නොවැලැක්විය හැකි හේතූන් කිහිපයක් නිසා වසර හතක කාලයක් අත්හිටුවා තිබූ ‘කොළඹ මැරතන්’ තරගය මේ මස 5 වැනිදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාව ඉදිරිපිටින් ආරම්භ කෙරෙයි.
සම්මන්ත්රණ ශාලාව අබියස ඇති ආලෝක සංඥා පද්ධතිය අසළින් එදින පෙරවරු 6.00 ට ආරම්භ වන කොළඹ මැරතන් තරගය මීගමුව වෙරළ උද්යානයෙන් අවසන් වේ.
තරගකරුවෝ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාව අබියස සිට බෞද්ධාලෝක මාවත ඔස්සේ පැමිණ බොරැල්ල කනත්ත වටරවුමෙන් හැරී දෙමටගොඩ, පෑලියගොඩ, හරහා වත්තලට පැමිණෙති. එතැන් සිට හේකිත්ත, හැමිල්ටන් ඇල, පමුණුගම, තලාහේන, පිටිපන සහ දූව ඔස්සේ මීගමුව වෙරළ උද්යානය වෙත පැමිණ තරගය අවසන් කරති.
ක්රීඩා අමාත්යංශයේ සහ සංචාරක අමාත්යංශයේ සහයෝගයෙන්, ලංකා ස්පෝට්ස් රයිසන් (එල්.එස්.ආර්.) ආයතනය විසින් සංවිධානය කරනු ලබන 19 වැනි කොළඹ මැරතන් තරගය ශ්රී ලංකා මලල ක්රීඩා ආයතනයේ පූර්ණ අධීක්ෂණයෙන් පැවැත්වේ.
වර්ෂ 1998 දී එල්.එස්.ආර්. ජාත්යන්තර මැරතන් තරගය ලෙසින් ආරම්භ කරන ලද මෙම මැරතන් තරගය පසුව ‘කොළඹ මැරතන්’ තරගය ලෙසින් වඩාත් ප්රචලිත විය. එය 2018 වසර දක්වාම අඛණ්ඩව පැවැති නමුත් 2019 දී සිදුවූ පාස්කු ප්රහාරය නිසාත්, 2020 දී ඇතිවූ කොරෝනා වසංගතය නිසාත් පැවැත්විය නොහැකි විය.
එහෙත් මෑතක සිට ශ්රී ලංකාවේ සංචාරක ව්යාපාරය හිස එසවීමත් සමගින් ‘කොළඹ මැරතන්’ තරගය ඇතුළු අනෙකුත් ජාත්යන්තර තරග නැවතත් සංවිධානය කිරීමට ලංකා ස්පෝට්ස් රයිසන් (එල්.එස්.ආර්.) සමාගම තීරණය කර තිබේ.
( kelimandala | දමින්ද විජේසූරිය)
පසුගිය දා කොළඹ විශ්වවිද්යාලයේ 2025 වසරට අදාළ ක්රීඩා වර්ණ ප්රධාන උත්සවය කොළඹ විශ්වවිද්යාලයේ වෛද්ය පීඨ ශ්රවණාගාරයේ දී පැවත්වුණි.
පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් කොළඹ සහ තදාසන්න ප්රදේශවලට ප්රධාන වශයෙන් ජලය සපයන කලටුවාව ජල පවිත්රාගාරයේ ජලය ඉතිරිව පවතින්නේ තවත් දින 20ක කාලයකට පමණක් බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
සතිපතා නුවරඑළියට සති අග නිවාඩුව සඳහා පැමිණෙන සංචාරකයන් රැගෙන එන සහ රැගෙන යන සිනමන් එයා ටෙස්නා 208 ගුවන් යානය සංචාරක මඟින් රැගෙන කොළඹ යෑමේ බලාපොරොත්තුවෙන් නුවරඑළියට පැමිණි අවස්ථාවේ දී සුළඟේ වේගය පාලනය කරගත නොහැකිව අනතුරට ලක් විය.
කැළණි ගඟ පිටාර ගැලීම නිසා කොළඹට බලපා ඇති අධි ගංවතුර අවදානම යම් දුරකට පහව ගොස් තිබෙන බවත්, පවතින මෙම ගංවතුර මට්ටම ඉදිරි පැය 24 තුළත් අපේක්ෂා කළ හැකි බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ඉංජිනේරු ඒ. ගුණසේකර පැවසීය.
