''වාඩි වෙන්න තැනක්, බීමට ජලය, වැසිකිළි පහසුකම් නැහැ'' .
ජනතාව මැසිවිලි නඟති
මෙරට අධිකරණ පද්ධතියේ සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාවට ප්‍රමාණවත් යටිතල පහසුකම් නොමැතිකමින් ඔව්හු මහත් පීඩාවට පත්ව සිටිති.
අධිකරණ ශාලා පරිශ්‍රයන්හි නඩු විභාගකරන අවස්ථාවේදී ඉතා විශාල තදබදයක් පවතී. එමෙන්ම මෙම ස්ථානයන්ට පැමිණෙන පිරිසට ප්‍රමාණවත් ජලය, වාඩිවීමට අවශ්‍ය පහසුකම්, වැසිකිළි කැසිකිළි පහසුකම් පවතිනුයේ ඉතාම දුර්වල මට්ටමකය.
ඇතැම් අධිකරණ පද්ධති පිහිටි භූමිවල සුද්ධ පවිත්‍රතා කලක සිට සිදු නොකර තිබූ බවක් දක්නට ලැබේ.
අධිකරණ භූමියේ පිහිටී ගස් වැල් වර්ගවල විවිධ වර්ගයේ සතුන් රාත්‍රී කාලය ගත කරන අතර ඔවුන්ගේ මළ පහ භූමිය පුරාම දක්නට ලැබීම සුලබ දසුනකි.
වැසි දිනක හෝ අයහපත් කාලගුණික තත්ත්වයන් පවතින මොහොතක වැස්සට තෙමි තෙමී අව්වට වේලෙමින් ඉතා අපහසුතා මැද තමාගේ නඩු වාරය එන තුරු නොඉවසිල්ලෙන් බලා සිටීමට ජනතාවට සිදුව තිබේ.
අධිකරණ පද්ධතිය කෙරෙහි පවතින ගරුත්වය සහ ඊට අනුකූලව දක්වන බය පක්ෂපාතීත්වය නිසා කෙතරම් පීඩාවට පත්වුවද ජනතාව නිශ්ෂබ්දව එම පීඩා විඳ දරා ගැනීමට හුරුවී සිටිති.
කෙසේ නමුත් මෙවන් පීඩාවන් තවදුරටත් විඳීමට ජනතාවට ඉඩ නොතිබීම නීතියේ ආධිපත්‍ය සුරැකීම අංක එකේ කාර්ය ලෙස සලකන වත්මන් රජයේ කාර්ය භාරයේම කොටසක් නොවන්නේ දැයි අධිකරණයට පැමිණෙන ජනතාව විමසා සිටිති.
(ජේ.මුණසිංහ)

