණ දරුවන් ගේ සුබදායී අනාගතය කඩාකප්පල් කිරීමයි. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට බය වන්නේ හොරකම, දූෂණය, අල්ලස, වංචාව, මැරකම, බලුකම, ත්‍රාඩත්වය, ම්ලේච්ඡත්වය මුසු පාලන ක්‍රමය තවදුරටත් අපේක්ෂා කරන්නන්‍ මිස වෙනෙකකු නොවේ.

පාලකයන්ට අවශ්‍ය කරන ජනතාව

කන්නන්ගර උතුමාණන් ලබාදුන් නිදහස් අධ්‍යාපනය මේ රටේ වරප්‍රසාදිත පාලක පන්තියට එරෙහි පාරාවළල්ලක් බව අවබෝධ කරගත් දින සිට පාලක අධමයන් කළේ එය කඩාකප්පල් කිරීමයි. කන්නන්ගර ගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා සෑහෙන ප්‍රමාණයක් අතරින් නිදහස් අධ්‍යාපනය යනු එකකි. අනිත් ඒවා ලප් තැනම ලොප් කිරීමට අද දක්වා ඔවුන් කටයුතු කළේ ය. ශිෂ්ටාචාරයේ වෙනස්වීම් සමඟ යාවත්කාලීන නොවන අධ්‍යාපනය යනු වචනයක් පමණි. යාවත්කාලීන නොවූ අධ්‍යාපනය හැදරීමත්, කිසිඳු අධ්‍යාපනයක් නොලැබීමත් එක හා සමානය. අධ්‍යාපනය යනු රටක ජනතාවගේ දේශපාලන සාක්ෂරතාවය පෙන්නුම් කරන්නකි. පාලකයන්ට අවශ්‍ය දේශපාලන සාක්ෂරතාව නිල් ජනතාවකි. එහෙම උන් අන්දවන්න ඉතාමත් පහසුය. ඒ ඇන්දවීමට කහකඩ හොරිකඩයන් හා කළු ලෝගුවන් පිරිසක්ද සැදී පැහැදී සිටිති.

cwwkannangara

ශිෂ්ට සම්පන්න පුරවැසියන්ට රෙදි එසවීම

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දවසකින් හෝ කල් දමා පමා කරන්නේ දේශපාලන සාක්ෂරතාවයක් නැති ජනතාවක් තවදුරටත් නිර්මාණය කර තබා ගැනීමට උත්සහ කිරීමකි. ලාල් කාන්ත කිව් පරිදි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරුද්ධ ඒ මිහින්තලේ වනචාරියා වැනි පිරිස් බව ඇත්තකි. ලාල් කාන්ත , ඔබේ කතාව ඇත්තක් නම් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එරෙහි සියල්ලෝ ම වනචාරීන් ය. ඒ අර්ථයෙන් වනචාරින් ගේ විරෝධයට යටත්වී ඒ ප්‍රතිසංස්කරණ හකුළාගත් උඹලාත් වනචාරීන් බව කිව යුතු ය. අවසානයේ සියලුම වනචාරීන් එකතුව ශිෂ්ට සම්පන්න පුරවැසියන්ට රෙද්ද උස්සා පෙන්වා ඇත.

 

chathurangaචතුරංග

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න