ජ්‍යේෂ්ඨ ලේඛිකාවක වන සෝමා ජයකොඩි මහත්මිය පසුගිය 27වන දින උදෑසන මෙලොව හැර ගියා ය.
ඉදිරි දින දෙක තුළ වර්ධනය වීමට නියමිත අධික වර්ෂාපතනය සමග දැඩි අවදානම් කාලගුණික තත්ත්වයක් මතු වී ඇති බැවින් ජීවිත හානි වළක්වා ගැනීම සහ ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා කඩිනමින් මැදිහත් වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආපදාවට සහ අවදානමට ලක්වූ දිස්ත්‍රික්කවල මහජන නියෝජිතයන්ට උපදෙස් දුන්නේය.
තමාගේ උපාධිය සම්බන්ධයෙන් පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
"ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම" පිළිබඳ පනත් කෙටුම්පත මේ වන විට අධිකරණ අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පළ කර තිබෙන අතර, රජය එම කෙටුම්පත සම්බන්ධයෙන් මහජන අදහස් සහ ප්‍රතිචාර කැඳවා ඇත.
පුරා වසර 23ක WWE රෙස්ලිං දිවියේ අවසන් තරගයෙන් පසු ජෝන් සීනා රෙස්ලිං වළල්ලට ඊයේ (14) සමුදුන්නේය.
පන්නිපිටිය, කලල්ගොඩ ප්‍රදේශයේදී තරුණයකු උස්සා පොළොවේ ගැසීම හේතුවෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් භෞතික විද්‍යා (Physics) ටියුෂන් ගුරුවරයකු වන ඉංජිනේරු ශෙහාන් විදානපතිරණ නැමැත්තා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රිමාන්ඩ් භාරයට පත්කර ඇතැයි වාර්තා වේ.
අධ්‍යාපන සුදුසුකම් ලබා උසස් කුසලතා සහිත තරුණ තරුණියන් රැකියාවකින් තොරව සිටීම ඔවුන්ගේ අනාගතයට මෙන්ම රටේ සමස්ත ආර්ථියකට ද අහිතකර ලෙස බලපාන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
රැකියා විරහිතභාවය අවම කළ යුතුයි
''ශ්‍රී ලංකාවේ රැකියා විරහිතභාවය සමස්ත සමාජයට මෙන්ම ආර්ථිකයකට ද දැඩි බලපෑමක් සිදු කරනවා. අධ්‍යාපන සුදුසුකම් ලබා උසස් කුසලතා සහිත තරුණ තරුණියන් රැකියාවකින් තොරව සිටීම ඔවුන්ගේ අනාගතයට මෙන්ම රටේ සමස්ත ආර්ථියකට ද අහිතකර ලෙස බලපානවා. මේ නිසා තරුණ තරුණියන් නීතිවිරෝධී ක්‍රියා, අපරාධ සහ මත්ද්‍රව්‍ය සඳහා යොමු වීමේ ක්‍රියා ද වැඩි වෙනවා. මේ නිසා රැකියා විරහිතභාවය අවම කිරීමට සෑම රජයක්ම ප්‍රමුඛතාවයකින් යුතුව කටයුතු කළ යුතු යි.
වර්තමානයේ ශ්‍රී ලංකාවේ රැකියා විරහිත ප්‍රමාණයත් එය සංඛ්‍යාත්මකව අපොස සා/පෙළ, උසස් පෙළ/ උපාධිධාරීන් වැනි අධ්‍යාපන සුදුසුකම් අනුව ඉදිරිපත් කරන ලෙසත් රැකියා විරහිතභාවය සමාජය තුළ ව්‍යසනකාරී දෙයක් විය හැකි බවට රජය පිළිගන්නේ ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසී ය.
රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රැකියා දෙන කාලය ඉදිරිපත් කරන්න
එසේම රැකියා විරහිතභාවය අවම කිරිමට රජය විසින් ගෙන ඇති කෙටිකාලීන, මධ්‍ය කාලීන හා දිගුකාලීන පියවර ඉදිරිපත් කරන්න. මෙය අවම කිරිම සාර්ව ආර්ථික ඉලක්ක ලෙස සැලකිය හැකි බැවින් 2025, 2026, 2027 යන වර්ෂවල රජය අපේක්ෂා කරන රැකියා විරහිතභාවය අවම කිරීමේ ප්‍රතිශතාත්මක ඉලක්ක ඉදිරිපත් කරන්න. එසේම උපාධිධාරීන් 40000ක් පමණ රැකියා විරහිතව සිටිනවා.
20000ක් ගුරු වෘත්තියට, 3000ක් STEM ක්ෂේත්‍රයටත් තවත් 9000ක් Non - STEM ක්ෂේත්‍රයටත් ඇතුළු 35000ක් උපාධිධාරීන්ට රැකියා දෙනවා කියපු රජය ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රැකියා දෙන කාලය ඉදිරිපත් කරන්න. අගමැතිවරියගේ ප්‍රකාශයක් අනුව උපාධි ක්ෂේත්‍රයේ රැකියා ඇබෑර්තු 50000ක් ඇති නිසා මේ 35000ටත් ගුරු සංවර්ධන නිලධාරීන්ට ගුරු වෘත්තියේ රැකියා ලබා දිය හැකි නිසා කඩිනමින් ඒවා කරන්න.''
සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා නවක සාමාජිකයන් පත් කිරීමේ දී තරුණයින්ට අවස්ථාව ලබා දීමට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කර ඇත.
