Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

අනාගතයේ දී පක්ෂ දේශපාලනය අහෝසි වෙනවා - රනිල් වික්‍රමසිංහ

අනාගතයේ දී පක්ෂ දේශපාලනය අසාර්ථක වන බවත් පුද්ගල චරිත මත දේශපාලනය තීන්දුවන බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

විපක්ෂයේ පාර්ලිමේන්තු දේශපාලන කටයුත්ත තුළ විපක්ෂයේ කාර්යභාරය ඉතා වැදගත් වුව ද අද වන විට විපක්ෂයේ කටයුතු දැඩිව දුර්වල වී ඇතැයි ද ඔහු කියා සිටියි.

අභාවප්‍රාප්ත මනෝජා මධුවන්ති කරුණාරත්නගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ පස්වරුවේ බොරැල්ල ජයරත්න මල් ශාලාව වෙත පැමිණියේය.

ඔහු ඉහත කාරණය සඳහන් කර ඇත්තේ එම අවස්ථාවට සහභාගි වූ මොහොතේ මාධ්‍යවේදීන් හා දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක් සමග ආ ගිය තොරතුරු පවසමින් සිටි මොහොතක ය.

''විපක්ෂයේ කටයුතු වෙනුවට “චරිත” ලෙස හැඳින්විය හැකි පුද්ගලයො කිහිපයක් පමණක් දේශපාලන කටයුතු කරමින් ඉන්න බව පෙනෙනවා. උදාහරණයක් විදියට: චාමර සම්පත් දසනායක, දයාසිරි ජයසේකර යන අයගේ දේශපාලන කටයුතු දකින්න පුළුවන්.'' යයි හිටපු ජනාධිපතිවරයා පවසා ඇත.

එම අවස්ථාවේ එහි සිටි රනිල් වික්‍රමසිංහගේ පෙර අනුගාමිකයන් වන වත්මන් සමගි ජන බලවේගය නියෝජනය කරන වරුණ රාජපක්ෂ සහ මහේෂ් සේනනායක යන අය විපක්ෂ සන්ධානය සම්බන්ධයෙන් විමසා ඇති අතර එහිදී රනිල් වික්‍රමසිංහ ක්ෂණිකව මෙසේ සඳහන් කර ඇත.

“සන්ධානයට සජබ නායකත්වය ගන්න දඟලන්නෙ මම ඒකට එකඟ නොවෙයි කියල හිතලනේ...  ඔය කියන විදිහට සමගි ජන බලවේගය සන්ධානයට නායකත්වය දරන එකට මම එකඟ වුණොත්, ඒ සන්ධානයේ ඊළඟ ගමන පිළිබඳව ඔයලට යම් යෝජනා/පිළියමක් තියනවද ?”

එම ප්‍රශ්න කිරීම හමුවේ වරුණ හා මහේෂ් දෙදෙනාම නිහඬ වී ඇත.

එසේම, දෙකට බෙදී තිබෙන එජාපය එකතු කර ශක්තිමත් කලයුතු යැයි යන අදහස මතු වූ විට, අනපේක්ෂිතව පිළිතුරුදී ඇති රනිල් වික්‍රමසිංහ “අනාගතයේ දී සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය දෙක ම දේශපාලන භුමිය තුළ අහෝසි වෙනවා. අද ශ්‍රී ලංකාවේ පමණක් නෙවෙයි. ලොව පුරාම Correctors politics මතු වෙලා තියෙනවා. ඒ නිසා පක්ෂ දේශපාලනය අසාර්ථක වෙලා යනවා.” යයි ද හිටපු ජනාධිපතිවරයා කියා ඇත.

 “ඇමරිකාවේ රිපබ්ලිකන් පක්ෂය දුර්වල වී තිබුණ ද ඩොනල්ඩ් ට්‍රම්ප් මගින් පක්ෂයේ බලය අල්ලාගත්තා. එසේම බ්‍රිතාන්‍යයත් එහෙමයි. ප්‍රංශ ජනාධිපතිගෙන් පවා යන අත දෙස අදහස් කළ නොහැකි යි” යයි ද රනිල් වික්‍රමසිංහ එහිදී වැඩි දුරටත් පවසා ඇත.

 

manoja rv