"දිට්වා" සුළිකුණාටුව ඊයේ (29) ප.ව.11.30 වන විට යාපනය සිට 130 kmක් උතුරු දෙසින් , අක්ෂාංශ 10.7°N සහ දේශාංශ 80.6°E ආසන්නයේ කේන්ද්‍රගතව වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි අතර උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකිය.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බවත් අනෙකුත් ප්‍රදේශවල ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩි දුරටත් ඉල්ලා සිට්.
අද (16) උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ප.ව. 1.00න් පමණ පසුව ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරියටත් බලාපොරොත්තු විය හැකි බවත් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි අතර වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව වාර්තා වේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් මධ්‍යම, උතුරු, උතුරු - මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං මඟින් සිදු විය හැකි අනතුරු, අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටී.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අද (12) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් තරමක වැසි ඇතිවිය හැකි අතර උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල අද සවස 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කලේය.
ඇතැම් ස්ථානවල මි.මී. 50ක පමණ වැසි ඇතිවිය හැකි බවත් ගිගුරුම් සහිත වැසි, තද සුළං හා අකුණු හේතුවෙන් ඇතිවන අනතුරු වලක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමේ දී 6 වසර මොඩියුලේ සඳහන් නොවිය යුතු කරුණක් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කළුවැව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මෙරට පවතින අධ්‍යාපන අර්බුදයට විසඳුමක් නොවේ යැයි අශෝක අභයගුණවර්ධන පැවසී ය.
Smart board, computers නැති පාසල්වලට සක්වල වැඩසටහන හරහා ඒවා ලබා දී ඉංග්‍රීසි හින්දි චීන ජපන් භාෂා ඇතුළු තවත් භාෂා මෙන්ම STEAM education ඇතුළු පැතිකඩවලට යොමුවිය යුතු බවට මුලින්ම කිව්වේ සමගි ජන බලවේගය යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නැවැතීමේ වගකීම විපක්ෂය පිට පැටවීමට රජය උත්සාහ කළ ද එම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වීම නැවැත්වූයේ වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
කුහකත්වයෙන් ඉවත් වී අඩුම තරමේ මේ රටේ නිදහස් අධ්‍යාපනය මානව අයිතියක්, මූලික අයිතියක් බවට පත්කරන සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තියට ඔබේ අත උස්සන්න යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
* පාසල් දරුවන්ට නොමිලේ දුන් නිල ඇදුම් මේ පාර දීලා නැහැ
* රාජ්‍යය කුමටද පොත කියවන්නට ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට දිලිත්ගෙන් ආරාධනයක්
* ජනපති ජාතියෙන් සමාව ගත යුතුයි
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා මොඩියුලයේ ඇති නුසුදුසු යොමු කිරීම් සම්බන්ධයෙන් රජය සමඟ සාකච්ඡා කිරීමට කිසිවක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමහර පුද්ගලයන් අනවශ්‍ය විදිහට විවේචනය කළ ද, තමන් එලෙස විවේචනය නොකළ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා ඊයේ (20) පාර්ලිමේන්තුවේදී පැවසිය.
මහජන විරෝධය හමුවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුලා ගැනීමට රජය ගත් තීරණය, රටේ දරු පරපුරේ යහපත උදෙසා ගත් වැදගත් පියවරක් වුවද එය ආණ්ඩුවේ “අදූරදර්ශී ක්‍රියාකලාපය හා උද්දච්චකම” මනාව පිළිඹිබු කරන ප්‍රබලම සාක්ෂියක් යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පැවසී ය.
සමගි ජන බලවේගය මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට පක්ෂ වුව ද ප්‍රතිසංස්කරණයේ නාමයෙන් අධ්‍යාපනය අසභ්‍යකරණය කිරීමට විරුද්ධ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
මොරටුව විශ්වවිද්‍යාලයීය තාක්ෂණික ආයතනයේ (ITUM) නිරීක්ෂණ චාරිකාවක් සඳහා ඊයේ (24) අධ්‍යාපන, උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න එක්වුණි.
නිදහස් අධ්‍යාපනය අප රට සතු වටිනාම සම්පතක් වන අතර මෙය අපේ රටේ සුබසාධන රාජ්‍යයේ ද අති වැදගත් අංගයක් වී ඇති බවත්, අභියෝග දුක් කම්කටොලු බාධා රැසක් මැද නිදහස් නිවහල් අධ්‍යාපනය රාජ්‍ය ප්‍රතිපත්ති සඳහා ඇතුළත් කර සිටියේ අධ්‍යාපනය තුළ සියලු දෙනාට සර්ව සාධාරණ අයිතියක් ලබා දීමට යැයි ද විපක්ෂ නායකවරයා පැවසී ය.
