#newstube

  • Fitch Ratings අනතුරු අඟවයි !

    ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන 'ෆිච් රේටින්ග්ස්' ශ්‍රී ලංකාව පිළිබඳව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

  • Forbidden Love of a Buddhist Monk කෘතිය ''කසිණ'' මැයෙන් සිනමාවට

    කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සහ කොළඹ ජාත්‍යන්තර ආධ්‍යාත්මික පදනමේ ප්‍රධාන භාවනා කම්මට්ඨානාචාර්‍යයන් වහන්සේ ලෙස කටයුතු කරන පානදුරේ ආනන්ද හිමි  විසින් රචිත Forbidden Love of a Buddhist Monk නැමැති කෘතිය මෙම කෘතිය හැඟීම් නිසා ඇතිවෙන සිත් පීඩා, තමා තුළින්ම ජීවිතාවබෝධය ඇති කරගෙන නිදහස් වන ප්‍රායෝගික ආකාරය ජනගත කිරීම සඳහා ලියන ලද්දකි.

  • Free Lawyers වි.වි.ප්‍ර.කො. සභාවට එරෙහිව නඩු මගට 

    විශ්වවිද්‍යාලවල පීඨාධිපතිවරුන්, අංශාධිපතිවරුන් පත් කිරීම තවදුරටත් නවතා දමන්නේ නම්, තමන් එයට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව  Free Lawyers සංවිධානය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත ලිපියක් මගින් දැනුම් දී ඇත.

  • GMOA යළි වෘත්තිය ක්‍රියාමාර්ගයකට සුදානම් - වෛද්‍ය ප්‍රභාත් සුගතදාස

    නිදහස් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ලබා දුන් එකඟතා ක්‍රියාත්මක කිරීමට අසමත් වන්නේ නම් අඛණ්ඩ දීපව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ග මාලාවක්

  • GMOA යළි වෘත්තීය ක්‍රියාමාර්ගවලට ප්‍රවේශ වීමේ සූදානමක්

    රෝහල් පද්ධතිය මුහුණ දී ඇති ගැටලු විසඳමින් නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම ඕනෑම රජයක ප්‍රමුඛතම වගකීමක් වුවද, වත්මන් රජය හිතාමතාම එම වගකීම පැහැර හරිමින් කටයුතු කිරීමට උත්සාහ කරන බව නිරීක්ෂණය වන්නේ යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සඳහන් කරයි.

  • GMOA හෙට උදේ 8 සිට එක්දින සංකේත වැඩවර්ජනයක්

    හෙට (31) උදෑසන 08.00 සිට දීප ව්‍යාප්ත එක් දින සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

  • GMOA-රත්නප්‍රිය-කුමුදේශ්-දේවිකා සාකච්ඡාව ඒකාබද්ධ වෘත්තීය ක්‍රියාමාර්ග ගැන මිස වර්ජනයකට නොවේ

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සිය ප්‍රවාහන දීමනාව ඇතුළත් DAT දීමනාව වැඩිකිරීම, වෛද්‍යවරුන්ගේ අතිකාල පැය 120 ස්ථාවරකිරීම, 22/99 චක්‍රලේඛය ක්‍රියාත්මක කර වෛද්‍යවරුන්ටත් වාහන, ඉන්ධන ඇතුළත් පහසුකම ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ජනවාරි 22සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වේ.

  • Heart attack පිළිබඳව කළින් කියන Exercise ECG – වෛද්‍ය මහාචාර්ය නාමල් විජේසිංහ (වීඩියෝ)

    පුද්ගලයින් හට ඇතිවන පපුවේ වේදනා සියල්ල ම හෘද රෝග හේතුවෙන් ම ඇතිවන පපුවේ වේදනා නොවේ යැයි වෛද්‍ය මහාචාර්ය නාමල් විජේසිංහ පැවසී ය.

  • IMF එකටත් වැරැදුණු තැනක්

    දළ දේශීය නිෂ්පාදනයෙන් ප්‍රාථමික විදම විය යුත්තේ 13% ලෙස නියම කිරීම IMF ආයතනයට සිදු වු විශාල වැරැද්දක් යැයි වෙරිටේ රිසර්ච් ආයතනයෙහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිශාන් ද මෙල් පැවසී ය.

