ජනතා විමුක්ති පෙරමුණට අනුකූල වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රටට ද අනුකූල යැයි ජනාධිපතිවරයා විශ්වාස කරන්නේ නම්, එය සම්පූර්ණයෙන් ම වැරදි යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
ඔහු මෙම අදහස් පළ කළේ ජනාධිපතිවරයා ඊයේ කළ කතාව සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රටට නොගැළපෙන නමුත් රජය ඒවා ක්‍රියාත්මක කිරීමට සූදානම් බව එම කතාවෙන් පෙන්නුම් කරන බව ඔහු පැවසී ය.
ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ...
''රටට සුදුසු සහ අවශ්‍ය දේ පමණක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා තේරුම් ගත යුතු යි. අහංකාරයෙන් ගන්නා තීරණ ජාතියට, එහි ජනතාවට හෝ ජනාධිපතිවරයාට සාධාරණය ඉටු කරන්නෙ නැහැ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ මහජනතාව අධ්‍යාපන ක්‍රමයේ මෙන්ම රාජ්‍ය යාන්ත්‍රණයේ වෙනස්කම් සඳහා ඇති අවශ්‍යතාවය පිළිගන්නවා. කෙසේ වෙතත්, හඳුන්වා දෙන ඕනෑම ප්‍රතිසංස්කරණයක් රටට අනුකූල විය යුතු අතර, ඒ කිසිවක් ජනතා විමුක්ති පෙරමුණට ගැළපෙන පරිදි නිර්මාණය නොකළ යුතු යි. රටේ ආගමට සහ සංස්කෘතියට ඇඟිලි නොගසන ලෙස අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. රටේ අධ්‍යාපන ක්‍රමයට නොගැළපෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට ගන්නා උත්සාහ සඳහා රජය සම්පූර්ණ වගකීම භාර ගත යුතු යි.''