නව තාක්ෂණය උපයෝගී කර ගෙන, නවීන යන්ත්‍ර සූත්‍ර නිර්මාණය කර, පුද්ගලයින් ලෙසත්, රටක් ලෙසත් දියුණු විය යුතු බැවින් අධ්‍යාපනයේ ප්‍රතිව්‍යුහගතකරණයක් සිදුවිය යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ සුරංග රත්නායක ගේ සංවිධානත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලය ආසනය සෙලෙස්තිමඩුව කොට්ටාසයේ පැවැති ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවා වැඩසටහන සහ සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් සදහා එක්වෙමිනි.
එම වැඩසටහනේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
ඉතිහාසයට දී ඇති ප්‍රමුඛත්වය ඉවත් කිරීම නින්දාසහගත යි
මෙරට අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් ඇති වුවහොත් නව අධ්‍යාපන ක්‍රමයක් හරහා නූතනවාදී දරු පරපුරක්, ජන පරපුරක් නිර්මාණය කිරිම තුළ නූතන ලෝකයේ අභියෝගවලට මුහුණ දී නව තාක්ෂණය උපයෝගී කර ගෙන නවීන යන්ත්‍ර සූත්‍ර නිර්මාණය කර පුද්ගලයන් ලෙසත් රටක් ලෙසත් දියුණු විය යුතු යි. එබැවින් අධ්‍යාපනයේ ප්‍රතිව්‍යුහගතකරණයක් සිදුවිය යුතු යි. එහි දී නව තාක්ෂණය, පරිගණක තාක්ෂණය, ඉංග්‍රීසි චීන හා හින්දි යනාදි විදේශීය භාෂා ඉගෙන ගැනීම තුළ ලෝක වෙළෙදපොළේ ශ්‍රම සැපයුම ආක්‍රමණය කළ හැකි යි. එහි දී කෘතීම බුද්ධිය, රොබෝ තාක්ෂණය යනාදි නවීන ක්‍රම වෙත යා යුතු යි. මේවා සේම ඉතිහාස විෂය ද අනිවාර්ය විය යුතු යි. ඒ තුළින් අතීත රජ දවසේ සිදුවූ සංවර්ධනය, ඉපැරණි වාරි සංස්කෘතිය හා රාජ්‍ය පාලන සංස්කෘතිය ගැන දරුවන් දැනුවත් විය යුතු යි.
නව අධ්‍යාපන ක්‍රමයේ දී හර විෂයක් ලෙස ඉතිහාසයට දී ඇති ප්‍රමුඛත්වය ඉවත් කිරීම නින්දාසහගත යි. අප කළ යුත්තේ හොඳ පෞර්ෂත්වයක් තිබෙන සුහුරු දරුවන් නිර්මාණය කිරීම යි. සුහුරු දරුවා හරහා සුහුරු සිසුවා, සුහුරු පුරවැසිය හා සුහුරු රට නිර්මාණය කළ හැකි යි. සමගි ජන බලවේගය මේ ප්‍රතිපත්ති ඉදිරිපත් කරන විට, සුහුරු පන්තිකාමර දෙන විට ජනතාව ඒවා ප්‍රතික්ෂේප කළා. දැරියන්ට හිමි සනීපාරක්ෂක පහසුකම් නොමිලේ දිය යුතු යැයි කියන විට එයට පහර ගසා වත්මන් රජය විකෘති මානසිකත්වයකින් රටේ දරු පරපුර විනාශ කරන්න විවිධ අමනෝඥ යෝජනා ඉදිරිපත් කරනවා.
දරුවන් යහමගට ගැනීමේ නිදහස තිබිය යුතු යි
ඉතිහාස විෂය හර විෂයන් තුළින් ඉවත් කිරීම ඉන් එකක්. ඊට අමතරව දෙමාපියන්ට ගුරුවරුන්ට වැඩිහිටියන්ට යම් දරුවෙක් වැරදි මාර්ගයක ගමන් කරනවා නම් ඒ දරුවාට කෘරත්වයෙන් තොරව හිංසනයෙන් තොරව යහපත් ආකාරයෙන් දරුවව හරි මගට යොමු කිරීම සත්භාවයෙන් වත් කළ නොහැකි බවට පනත් සම්මත කිරීමට සූදානම් වෙනවා. ගුරුවරුන්ගේ, දෙමාපියන්ගේ, වැඩිහිටියන්ගේ අත් බැඳ නීතියට යට කර, යහපත් සමාජයක් ගොඩනගන්න එන්න යැයි කියනවා. අපි දරුවන්ට විරුද්ධව එල්ලවන හිංසන පීඩන කෘර ක්‍රියා අනුමත කරන්නෙ නෑ. සත්භාවයෙන්, දරුවන්ගේ අභිමානයට කැලලක් නොවන ලෙස දරුවන් යහමගට ගැනීමේ නිදහස තිබිය යුතු යි. රජය එය ද ඉවත් කිරීම වැරදි යි.