  • IMF කාර්ය මණ්ඩලය සෑහීමකට පත් වූයේ ඇයි...? - Ideas front වීඩියෝවක්

    IMF කාර්ය මණ්ඩලය මේ වන විට සෑහීමකට පත්ව සිටින්නේ: දිත්වා සුලි කණාටුවෙන් පසු ලංකාව වැඩ කරන ආකාරය, බදු එකතු කිරීම, විදුලිබල මණ්ඩලය කොටස් කර විකිණිම සහ ඇතැම් රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම යනාදි කටයුතු සම්බන්ධයෙන් යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.

  • IMF ණය කොන්දේසි ලිහිල් කර ගන්න රජයට කොන්දක් තිබිය යුතුයි

    දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇ. ඩොලර් බිලියන 4.1ක හානියක් සිදුව ඇති බවට වාර්තා වුව ද මීටත් වඩා හානි වි ඇති බැවින් මේ IMF ණය කොන්දේසි ලිහිල් කර ගැනීම වෙනුවෙන් රජයට කොන්දක් තිබිය යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

  • IMF පදේට නටන්නේ නැතිව රටේ කර්මාන්තශාලා හා ව්‍යාපාර රැකගන්න වැඩපිළිවෙළක් යොදන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

    ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් 52%ක දායකත්වයක් දළ දේශිය නිෂ්පාදනයට ලබා දුන්න ද ඊට සාපේක්ෂව පාස්කු ප්‍රහාරයේ සිට මැදපෙරදිග අර්බුදය දක්වා අර්බුද රැසකට මොවුන් මුහුණ දුන් බවත් IMG කොන්දේසියක් මත සෙස් බද්ද ඉවත් කරන්න රජය සූදානම් වීමෙන් දේශීය කර්මාන්තකරුවන්ට බරපතල අගතියක් සිදුව රැකවරණය අහිමි වන බවත් විපක්ෂ නායකවරයා පැවසී ය.

  • IMF ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ලබන සඳුදා දිවයිනට

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ලබන සඳුදා (16) තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

  • IMF හයවන වාරිකය ඉදිරි සති දෙක තුළ ලැබෙන බවට සහතිකයක්

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ණය මුදලේ සයවෙනි වාරිකය ඉතා ඉක්මනින් නිදහස් කිරීමට එකඟතාවය පළ කළ බවත් ඒ අනුව සයවැනි වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 350 ක පමණ මුදලක් සති දෙකක් තුළ මෙරටට ලැබෙනු ඇති බවත් මුදල් අමාත්‍යාංශය අද ප්‍රකාශ කළේය.

  • J.C.ට A.K.D. කිව්වේ මොනවාද?

    ජනාධිපති අනුර කුමාර දිසානායකට සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල හමුවුණා.


    මෙම හමුවීම සිදුවී ඇත්තේ පසුගිය (07) වැනිදා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේදී.

    ඵදින සවස 1.30ට පමණ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී භෝජනාගාරයෙන් දිවා ආහාරය ලබාගෙන ඉදිරියට පැමිණෙන විට එම ආලින්දයේදී ජේ.සී .අලවතුවල මන්ත්‍රීවරයා ද ඉදිරියට පැමිණියා.

    "ඉතින් කොහොමද මන්ත්‍රීතුමා මාවතගම තත්වය"යනුවෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විමසුවා.

    "වරදක් නැහැ, ජනාධිපතිතුමා වැඩ ටික කරගෙන යනවා" එසේ ප්‍රතිචාර දක්වා ඇත්තේ ජේ.සී. අලවතුවලයි.

    "මං නුවර යන ගමන් ඔබතුමාලාගේ ගෙවල් ගාවින්නේ යන්නේ. මං ගෙවල් පැත්ත බලාගෙන තමයි යන්නේ" යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

    "ආ.. එහෙමද ඔබතුමා පහුගිය දවස්වල නුවර ගියානේ එතකොට එතනින් යන්න ඇති නේද?"යනුවෙන් ජේ.සී. අලවතුවල මන්ත්‍රීවරයා කියා සිටි අවස්ථාවේදී "ඔව් "යනුවෙන් ඉතා සුහදව ජනාධිපතිවරයා ඊට ප්‍රතිචාර දැක්වූවා.


    මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවේදී මෙහි සිටියා.

    ජේ. සී අලවතුවල මන්ත්‍රීවරයාගේ නිවස පිහිටා ඇත්තේ මාවතගම, මිල්ලව , මල්ලවපිටිය යන ප්‍රදේශයේයි.


    මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල පිවිසුමේ සිට මහනුවර දක්වා යන මාර්ගයේ තුන්වෙනි කිලෝ මීටර් කණුව අසල ජේ.සී. අලවතුවල මන්ත්‍රීවරයාගේ නිවස පිහිටා තිබෙනවා.
     
     
     
     
     
  • JVP 3% සිට ජයග්‍රහණය දක්වා: ශ්‍රී ලංකා දේශපාලනයේ විශාලතම පෙරළිය - සුදත් චන්ද්‍රසේකර

    අවුරුදු දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකා දේශපාලනය, පාලනය කළ සම්ප්‍රදායික පක්ෂවල බලය අඛණ්ඩව පවත්වා ගෙන ආ විට, ජනතාව ගේ මනස තුළ ක්‍රම ක්‍රමයෙන් ගොඩනැගුණු  නො සතුට 2019–2024 කාලය තුළ විශාල දේශපාලන හැරවීමකට මග පෙන්වී ය. 2019 ජනාධිපතිවරණයේ දී 3% පමණ වූ ඡන්ද පදනමකින් ක්‍රියා කළ JVP නායකත්වය දරන මාලිමා සන්ධානය, කෙටි කාලයක දී රටේ දේශපාලන සිතියම මුළුමනින් ම වෙනස් කළ ආකාරය මෙහි විග්‍රහ කෙරේ.

  • K-Beauty ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර වෘත්තිකයකු වීමට ඔබටත් අගනා අවස්ථාවක්

    ලෝකප්‍රකට කොරියානු රූපලාවණ්‍ය කලාව (K-Beauty) පිළිබඳ වෘත්තීය දැනුම ලබාගනිමින් ජාත්‍යන්තර මට්ටමේ වෘත්තිකයකු වීමට සිහින දකින ශ්‍රී ලාංකීය තරුණ තරුණියන්ට දැන් ඒ සඳහා මහඟු අවස්ථාවක් උදාවී තිබේ.

  • Karl Marx ගේ 208 වන ජන්ම සංවත්සරය05වන දා...

    කාල් මාක්ස් ගේ 208වන ජන්ම දිනය නිමිති කරගනිමින් පවත්වන විශේෂ සමරු උත්සවය මැයි මස 05වන දා (හෙට) සවස 03.00ට කොළඹ 07, නිදහස් මාවතෙහි පිහිටි ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

  • Lanka business tv ගම්පහ "ව්‍යවසායකයා'' ව්‍යාපාරික සහ ආයෝජන සමුළුව

    Lanka business tv අතිශයින් ජනාදරයට පත් "ව්‍යවසායකයා" ව්‍යාපාරික සහ ආයෝජන සමුළුව අති උත්කර්ෂවත් අන්දමින් ලංකාදීප FT සමග එක්ව ව්‍යවසායකයින් ඇතුළු ආර්ථික දැනුම ලබාගැනීමට උනන්දුවන 250 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් කලගෙඩිහේනේ The Glassgow හෝටලයේ දී පසුගියදා පැවැත්වුණි.

  • LTL හෝල්ඩිංග්ස් වෙතින් "LTL මනුස්සකම" රට පුරා,

    LTL හෝල්ඩිංග්ස් සමාගම විසින්, මෑතකාලීන අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් පවුල්වලට සහාය වීම සඳහා දිවයින පුරා සහන වැඩසටහනක් දියත් කර ඇති අතර, "LTL මනුස්සකම" (LTL Humanity) යන නව වැඩසටහන යටතේ ක්‍ෂණික සහය මෙන්ම දිගුකාලීන යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රයත්න දෙකටම සහයෝගය දක්වනු ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න