ඡායාරූපයක් කියවන්නේ කෙසේද? - Photo Review Workshop

ඡායාරූපයක් කියවන්නේ කෙසේද? - Photo Review Workshop

වෙනස් ලෙස දැකීමේ කලාව හඳුනාගැනීම මුඛ්‍ය අරමුණ කරගනිමින් මැරිගෝල්ඩ් ස්ටුඩියෝව විසින් පවත්වනු ලබන ඡායාරූපය විචාරය කිරීම පිළිබඳ වැඩමුළුව මගින්, ඡායාරූපයක් සරලව බැලීමෙන් ඔබ්බට ගොස් එය විචාරාත්මකව අවබෝධ කර ගැනීමට ඔබට අවස්ථාව ලබාදේ.

මෙම වැඩමුළුව තුළ, ඡායාරූපයක සෞන්දර්යාත්මක සහ තාක්ෂණික අංග පමණක් නොව, එහි අඩංගු සන්දර්භ, ආඛ්‍යාන රටා සහ බල සම්බන්ධතා පිළිබඳව විචාරාත්මක කියවීමකට අවධානය යොමු කරයි.
ඔබ ඡායාරූපයශිලිපියෙකු හෝ ශිෂ්‍යයෙකු, පර්යේෂකයෙකු හෝ ඡායාරූප කලා රසිකයෙකු වුව ද, මෙම වැඩමුළුව ඡායාරූපක සමාජීය, සංස්කෘතික හා දේශපාලන දෘශ්‍ය පෙළ ලෙස කියවීමේ හැකියාව වර්ධනය කරගැනීමට ඔබට උපකාරී වේ.

ඒ මගින්, ඡායාරූප පුද්ගලයින්, අදහස් සහ සමාජය හැඩගස්වන සහ ගොඩනගන ආකාරය අවබෝධ කරගැනීමට අවස්ථාව සැලසේ.

දිනය: 2026 ජනවාරි 25 (ඉරිදා)

වේලාව: පෙ.ව. 9.00 – ප.ව. 4.00

ස්ථානය: මැරිගෝල්ඩ් ගැලරිය

 

සම්පත් දායකත්වය

ආචාර්ය ඒරන් බර්ටන්

ජ්‍යෙෂ්ඨ කථිකාචාර් ය - Screen Media Production - Faculty of the Arts, Social Sciences and HumanitiesSchool of the Arts, English and Media
University of Wollongong, Australia.

ආචාර්ය ජගත් බණ්ඩාර පතිරගේ - මානව විද්‍යාව සහ සමාජ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර් යසමාජ විද්‍යා අධ්‍යායන අංශය , කලා පීඨය, කොළඹ විශ්වවිද්‍යාලය.

වරුණි අනුරුධිකා චන්ද්‍රසේන - Curator / creative Director - Marigold creation

උපදේශක - මල්ටිමීඩියා ආර්ට්
නාරද අමරතුන්ග -ඡායාරූප ශිල්පී / උපදේශක

වැඩමුළුවේ අන්තර්ගතය

ඡායාරූප විචාරය යන සංකල්පය අවබෝධ කරගැනීම, ඡායාරූප කියවීමේ ක්‍රම සහ ප්‍රවේශ, සෞන්දර්යාමක හා තාක්ෂණික අංග කියවීම, දෘශ්‍ය අංග අර්ථ ගොඩනගන ආකාරය, සමාජීය, සංස්කෘතික හා දේශපාලන සන්දර්භයන් අවබෝධ කරගැනීම, ඡායාරූපය, බලය සහ මතවාද ගොඩනැගීම

වැඩමුළුවෙන් ලැබෙන ප්‍රතිලාභ
ඡාරූප විචාරය පිළිබඳ මූලික දැනුම ලබාගැනීම, විචාරාත්මක හා විශ්ලේෂණාත්මක සිතීම වර්ධනය කිරීම දෘශ්‍ය සාක්ෂරතාවය (Visual Literacy) වැඩිදියුණු කිරීම

ප්‍රවේශය: නොමිලේ
සීමිත ආසන
ලියාපදිංචිය අවසන් දිනය: 2026 ජනවාරි 23

WhatsApp / ඇමතුම්: 077 251 2364
Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Google Maps: https://maps.app.goo.gl/aLJJTtxBhwBS9juf7

වැඩිදුර තොරතුරු සඳහා: 0772522364
ඔබගේ දෘශ්‍ය දැක්ම පුළුල් කරගැනීමට සහ විචාරශීලී සමාජයක කොටසක්කරුවකු වීමට මෙය අවස්ථාවක් කරගන්න. 

 

ඡායාරූපයක් කියවා ගන්නේ කෙසේ දjpeg

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න