අධි ධාරිත යතුරු පැදි පැද්ද පිරිසක් අත්අඩංගුවට‍‍

අධි ධාරිත යතුරු පැදි පැද්ද පිරිසක් අත්අඩංගුවට‍‍

මාතලේ නගරයේ  සංඝමිත්තා පෙදෙසේ ඉහළ එන්ජින් ධාරිතාවෙයන් යුත් යතුරු පැදි  ධාවනය කරමින් රේස් පැද්ද යතුරුපැදි දහයක් සමග එම පුද්ගලයින් අත්අඩංගුවට ගත් බව මාතලේ පොලිසිය පවසයි.

එම යතුරුපැදි  අතර ව්‍යාජ ලෙස අංක තහඩු වෙනස්කර ධාවනය කළ යතුරු පැදියක් ද තිබෙන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ ය.

යතුරුපැදී ධාවනය කළ පුද්ගලයින් වයස අවුරුදු 18ත් 23ත් අතර තරුණයින්  බව පොලීසිය කියයි.

මේ අතර කොළඹ මාතලේ බස් රථයක රියදුරු බලපත්‍රය නොමැතිව අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරමින් රියැදුරු ලෙස කටයුතු කළ පුද්ගලයකු ද අත්අඩංගුවට ගත් බව මාතලේ පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි. 

මාතලේ පොලිස් ස්ථානයේ රථ වාහන අංශය මෙම වැටලීම් සිදු කර ඇත.
 අදාළ සැකකරුවන් මාතලේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න