ඇත්ත සංඛ්‍යා ලේඛන වසන් කර, සිදු වූ ව්‍යසනයේ බරපතළකම දියාරු කර හරින්නට ආණ්ඩුව සූදානම් වන්නේ යැයි නව ජනතා පෙරමුණ පක්ෂ නායක සුගීෂ්වර බණ්ඩාර පැවසී ය.
ආණ්ඩුව, ඉන්දියාව සමග අත්සන් කළ හොර ගිවිසුම්වලට අනුව මේ රටේ ජනතාව ගේ ඉඩම් ටික ඉන්දියාවට පිදීමට සූදානම් වන බවත්, ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් අතර ඖෂධ ගිවිසුමේ අන්තර්ගත වන්නේ ඉන්දියාවේ බෙහෙත් කිසිදු පරීක්ෂාවකින් තොරව ලංකාවට ගෙන්වනවා යන එකඟතාව යැයි ද ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ පැවසී ය.
ආණ්ඩුව කිසියම් තුන්වන පාර්ශ්වයක න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සමාජ පරිසරය නිර්මාණය කරමින් සිටින්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
වත්මන් ආණ්ඩුව කිසියම් බටහිර රටක පවතින ක්‍රමවේදයක් ගෙනවිත් අපේ රට තුළ ස්ථාපිත කරන්නට සූදානම් වන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
පරිපාලන රෙගුලාසි, මුල්‍ය රෙගුලාසි ප්‍රකාරව වතු කම්කරුවන් සඳහා දීමනාවක් ගෙවා ගැනීමට අය වැය යෝජනාවක් සකස් කර ගැනීමට නොහැකි ආණ්ඩුව, වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට විපක්ෂය විරුද්ධ යැයි ව්‍යාජ ජන මතයක් හදන්නට උත්සහ කරන්නේ යැයි මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රිණි රෝහිණී කවිරත්න පැවසුවා ය.
ජාතික ජනබලවේග ආණ්ඩුව බලය ලබාගෙන අවුරුද්දයි මාස හතරක කාලයක් ගතවී ගොස් තිබුණ ද මේ කාලය තුළ ආණ්ඩුව ජනතාවට ලබාදුන්න පොරොන්දු ඉටු කළා දැයි ප්‍රශ්නයක් පවතින්නේ යැයි රංජිත් මද්දුම බණ්ඩාර පැවසී ය.
ජවිපෙ සහ මාලිමා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ චරිත ආරක්ෂා කිරිම සඳහා මේ වන විට ශ්‍රී ලංකා පොලිසියට සිදුව ඇතැ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
රටට බලපෑ ව්‍යසන තත්ත්වයෙන් රට ගොඩ ගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළ මෙන් ම පාර්ලිමේන්තුවෙන් පිටත ද සමගි ජන බලවේගයේ සම්පූර්ණ සහාය ආණ්ඩුවට ලබාදීමට සූදානම් යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පැවසී ය.
ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කළ නමුත්, ව කෙරෙහි එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් ප්‍රධාන පෙළේ නීති කෙටුම්පත් තුනක් තාවකාලිකව අකුළා ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි වාර්තා වේ.
පාර්ලිමේන්තුවේදී ප්‍රවීණ මාධ්‍යවේදනීයකට නියෝජ්‍ය අමාත්‍යවරයකුගෙන් සිදුවූ වාචික සහ මානසික හිංසනයක් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරියගේ අවධානයට යොමු කරවන බව මහනුවර දිස්ත්‍රික් සජබ මන්ත්‍රිනී චමින්ද්‍රානි කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී අද (24) කීවාය.
විපක්ෂයට මඩ ගහන්නට ආණ්ඩුව විසින් පත්කර තිබෙන මඩ බලකායට පඩි ගෙවන විට ඔවුන් හරියට හරියට "ජොබ් එක" කරලාදැයි හොයා බලා පඩි ගෙවන ලෙස ජනාධිපතිවරයාගේ ඉල්ලා සිටින්නේ යැයි සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්මේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පැවසීය.
තමා රටෙත් නැති මොහොතක තමා පැවසුවා යැයි කියා බොරු කතාවක් ආණ්ඩුවේ මඩ ෆේස්බුක් පිටුවක පළ කර තිබෙන බව කී මුජිබර් රහුමාන් මෙලෙස අතේ පත්තුවෙන බොරු කියන අයට පඩි ගෙවීම අපරාධයක් බව ද සඳහන් කළේය.