කුඩුකාරයන් අත්අඩංගුවට ගැනීම ප්‍රශංසනීය යි
අද කුඩු පද්ධතිය පාසල් පද්ධතිය ආක්‍රමණය කර අවසන්. ඊෂී කෑෂ් හරහා කුඩු බෙදනවා. මේවා වැළැක්විය යුතු යි. කුඩුකාරයන් අත්අඩංගුවට ගැනීම ප්‍රශංසනීය යි. ඔවුන් අත්අඩංගුවට ගන්නවා සේම පාසල් පද්ධතියේ හා තරුණ පරපුර මේ කුඩු ජාවාරම්කාරයන්ගෙන් බේරා ගැනීමට දැඩි නීති ගෙන ආ යුතු යි. රටේ සෑම ආගමක් තුළ ම සංස්කෘතියට ඔබින ශීලාචාර ශිෂ්ටසම්පන්න දරුවන් බිහි කිරීමේ අරමුණු තිබෙනවා. ආගම් තුළ විකෘති අදහස් නැහැ.
ලොවට බිහි වන විට ජාති ආගම් කුල මල පන්ති පක්ෂ භේද නොමැති නිසා සෑම පුරවැසියකුටම ගරු කළ යුතු යි. පුරවැසියන්: ශිෂ්ටසම්පන්න පුරවැසියකු, සංස්කෘතික පුරවැසියකු, ආගමානුකූල පුරවැසියකු බවට නිර්මාණය කළ යුතු යි. විකෘති මනස් ඇති, විකෘති ක්‍රියාදාම රටේ ව්‍යාප්ත කර, ජන සමාජය විනාශ කරන් ඉඩ දිය නොහැකි යි.
අද රජයේ හැමදේම විකෘතියක්
රජය අද කරන කරන හැමදේ ම විකෘතියක්. සමාජ රටාවන්, සමාජ සංස්කෘතීන් සුනුවිසුනු කරන ප්‍රතිපත්ති මේ අය යෝජනා කරනවා. එම නිසා: සදාචාරසම්පන්න, ශිෂ්ට සම්පන්න, ආගමානුකූල, විනයගරුක යුක්තිගරුක, පුරවැසියන් බිහි කරන සමාජ රටාව ඇති කර රජයේ විකෘති යෝජනාවලින් රටේ ජනතාව ආරක්ෂා කිරීමේ වගකීම සමගි ජන බලවේගය ගන්නවා.
තරුණ තරුණියන් ගේ රැකියා ගැටලුවට විසඳුම් කෝ..?
76 වසරක සාපය ගගා එක පෑන් පාරින් මේ සාපය නැති කරනවා කිව්වට අද වන විට ගොවියාට ගුණාත්මක පොහොර, බීජ, තෙල් බෙහෙත් ලැබෙන්නෙ නැහැ. එක පෑන් පාරීන් කිසි දෙයක් වුණේ නැහැ. මේවා ගොවියාට අද දරාගත නොහැකි බවට පත්වෙලා. අලි මිනිස් ගැටුමට තවමත් විසදුම් නැහැ. රැකියා කරන්න පුළුවන් ඇගලුම් කර්මාන්තශාලා අද රට හැර යනවා. කිසිදු කර්මාන්තශාලාවක්වත් අලුතින් බිහි කරල නැහැ. තරුණ තරුණියන්ගේ රැකියා ගැටලුවලට විසදුම් නැහැ.
මෝස්තරයට ඡන්දය දීමෙන් වළකින්න
ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 159 රටේ ජනතාව හඳුනනව ද...? මේ පුද්ගලයන් දැන හඳුනාගෙන ද ඡන්දය දුන්නේ කියල ගැටලුවක් තිබෙනවා. මේ නිසා අද වන විට ජනතාවට තමන්ගේ ගැටලු ප්‍රශ්න ඉදිරිපත් කරන්න කවුරුත් නොමැති නිසා විපක්ෂ නායකවරයාට ගැටලු ඉදිරිපත් කරනවා. එම නිසා මෝස්තරයට ඡන්දය දීම, සුන්දර සුරංගනා කතාවට රැවටීම සහ ප්‍රතිපත්ති නොදැන ඡන්දය දීමෙන් ඉදිරියේදීවත් ජනතාව වැළකී සිටිය යුතු යි.''
දිවයින පුරා ග්‍රාම සේවා වසම් 14,021ක් කුඩා ගම්මාන 50,964ක් ඇතුළු සමස්ත රටම ආවරණය කරමින් සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා මොරටුමුල්ලෙන් ආරම්භ විය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

