අනුරාධපුර සිද්ධිය සම්බන්ධයෙන් BBC සිංහල සේවය හෙළි කළ තොරතුරු මගින් මේ රටේ නීතියේ ආධිපත්‍යයට සහ රාජ්‍ය නිලධාරීන්ගේ ස්වාධීනත්වයට එල්ල වී ඇති බරපතළ තර්ජනයක් කරළියට පැමිණ තිබේ.
මෙහිදී කිසිසේත්ම මගහැරිය නොහැකි බරපතළ නීතිමය සහ සන්නිවේදනමය ගැටලු කිහිපයක් පවතී:
1. විභාග වෙමින් පවතින නඩුවකට පාර්ලිමේන්තු බලපෑම්
සියල්ලටම වඩා බරපතළ ම නීතිමය ගැටලුව වන්නේ මෙයයි. මේ වන විටත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩුවක් විභාග වෙමින් පවතී. එසේ තිබිය දී, විමර්ශනවලට සහ නඩු කටයුතුවලට සෘජුව ම සම්බන්ධ ස්වාධීන රාජ්‍ය නිලධාරීන්ව පාර්ලිමේන්තු උප කමිටු වෙත කැඳවා, ඔවුන් අධිකරණයේ දී දැක්වූ කරුණු සහ වෘත්තීය ස්ථාවර ප්‍රශ්න කිරීමට සහ විවේචනය කිරීමට දේශපාලනඥයින්ට ඇති අයිතිය කුමක්ද? මෙය අධිකරණ ක්‍රියාවලියට සහ සාක්ෂිකරුවන්ට සෘජුවම සිදු කරන බලපෑමක් සහ වක්‍ර තර්ජනයක් (Implied Threat) නොවේද?
2. බලවතුන් ඉදිරියේ වින්දිතයන්ගේ අසරණකම සහ ඒ වෙනුවෙන් NCPA කළ සටන:
නඩුවේ අනෙක් පැත්තේ සිටින්නේ අතිශය බලගතු, ආගමික සහ සමාජයීය වශයෙන් ප්‍රබල පාර්ශවයකි. එවැනි පසුබිමක වින්දිත දැරිය සහ පවුල කොතරම් දුර්වල සහ අවදානම් සහගත තත්ත්වයක (Vulnerable) පසුවනවාද කියා සොයා බැලිය යුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය (Women Caucus) කරන්නේ කුමක්ද? ඔවුන් කරන්නේ ඒ බලපෑම් මැද වින්දිතයා වෙනුවෙන් "මයිලක් ඉදිරියට ගොස්" සටන් කළ ළමාරක්ෂක අධිකාරියේ නිලධාරීන් ගේ මානසිකත්වය වට්ටා, ඔවුන් අධෛර්යමත් කිරීමයි.
3. ප්‍රධාන මාධ්‍යවල නිහඬතාවය සහ තොරතුරු වසන් කිරීමේ උත්සාහය:
මේ බරපතළ අපරාධය සහ සැකකරු අත්අඩංගුවට ගැනීමට මසක් තිස්සේ පොලිසිය දැක්වූ මන්දගාමීත්වය (Lethargic approach) ගැන රටේ ප්‍රධාන මාධ්‍ය (Mainstream Media) සම්පූර්ණයෙන්ම නිහඬව සිටියේය. එවැනි පසුබිමක, ළමාරක්ෂක අධිකාරිය අධිකරණයේ දී යම් යම් කරුණු ප්‍රකාශ කිරීම, "යූටියුබ්කරුවන්ට ආයුධ සැපයීමක්" ලෙස මන්ත්‍රීවරිය විසින් විවේචනය කිරීම හාස්‍යජනක ය. ප්‍රධාන මාධ්‍ය වගකීම පැහැර හරිද්දී, විකල්ප මාධ්‍ය හරහා හෝ තොරතුරු ජනගත වීම වැළැක්වීමට උත්සාහ කරන්නේ කාගේ උනන්දුවකටද?
මෙහිදී පොලිසිය පාර්ශවයෙන් online safety act එක හෝ යොදාගෙන තොරතුරු සංසරණය වීම වළක්වන ලෙස ඉල්ලා ඇති බව වාර්තා වී තිබිණි. මන්ත්‍රීවරිය යූටියුබ් සහ සමාජ මාධ්‍ය පිළිබදව සිදු කරන ලද ප්‍රකාශ තුළින් ද අදහස් ප්‍රකාශ කිරීමට මිනිසුන්ට තියන අයිතිය අභියෝගයට ලක් කිරීමක් සිදු වේ.
OSA බඳු නීති අවලංගු කරන බවට ප්‍රතිඥා දුන් ආණ්ඩුවක්, විශේෂයෙන්ම, ප්‍රධාන මාධ්‍යවල සහාය වෙනුවට මෙවැනි විකල්ප මාධ්‍ය ක්‍රියාකාරීත්වය හරහාම බලයට පැමිණි පාලකයන්, අද තොරතුරු වාර්තා වීම දෙස මෙවැනි පටු කෝණයකින් බැලීම පුදුමසහගත ය.
4. අධිකරණය හමුවේ සක්‍රීයව විභාග වන නඩුවක් පවතිද්දීමේ නිලධාරීන්ව පාර්ලිමේන්තු කමිටු වෙත කැඳවීමේ නීතිමය පදනම කුමක්ද?
ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකම පදනම වන බලතල බෙදීමේ මූලධර්මය (Separation of Powers) අනුව ව්‍යවස්ථාදායකය (පාර්ලිමේන්තුව) සහ අධිකරණය ක්‍රියා කළ යුත්තේ එකිනෙකාගෙන් ස්වාධීනවය. අධිකරණය සතු නීතිමය බලතලවලට සහ විමර්ශන ක්‍රියාවලියට පාර්ලිමේන්තු කමිටු හරහා මෙලෙස මැදිහත් වීම ව්‍යවස්ථා විරෝධී මෙන්ම බලතල බෙදීමේ මූලධර්මය සෘජුවම උල්ලංඝනය කිරීමකි. මෙය නීතියේ ආධිපත්‍යය මුළුමනින්ම පාවාදීමක් නොවේද?
එවැනි තත්වයක් මාධ්‍ය විසින් හෝ සමාජය විසින් ප්‍රශ්න කිරීමේදී මහජන නියෝජිතයන්ට හුදෙක් පාර්ලිමේන්තු වරප්‍රසාද නමැති ලේබලයට මුවා වී වගවීමෙන් මිදිය හැකි ද?
මෙවැනි සංවේදී නඩු කටයුතුවල දී දේශපාලන අධිකාරිය හැසිරෙන ආකාරය පිළිබඳ සත්‍ය තොරතුරු මේ රටේ පොදු මහජනතාවට විනිවිදභාවයෙන් යුතුව දැන ගැනීමට අයිතියක් නැද්ද?
https://www.bbc.com/sinhala/articles/c621g9e5ek2o ('BBC සිංහල' ලිපියෙහි සබැදිය)
සටහන - Namini Panditha
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
