එළඹෙන සිංහල අලුත් අවුරුද්දට පෙර ඇමරිකාව සහ ඉරානය අතර පවත්නා යුද්ධය අවසන් වන්නේ යැයි පසුගිය මාර්තු 26වන දින රටට හෙටක් - Ratata Hetak yoy tube නාලිකාව ඔස්සේ අනාවැකියක් පළ කළ දේශපාලන සහ ආර්ථික විද්‍යා උපදේශක අශෝක අභයගුණවර්ධන පැවසී ය.
ඔහු ගේ අනාවැකිය පළ දරමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දෙසතියක යුද විරාමයක් ප්‍රකාශයට පත් කර ඇත.
අද විශේෂ විඩියොවක් නිකුත් කරමින් අශෝක අභයගුණවර්ධන පවසන්නේ ඍජු සාම සාකච්ඡා නොමැතිව ම යුද්ධය නැවතුණු බවයි. ඉන් නොනැවතෙන හෙතෙම පවසන්නේ ඉදිරියේ දී ලෝකය ම යථාතත්වයට පත්වන පත්වන බවයි.
එමෙන් ම රටත් යලිත් යථාතත්වයට පත්වන අතර බලය ඩැහැගැනීමට කුරුමානම් ඇල්ලූ විපක්ෂයට යනඑන මං නැති වන බව ද හෙතෙම අවධාරණය කරයි.
මතු පළ වන්නේ අශෝක අභයගුණවර්ධන මෙවර ඉදිරිපත් කරන සම්පූර්ණ වීඩියෝව යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
