Toxic රහද? නැද්ද ? Toxic ද? මඩවලට මානසික ලෙඩක්ද?

Toxic රහද? නැද්ද ? Toxic ද? මඩවලට මානසික ලෙඩක්ද?

ආයෙත් Mohan Raj Madawalaගෙ Toxic කෘතිය ගැන පාඨකයන් අතර කතාබහක් ඇතිවෙලා තියන නිසා සහ ඒවයෙ පාඨකයන් පළකළ අදහස් කියවල බැලුවම මට toxic කෘතිය ගැන පෙර කියවන්නෙක් ලෙස මම පළකළ අදහස්වලට වැඩිදුර අදහස් කිහිපයක් එකතු කරන්න ඕන කියල හිතුවා.


ඊට කලින් මම ඔබට මතක්කරනවා මේ මගේ පුද්ගලික අදහස්, මේ අදහස් මගේ රැකියාවට හෝ ආයතනයට සම්බන්ධ නැහැ. සහ මේ අදහස්වලට වගකීම දරන්නේ මම පමණයි. ඒවගේම මේ අදහස් ස්වේච්ඡාවෙන් ම ස්වාධීනව ඉදිරිපත් කරන අදහස්. මේ අදහස්වලට කිසිවෙක්ගෙ බලපෑමක් නැහැ.

මගහැරෙන බර තැන්

Toxic, මම මඩවලයන්ගෙ කියවපු පොත්වලින් ඉතාම සාර්ථක කෘතියක් කියල බය නැතිව කියන්න පුලුවන්. මේ කෘතිය සම්බන්ධව අදහස් පළ කළ ගොඩක් අයට මේක සෙට් නෑ වගේ තේරෙන්නෙ මඩවලයන්ගෙ සාමාන්‍ය රචනා ක්‍රමයෙන් මිදිල ලියපු පොත් කීපයෙන් එකක් නිසා එකපාරට හුරු නැති ගතියක් දැනෙන නිසා කියල මම හිතනව. 

557259282 1386636016802009 2435595281571204859 n

 
මේක ලියල තියන සරල සහ වේගයෙන් එක හුස්මට කියවගෙන යන්න පුළුවන් ගතිය නිසා පොතේ තියන බර තැන් ගොඩක් කියවන අයට මගහැරෙනවා. එනිසා මම spoil නොකර කියවන අයට මෙහෙම ඉඟි ටිකක් දෙන්නම්.


Toxic කියවන විදිය

සරලව වේගයෙන් කියවන්න පුළුවන් උනාට වේගයෙන් යන්න එපා. හැම සිදුවීමක ම, දෙබසක ම යටිපෙළ හොයාගන්න උත්සාහ කරන්න.

මේ සමහර සිදුවීම් සිතිවිලි මනෝ විද්‍යාවෙ කියල දෙන සංරක්ෂණ ප්‍රයෝග, හීනමානය, මනෝ භ්‍රාන්ති, multiple personality disorder, කියන දේවල් එක්ක සම්බන්ධ බව හිතේ පැත්තක තියාගෙන කියවන්න.
 
shutterstock 93571300
එතකොට කතාව තේරෙන්න ගනීවි
 
මගේ පුද්ගලික මතය අනුව මේ වතාවෙ මඩවලයන් ඉතාම හොඳ මාතෘකා කීපයක් කරළියට ගෙනැල්ල තියෙනවා. පවුලෙන්, සහෝදර සහෝදරියන්ගෙන් සහ සමාජයෙන් දරුවන්ට එල්ලවෙන විෂ සහිත බලපෑම්, ඒ නිසාම දරුවන්ට ඇතිවෙන මනෝව්‍යාධි, සහ අපහරණයට ලක්වීම්, පවුලෙන් සමාජයෙන් බුලි වෙන දරුවෙක්ගෙ අත්දැකීම් ජීවිතය පුරාවටම බලපාන ආකාරය, වෛරීසහගත හැසිරීම්වලට හේතු, අහිමිවීම්වල වේදනා මකාගන්න මිනිස්සු සංරක්ෂණ ප්‍රයෝග යොදාගන්න ආකාරය.

මේවගේ එකී මෙකී නොකී ගොඩක් දේවල් මේ පොත ඇතුලෙ කතාවෙනව.

යටිපෙළ සමග ගැඹුරු අධ්‍යනයක්

ඒනිසා "මඩවල කියන්නෙ මානසික ලෙඩෙක්"ද? නැද්ද? කියන්න මම දන්නෙ නෑ, ඒත් මඩවල Toxic කෘතියෙන් මානසික රෝග සහ සංකූලතා ගැන සෑහෙන කතාකරල තියන බවනම් තේරෙනවා. එනිසා මේ පොත සරලව සාමාන්‍ය නවකතාවක් විදිහට උඩින් කියවගෙන ගියොත්... ඔව් මම ඔබ එක්ක එකඟයි මේක අසාර්ථක කෘතියක්. ඒත් ඔබ මම කියපු යටිපෙළ එක්ක ගැඹුරු අධ්‍යනයක් එක්ක මේ පොත කියෙවුවොත් මඩවලයන්ගෙ බොහෝ කෘතිවලට වඩා ප්‍රායෝගික සමාජ ප්‍රශ්ණ ගැඹුරින් කතාකල රහ පොතක් වෙනව කියල මට විශ්වාසයි. 
 
 
567290176 1404649725000638 7913514956242091193 n 
අනික් කාරණය මේකෙ අවසානය අපහැදිලි වීම සමහර පාඨකයින්ට මේ පොත සෙට් නොවෙන්න එක හේතුවක් කියල මට කමෙන්ට් බැලුවම තේරුණා. ඇත්තට ම ඒක පොඩි puzzle එකක්. අන්න ඒ puzzle එකට උත්තරෙ මම ඔය උඩ කියපු කාරණා එක්ක හැංගිල තියනවා.

මගේ කියවීමේ ඇත්ත

මේ මම පොත ගැන මීට කලින් කළ අදහස් දැක්වීමක්. ඒකෙත් මම වෙනස් මට්ටමකින් අදහස් දක්වල තියෙනවා.


565136570 25426050830313826 7400347939932736698 n 1

කොහොම උනත් අපි එකිනෙකාගෙ රසවින්දන මට්ටම් සහ අවශ්‍යතා විවිධාකාර නිසා සමහර පොත් සෙට් වෙන්නත් පුළුවන්; නොවෙන්නත් පුළුවන්. වටින්නෙ මේවගේ කෘති ගැන සංවාද මෙහෙම ගොඩනැගෙන එක සහ ඒගැන සංයමයෙන් අදහස් හුවමාරු කරගන්න එක. මේ කෘතිය ගැන තමන්ට දැනුන දේ අනුව විවේචන කරපු අදහස් දක්වපු ගල් මුල් එල්ල කල හැමෝටම පාඨකයෙක් විදිහට මම ස්තුති කරන්නම ඕන. මොකද සංවාද ඇතුළෙ අපි හැමෝට ම ඉගනගන්න බොහෝ දේවල් තියෙනව සහ සංවාදයක් ගොඩනැගෙන්නෙ නැති උනාම ඒ අවස්ථා මගහැරිල යනවා. මම පුද්ගලිකව මේ සංවාදවල පළවෙච්ච අදහස් කියවල ඉගනගත්ත දේ බොහෝමයි.

ඔය toxic ගැන මගේ toxic නොවන අදහස. මේ අදහස toxic විදිහට බාර නොගෙන කැමතිනම් එකඟ වෙන්නත්, කැමතිනම් toxic වෙන්නත් නොවෙන්නත් ඔබට නිදහස තියෙනවා
 

(Naveen Srimal)

-උපුටා ගත්තේ grantha.lk පාඨක සමාජය Face book පිටුවෙන්

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න