අධ්‍යාපන ප්‍රතිසංස්කරණ බඳු බරපතළ ප්‍රතිසංස්කරණයක් කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ පමණක් නොව සිවිල් ජනතාව සමග ද සාකච්ඡා කළ යුතුව තිබුණේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එමෙන් ම අනාගතයේ දී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍ය වේද යන්න පවා සැක සහිත යැයි දීප්ති වැඩි දුරටත් පැවසී ය.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යනු කඩිමුඩියේ කළ හැකි දෙයක් නොවන බවයි. මේ වන විට එම ප්‍රතිසංස්කරණ අවුල් සහගත තත්ත්වයකට පත්ව ඇත්තේ ද එසේ කඩිමුඩියේ කිරීමට උත්සාහ කළ නිසා යැයි ද විපුල අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන - ජයසිරි අලවත්ත