තමා මේ මොහොතේ සිටින්නේ පොදු රාජ්‍ය මණ්ඩල පාර්ලිමේන්තු සැසිය සඳහා සහභාගී වීම සඳහා රටින් බැහැරට පැමිණ බව කී රහුමාන් විරුද්ධ පක්ෂයේ සිටින අයට ආණ්ඩුව විසින් මඩ ගහන්න භාවිතා කරන හොර ෆේස්බුක් ගිණුමක් භාවිත කරමින් තමා නොකියූ දෙය සඳහන් කර ප්‍රචාරයක් යවා තිබෙන්නේ යැයි කීය.
"ඔබතුමාලගේ ආණ්ඩුව රැක ගන්න ඔබතුමාලා මුදල් වියදම් කරලා පඩි ගෙවලා මඩ ගහන බොරු වපුරන ෆේස්බුක් ගිණුම් ගණනාවක් තිබෙනවා.ඒ ෆේස්බුක් කරන අයට පඩි ගෙවනකොට හොයලා බලලා ගෙවන්න.
මම රටෙත් නැති වෙලාවෙ මම කිව්වා කියා ප්රවෘත්ති පළ කළ විට ඒවා අතේ පැලවෙන බොරු බවට පත්වෙනවා. ඒ සල්ලි අපරාදෙ .ඔබතුමාලා ආවේ ඵලදායිතාව ඇති කරන්න නේ.ඒක නිසා මේ මඩ බලකායට පඩි ගෙවන කොට ඔවුන් හරියට ජොබ් එක කරනවද කියලා හොයලා බලලා පඩි දෙන්න.
ඔය මඩ බලකාය කරන්නේ තමුන්නාන්සේලාටත් බොරුවයි. තමුන්නාන්සේලාගෙන් පඩි ගන්න අපි මොකක් හරි කිව්වා යැයි බොරුවක් දාලා අන්තිමට ඒක අතේ පත්තු වෙනවා.
මම ජනාධිපතිතුමාට කියන්නේ අපරාදෙ ඔබතුමාගේ මුදල් වියදම් කරන්න එපා යැයි මුජිබර් රහුමාන් මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.
(අංජුල මහික වීරරත්න -lankadeepa)
මාලිමා ආණ්ඩුව, ක්ලීන් ශ්‍රී ලංකා යැයි පවසමින් තමන් ගේ හිතමිතුරන්ට මහා භාණ්ඩාගාරය හිස් කරන්නට අවස්ථාව සලසා දී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ආදරය යනු බලාපොරොත්තු වන දෙයකට වඩා දිය යුතු දෙයක් යැයි සෙනුකි දිසානායක පැවසුවා ය.
දකුණු පළාතේ සිට ආධාර රැගෙන එන ලොරි රථ විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමට තීරණය කර ඇතැයි අමාත්‍ය ආනන්ද විජේපාල පැවසූ බව සදහන් කරමින් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන පුවත සාවද්‍ය පුවතක් වන බවත්, එම සාවද්‍ය පුවත දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බවත් දන්වමින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර ඇත.
දැනට පාසල් වල භාවිතා කරන 10 වැනි ශ්‍රේණියේ සිංහල පාඩම් පොතෙහි ආපදා කළමනාකරණය යනුවෙන් සුවිශේෂ පාඩමක් ඇත .
විපතක් සිදු වූ විට, රජයක පළමු වගකීම වන්නේ ජීවිත ආරක්ෂා කිරීම යි. එය කරන්නේ කෙසේ ද ,කළ යුත්තේ මොනවා ද යන්න පිළිබඳව ලොව පුරා ඇති ආදර්ශ තුළින් ගත හැකි පොදු පාඩම වන්නේ ඉක්මන් ප්‍රතිචාර, සම්බන්ධීකරණය සහ සන්නිවේදනය ඉතා වැදගත් වී ඇති බවයි.
පවතින ආපදා තත්ත්වයෙන් විපතට පත් වූවන් සඳහා ඉන්දීය රජය සහ එරට ජනතාව විසින් සිදු කරන ලද ආධාර රැගත් ගුවන් යානයක් අද (29) අලුයම මෙරටට ළගා විය.
මෑත කාලීන සුළි කුණාටුවෙන් සිදු වූ හානියකින් පසුව මෙරට සමස්ත දුම්රිය මාර්ග පද්ධතියෙන් සියයට 30ක් එනම් කි.මී. 1,593න් කි.මී. 478ක් පමණක් භාවිතයට ගත හැකි බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති සඳහන් කරයි.
මේ වන විට රට තුළ පවතින ස්වාභාවික ව්‍යසනය හමුවේ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන පද්ධතියට එල්ල වී ඇති බලපෑම පිළිබඳව නිරන්තර අධීක්ෂණයක සිටිමින් එය සාර්ථකව කලමනාකරණය කරන බව අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ලේකම් නාලක කලුවැව මාධ්‍ය සාකච්ඡාවක් පවත්මින් ප්‍රකාශ කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