පසුගිය සතියේ කොළඹ ජනප්රිය අවන්හලක පැවති වාර්ෂික කේක් මිශ්ර කිරීමේ උත්සවයකට ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ සහභාගී වී සිටිනු දැකගත හැකිවිය.
ඊයේ (03) කෝට්ටේ මහ නගර සභාවේ අයවැය ලේඛනය පිළිබඳ මහ සභා රැස්වීම ආරම්භයේ දී විපක්ෂයේ මන්ත්රිවරු සභාව නීති විරෝධි බවට ප්රකාශ කර සභාව වර්ජනය කළහ.
හෝමාගම, දොළහේන ආරච්චිගොඩ ප්රදේශයේ රුපියල් ලක්ෂයක මාසික කුලියට ලබාගත් ඉඩමක ඉතා සූක්ෂම ලෙස පවත්වාගෙන ගිය මහා පරිමාණ කැට සූදු පොළක් වැටලීමට හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව ඇත.
ගතවූ පැය 24ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය කිලිනොච්චි දිස්ත්රික්කයෙන් වාර්තා විය.
ගල් අඟුරු නැව් 19ක් ගෙනාවා. ඒ 19ක් ගෙනාවා විතරක් නෙවෙයි, ආපු නැව් 19න් මෙට්රික් ටොන් 1,20,000ක් අතුරුදහන්! මෙට්රික් ටොන් 1,20,000ක් කියන්නේ කෝටි 462ක් වටින ගල් අඟුරු අතුරුදහන්. ඒ කියන්නේ මොකක්ද? ඔබතුමාලා නැව් දෙකක් අතුරුදහන් කරලා. ජනාධිපතිතුමා කිව්වේ කාලා බලලා නෙවෙයි ගත්තේ කියලා. ඉතින් අපිත්, රටේ ජනතාවත් හිතුවා හරි කාලා බලලා නෙවෙයි ගත්තේ කියලා. බලනකොට ගත්තට පස්සෙත් කාලායැයි ශ්රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ පැවසීය. ඔහු මේ බව ප්රකාශ කලේ අද (10) දින පාර්ලිමේන්තුව අමතමිනි.
ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ ප්රකාශ විද්යුත් නාලිකා සහ ප්රසිද්ධ මාධ්ය ඉදිරියේ සිදු කළ බව කියන පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිලගේ "හඬ පට" රජයේ රස පරීක්ෂකවරයා ට යොමු කර පූර්ණ වාර්තාවක් කැඳවන්නැයි කොටුව මහේස්ත්රාත් ඉසුරු නෙත්තිකුමාරගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (06) නියෝග කළේය.
ජනාධිපතිවරයා ගල් අඟුරු වංචාව කරපු අයව ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කරනවා නම්, ගල් අඟුරු වංචාව වංචාවක් ලෙස නොදකින්නේ නම්, ජනාධිපතිවරයා මෙම ගල් අඟුරු වංචාවට සම්බන්ධ යැයි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසී ය.
‘හදිසි මිලදී ගැනීම්’ ලේබලය යටතේ මිලදී ගැනීම මගින්, ගල් අඟුරු සැපයුම, ‘රන් ආකාරයක්’ බවට පත් කර ගැනීමට ආණ්ඩුවේ පිරිසක් උත්සහ කරන්නේ යැයි මාතලේ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රීණි රෝහිණී කවිරත්න සඳහන් කරන්නී ය.
රටේ විදුලි නිෂ්පාදනය අඛණ්ඩව පවත්වා ගැනීමට, නිසි වේලාවට - නිසි ප්රමිතියකින් යුතු ගල් අඟුරු මිලදී ගැනීමේ රජයේ වගකීම ඉටු කිරීමට විදුලි බල අමාත්යාංශය අසමත්ව ඇතැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පැවසී ය.
විනිවිදභාවය යන යෙදුම බරසාර ලෙස පළමුවෙන්ම අපට ඇසුණේ චන්ද්රිකා බල ව්යාපෘතියෙහි දී ය.
2009 වසරේ සිට මේ දක්වා කාලසීමාවේ ගල් අඟුරු ආනයනයේ දී සිදු වු බව කියන අක්රමිකතා පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ ලේකම් ඩී. වී. බන්දුලසේන ඇතුළු විමර්ශන නිලධාරීහු පසුගිය 14වන දා නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූහ.