එළඹෙන අයවැයෙන් කොටස් වෙළඳපොළ ඉලක්ක කර නොගෙන සාමන්‍ය මහජනතාවත් රැකෙන පරිදි යෝජනා ඉදිරිපත් කරන ලෙසත්, රටේ තරුණ පරම්පරාව රටේ ආර්ථිකයකට එකතු කර ගැනීම සඳහා වැඩපිළිවෙලක් අවශ්‍ය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක පැවසී ය.
පහුගිය සෙනසුරාදා නෙලුම් මාවත කාර්යාලයට තරුණ ගෑනු ළමයි කණ්ඩායමක් ඇවිත් හිටිය. කට්ටිය ඇවිත් හිටියෙ නායකත්ව පුහුණු වැඩමුළුවකට.
වෛද්‍ය හිඟය සහ වෛද්‍යවරුන්ගේ අනෙකුත් ගැටලු සඳහා තවමත් විසඳුම් නොමැති බැවින් තව දුරටත් සේවා ව්‍යාප්ත කළ නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය පැවසීය.
මේ වන විට රට මුහුණ පා ඇති ආපදාව ආර්ථිකය ගොඩනැංවීමේ ක්‍රියාවලියක් බවට පරිවර්තනය කර නොගතහොත් තවත් ඛේදවාචකයකට මුහුණ දිමට සිදුවනු ඇතැයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසී ය.
අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙලගෙදර ගම්මානයේ හිමායා සෙව්වන්දි නමැති තරුණිය මාර්ගගත ක්‍රමයට ණය මාෆියාවට හසුවී සියදිවි නසා ගෙන ඇති බවත් මේ සම්බන්ධයෙන් රජය අවධානය යොමු කල යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
හිටපු මන්ත්‍රීවරු 56 දෙනෙකු ජනාධිපති අරමුදලින් අයුතු ලෙස මුදල් ලබා ගෙන ඇති බවට විගණන වාර්තාවකින් හෙළි වී තිබේ.
ආපදාවෙන් විපතට පත් වූ පවුල් 15,000ක් සුරක්ෂා මධ්‍යස්ථාන ස්ථාන 515ක තවමත් රැදී සිටින බව වාර්තා වේ.
ඉන්දියාවේ ප්‍රමුඛ පෙළ සිනමා නිර්මාණකරුවන්, සිනමා හා කලා සංවිධාන, ජන මාධ්‍ය ආයතන, සිනමා රසිකයින් අඛණ්ඩව ඉදිරිපත් කළ විරෝධතා මෙන්ම, මධ්‍යම රජයේ වාරණය ඉවත දමමින් ප්‍රදර්ශනය තහනම් කළ සියලුම සිනමාපට කේරළ උළෙල තුළ ප්‍රදර්ශනය කිරීමට කේරළ ප්‍රාන්ත රජයේ සංස්කෘතික කටයුතු ඇමතිවරයා පියවර ගන්නා බවට කළ දැඩි
මේ වන විට මහත් ආන්දෝලනයකට ලක්ව ඇති Ondansetron නමැති ඖෂධය ගෙන්වා ඇත්තේ 2011 දී ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ අවුරුදු 5කට තහනම් කළ Maan Pharmaceutical pvt ltd නමැති ආයතනයෙන් යැයි සමස්ථ ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ගිෂාන්ත දසනායක පැවසී ය.
සමගි ජන බලවේගයට එක්වීම හේතුවෙන් පක්ෂ සාමාජිකත්වය අත්හිටවනු ලැබූ සහ විනය ක්‍රියාමාර්ග ගත් එක්සත් ජාතික පාක්ෂිකයන්ට පනවා තිබූ පක්ෂ තහනම් නියෝග සියල්ල ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇත.
ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී පැන නැගිය හැකි නීතිමය පසුබිම සොයා බැලීම සඳහා හිටපු නීතිපති සහ ජනාධිපති නීතිඥ තිලක් මාරපනගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ඊයේ (16) සවස රැස්වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය පියවර ගනු ලැබීය.
සමගි ජන බලවේගයට එක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ගත් මෙම පියවර හේතුවෙන් යළි එක්සත් ජාතික පක්ෂය එක් වී සහයෝගයෙන් කටයුතු කිරීමට තිබූ බාධක ඉවත් වූ බව එජාප සභාපති වජිර අබේවර්ධන පැවසූ අතර එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්විණි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිට පොදු සන්ධානයකින් කටයුතු කිරීම සඳහා සහභාගී වූ සියලු පාර්ශ්ව වෙත ස්තුතිය පළ කිරීමේ යෝජනාවක්ද මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඒකමතිකව සම්මත විය.
ආක්‍රමණශීලී මසුන් දේශීය ජලාශවලට මුදාහැරීම නිසා අපේ රටේ මිරිදිය මත්ස්‍ය සම්පත විනාශ වීමේ තත්ත්වයක් මතුවීම හේතුවෙන් විසිතුරු මසුන් වර්ග 4ක් ආනයනය, ළඟ තබා ගැනීම සහ විකිණීම තහනම් කිරීමට පියවර ගෙන ඇත.
තහනම් කරන මසුන් වර්ග
නයිෆ්
රෙඩ්ලයින් ස්නේක් හෙඩ්
ඇලිගේටර්
පිරානා , යන මාලු වර්ග තහනම් කිරීමට පියවර ගන්නා බව ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත පැවසුවේය.
එතුමා වැඩිදුරටත් සඳහන් කළේ නිවෙස්වල ඇති කරන මසුන් සිටීනම් ජලජීවී වගා සංවර්ධන අධිකාරියට ගෙනැවිත් භාර දෙන ලෙසයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනතාවගේ මත විමසුමක් සිදු කරන අතර එළැඹෙන පෙබරවාරි 28 දක්වා කාලය තුළ ඒ සඳහා අදහස් දැක්වීම සිදු කළ හැකි බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

