ජනතාවට සහන සලසන අතර විහාරස්ථාන ප්‍රමුඛ ආගමික සිද්ධස්ථාන පිළිසකර කරන්න - නාමල් රාජපක්ෂ

ජනතාවට සහන සලසන අතර විහාරස්ථාන ප්‍රමුඛ ආගමික සිද්ධස්ථාන පිළිසකර කරන්න - නාමල් රාජපක්ෂ

පසුගියදා හටගත් ගංවතුරෙන් සහ නායයාමෙන් විපතට පත් ජනතාවට උපරිම සහන සලසන අතර මේ නිසා විනාශයට පත් වූ විහාරස්ථාන, පල්ලි කෝවිල්, ඇතුළු සියලු පූජ්‍යස්ථාන පිළිසකර කිරීමට නිසි ප්‍රමුඛතාව ලබාදෙන මෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක මන්ත්‍රී නාමල් රාජපක්ෂ රජයෙන් ඉල්ලා සිටී.

තමන් වෙත ලැබී ඇති තොරතුරු අනුව මධ්‍යම, ඌව, වයඹ ,සබරගමුව, සහ බස්නාහිර , දකුණ සහ උතුරු නැගෙනහිර ප්‍රදේශවල විහාරස්ථාන රාශියක් විනාශයට පත්ව තිබෙන බවත්, එසේම කතෝලික පල්ලි, හින්දු කෝවිල්, මුස්ලිම් පල්ලි ඇතුළු ආගමික ස්ථාන සිය ගණනකට ගංවතුරින් හානිදුවී තිබෙන බවත් මන්ත්‍රීවරයා පැවසිය.

මේ පිළිබඳව රජයේ විධිමත් සමීක්ෂණයක් සිදුකොට කඩිනමින් අවශ්‍ය පිලිසකර කිරීමේ කටයුතු ආරම්භ කළ යුතු බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

මෙම ස්වභාවික අපදාවේදී බොහෝ ජනයා එක් රැස් වූයේත් පන්සල් පල්ලි කෝවිල් ආදි ආගමික ස්ථානනවලටය. එම මධ්‍යස්ථානවලින් දුකට පත් ජනතාවට
අසීමිත සේවයක් සිදුවිය.

එබැවින් රජය වහා නිසි ප්‍රමුඛත්වයේ දී අදාළ ආගමික ස්ථාන යථා තත්වයට පත් කිරීමට පියවර ගැනිිම සිදු කළ යුතු බව හෙතෙම පැවසීය.

මේ ගැන වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කීවේ තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සංවිධායකවරුන්ටද මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාදුන් බවය. ඔවුන්ට ප්‍රාදේශීය ලේකම්වරුන් හා සම්බන්ධව ව්‍යාසනයට පත්ව ඇති සියලු පූජ්‍යස්ථාන ප්‍රතිසංස්කරණයකරණය සඳහා උදව්වන මෙන් මේ වන විටත් දැනුම් දී ඇති වගද ඔහු පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න