ආන්දෝලනයට තුඩු දී ඇති ගල් අඟුරු ව්යාපෘතියේ වගතුග සොයා අවශ්ය නිර්දේශ ලබාදීමට පූර්ණ බලැති ස්වාධීන ජනාධිපති කොමිසමක් පත්කිරීමට ජනාධිපතිවරයා තීරණය කරන්නේ නම් එය වැදගත්
නිසි ප්රමිතියක් සහිත ගල් අඟුරු ලොවේ කොතැනකවත් නැතැයි අජිත් පෙරේරා (මැටි අජිත්) පවසයි.ඔහු මේ බව සදහන් කරන්නේ ඔහුගේ ගිණුමෙහි විඩියෝවක කරුණු දක්වමිනි.
ලංකාවේ විදුලි ජනනය සඳහා අවශ්ය ගල් අඟුරු ආනයනය කිරීමේ ටෙන්ඩරය සුදුසුකම් නැති සමාගමකට දීමෙන් බරපතළ දූෂණයකට පාර කැපි ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ "උත්තරය අපි" තේමාව යටතේ පොළොන්නරුව, බැඳිවැව සුජා හෝටල් ශාලාවේ ඊයේ (28) පැවති සම්මන්ත්රණයේදීය.
පුබුදු ජයගොඩ මෙසේද ප්රකාශ කළේය.
'' පසුගියදා සැප්තැම්බර් 15 වැනිදා විදුලි ජනනයට අදාල ගල් අඟුරු සැපයිමේ ටෙන්ඩරය විවෘත කළා. ටෙන්ඩරය අවම ලංසුව ඉදිරිපත් කළ ට්රයිඩන්ට් චෙම්පර් නම් සමාගමට හිමිවුණා. ඒ ටෙන්ඩරය මේ සමාගමටම දීමේ අරමුණෙන් ප්රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංඝනය කළාද කියන සැකය මතුවෙනවා.
ලංකා ගල් අඟුරු ලියාපදිංචි කිරීමේ ලේඛනයට අනුව ගල් අඟුරු සඳහා අවම සුදුසුකම් නිර්ණායක ලෙස GCV 5900 kCal/kg ප්රමිතිය සහිත ගල් අඟුරු අවම වශයෙන් මෙට්රික් ටොන් 1,000,000 (මිලියනයක) වත් ගල් අඟුරු සංචිතයක් තිබෙන සමාගම් පමණයි ලියාපදිංචි කරන්නේ.
නමුත් මේ තිබෙන 2025 ලියාපදිංචි ලේඛනයට අනුව අවම සුදුසුකම් නිර්ණායකය මෙට්රික් ටොන් 100,000 ක සංචිත තිබිය යුතුයි ලෙස වෙනස් කරලා. ඒ කියන්නේ මේ සමාගමට ලියාපදිංචිය දීලා තියෙන්නේ සුදුසුකම් නිර්ණායකය මෙට්රික් ටොන් මිලියන 1 සිට මෙට්රික් ටොන් 100,000 දක්වා සියයට 90කින් අඩු කරලා. මේක පැහැදිලිවම සැක සහිතයි.
මෙම සමාගමේ නම සමග දූෂණ චෝදනා බැඳී තිබෙනවා
අනෙක මේ සමාගමේ නම සමග දූෂණ චෝදනා බැඳී තිබෙනවා. මෙම සමාගම 2014 දී සතොසට සහල් මෙට්රික් ටොන් 30,000ක් සැපයීමේදී රජයේ ප්රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංඝනය කර ඇති බව 2016/09/20 දින රාජ්ය ව්යවසාය කාරක සභාවට ඉදිරිපත් කරන ලද විගණකාධිපති වාර්තාවේ 168 පිටුවේ සඳහන් වෙනවා.
පෙනෙන ආකාරයට ප්රසම්පාදන මාර්ගෝපදේශ පවා වෙනස් කරමින් මේ ආණ්ඩුව යටතේ ගල් අඟුරු ටෙන්ඩරය දුන් සමාගමට, එහි හිමිකරුවන්ට සහ දේශිය නියෝජිතයාට පවා දූෂණ චෝදනා තිබෙනවා. ලංකාවේ වංචා හා දූෂණ සිදු කරන්නේ දේශපාලඥයන් - ඉහළ පෙළ රාජ්ය නිලධාරීන් - ජාවාරම්කාර ව්යාපාරික වළල්ලක් යන තුන් කට්ටුව එකතු වුණු ජාලයකින්. දූෂණ විරෝධයේ නමින් අවධානය යොමු කළේ දේශපාලඥයන්ට පමණයි. දැන් දේශපාලඥයන් නැතිව ජාලය ක්රියාත්මක වෙනවා.''
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර

