මීට වසර පහළොවකට පමණ සිට ඉල්ලා සිටින ජනමාධ්‍ය යුක්තිය තවමත් අප වෙත ලැබී නොමැති බැවින් අනාගතයේ බිහිවන මාධ්‍යවේදීන්ට ද මේ කොඩිය ඔසවාගෙන යෑමට සිදුවනු ඇතැයි ප්‍රවීණ මාධ්‍යවේදී දුමින්ද සම්පත් පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ මාධ්‍යවේදී සනත් බාලසූරිය විසින් රචිත ''Who is Lasantha? - රාජ්‍ය අපරාධකාරීත්වයේ අක්මුල් සොයා...'' කෘතිය ජනගත කළ අවස්ථාවේ දී ය.
ලංකා ඉතිහාසයේ සිදුවුණ ජනමාධ්‍ය ඝාතන බොහෝමයකට දේශපාලනය සම්බන්ධ බවත්, ඒ දේශපාලන ඝාතන සියල්ල වැළලී ගියා මිස කිසිවකට යුක්තිය ඉටු නොවූ බව ද හෙතෙම අවධාරණය කළේ ය.
මතු පළ වන්නේ එම අවස්ථාවේ දී දුමින්ද සම්පත් කළ සම්පූර්ණ කතාව අන්තර්ගත විඩියෝව යි.
මෙම වීඩියෝව උපුටා ගත්තේ Don Maya Unedited Sinhala දොන් මායා you tube නාලිකාවෙනි.

