තමන් විසින් භාරදී ඇති තම වත්කම් බැරකම් ප්‍රකාශය පිළිබඳව තමන්ගෙන් ප්‍රශ්න නොවිසුමන ලෙස දෙරණ 360 නාලිකාවේදී අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මාධ්‍යවේදී කවිඳු කරුණාරත්නට ඊයේ දැනුම් දුන්නේය.
එසේම අඳාළ වත්කම් බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පවතී නම් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කරන ලෙසද ඔහු එහිදී ඉල්ලා සිටියේය.
එමෙන්ම ඔහු තමන්ගේ වත්කම් සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමට මාධ්‍යයට අවස්ථාව ලබාදිය නොහැකි බව ද ප්‍රකාශ කර සිටියේය.
ඒ අනුව අමාත්‍යවරයා සඳහන් කළේ තව වත්කම් බැරකම් ප්‍රකාශ කර ඇත්තේ දකින කෙනාට පාරෙදි හම්බවුණාම හම්බ වූ අවස්ථාවල ප්‍රශ්න කිරීමට නොවන බවය.
කෙසේ වෙතත් උණුසුම් සංවාදයකින් අනතුරුව මාධ්‍යවේදියා තම ප්‍රශ්නය ඇසීමේ අයිතිය ලබා ගත්තද එහිදී විමසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දීම ඇමතිවරයා ප්‍රතික්ෂේප කළේය.
'' අපි දෙන්නා මෙතන විභාගයක් කරන එක සාධාරණ නැහැ. මේක ක්‍රමය නෙවෙයි. මම ඕකට උත්තර දෙන්න බැඳිලා නැහැ. අල්ලස් හෝ දූෂණ කොමිෂම මේවා ප්‍රසිද්ධ කරල තියෙන්නෙ දකින දකින කෙනාට පාරදි හම්බුනාම අහල ප්‍රශ්න කරන්න නෙමෙයි. හරිද?. පරීක්ෂණ ක්‍රියාවලියක් ඇතුළෙ ඕන කෙනෙකුට පුළුවන් අදාල වත්කම් බැරකම් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ලිඛිතව අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාවට ඉදිරිපත් කරලා පරීක්ෂණයක් ඉල්ලන්න"
එහිදී විමසන ලද ප්‍රශ්ණ වෙනුවෙන් උත්තර දැක්වීද ඇමතිවරයා ප්‍රතික්‍ෂෙප කලේය.


ආන්දෝලනයට තුඩුදුන් 6 ශ්‍රේණිය ඉංග්‍රීසි විෂයේ මොඩියුලය මුද්‍රණය කිරීම සඳහා රුපියල් මිලියන 61කට ආසන්න මුදලක් වියදම් වී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව පවසයි.
78 වන ජාතික නිදහස් දිනය අප විසින් සමරනු ලබන්නේ, අභියෝග රැසක් මධ්‍යයේ වුව ද රට ආර්ථික වශයෙන් ස්ථාවරභාවයක් අත්පත් කර ගනිමින් ඉදිරියට යමින් සිටින ඓතිහාසික මොහොතක ය.
එකල සිටි නායකයින් දූරදර්ෂි ලෙස වැඩ කළ බැවින් රට නොබෙදී ඉතිරි වූ බවත්, ඒකීය ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමට හැකි වූ බවත්. එබැවින් අද 78වන නිදහස් දිනය අභිමානවත් ලෙස සැමරිය යුතු යැයි දිනන දකුණ සාමූහිකය විධායක සභික නිශාන්ත ශ්‍රී වර්ණසිංහ පැවසී ය.
එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්තර උත්සවය බත්තරමුල්ල මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී අද (20) පෙරවරු 9ට පැවැත්වේ.
"ඔබේ මතය දරන්න'' - ''ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය පරදවන්න එකට සිටගමු" යන තේමාව මුල් කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය මෙවර සංවත්සරය සමරනු ලබයි.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන පැවසූයේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර සියලු බලමුළු එකට එක්වන තෝතැන්නක් ලෙස මෙවර එජාප සංවත්සර සැමරුම හඳුන්වා දිය හැකි බවත් ජාති ආගම් කිසිදු භේදයක් නොසලකා සියලු දෙනා එක් කරන පක්ෂයක් ලෙස එදා මහාමාන්‍ය ඩී.එස්. සේනානායක ඇරැඹූ එක්සත් ජාතික පක්ෂය අදත් සියලු පාර්ශව එක් කරන " මහ ගෙදරක්" බවට පත්වීම සුවිශේෂී කාරණයක් වන්නේ යැයිද රුවන් විජයවර්ධන කීය.
පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සංවත්සර උත්සවයට සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු විපක්ෂයේ සියලුම පක්ෂ වලට ආරාධනා කර තිබෙන බව එජාප සභාපති වජිර අබේවර්ධන පැවසීය.
කෙසේවෙතත්, එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනයට විපක්ෂ නායක සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහභාගී නොවන බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.
නමුත්, එම පක්ෂය වෙනුවෙන් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු එම අවස්තාවට සහභාගී වීමට නියමිතය.
මෙම සංවත්සර රැස්වීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නීතිඥ නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විපක්ෂයේ සෙසු දේශපාලන නායකයන් පිරිසක් සහභාගි වීමට නියමිත බවද වාර්තාවේ.
ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත්වූ ආසියානු සංවර්ධන බැංකුවේ නව අධ්‍යක්ෂිකා ෂැනන් කව්ලින් ඇතුලු දූත පිරිස සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් ඊයේ (10)වැනිදා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු විය.
ඔකයාමා හි, වයස අවුරුදු 32 ක කාන්තාවක් වන කනෝ මහත්මිය, වසර තුනක විවාහ ගිවිස ගැනීමක වේදනාකාරී අවසානයෙන් පසු ChatGPT වෙත යොමු විය. උපදෙස් සහ ඇසුර අපේක්ෂා කළ ඇය, RSK Sanyo Broadcasting ට අනුව, චැට්බෝට්හි ස්ථාවර පැවැත්ම තුළ සැනසීම සොයා ගත්තාය.
බ්‍රිතාන්‍ය බී බී සී (BBC ) රූපවාහිනිය මගින් විකාශය කළ, ගාසා තීරයේ ළමුන් පිලිබඳ වැඩසටහනක්, විකාශ නීති උල්ලංඝනය කර ඇති බවට චෝදනා එල්ල වේ. එම වැඩසටහනේ පෙනී සිටි 13 හැවිරිදි පිරිමි දරුවකු, හමාස් රජයේ කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා බව වැඩසටහන තුළ අනාවරණය නොකිරීම ප්‍රේක්ෂකයින් නොමග යැවීමක් බව, බ්‍රිතාන්‍ය මාධ්‍ය නියාමන කාර්යාලය නිවේදනය කළේය.
එය, ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රාමාණික වංචන ක්‍රියාවක් බව එම කාර්යාලය පවසයි.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
UK regulator says BBC's Gaza documentary broke broadcasting rules
මෙම වසරේ නොවැම්බර් මාසයේදී, CFW විසින් විලාසිතා ක්ෂේත්‍රයේ නවමු අංශයක් කෙරෙහි අවධානය යොමු කරමින්, සිය නවතම විලාසිතා එළිදැක්ම හඳුන්වා දීමට නියමිතයි.
නාමල් රාජපක්ෂගේ නීති උපාධිය පිළිබඳ මාලිමා ආණ්ඩුවේ විමර්ශන සිදුවෙමින් පවතින අතරතුර EduRank නම් රටවල් 183ක විශ්වවිද්‍යාල 14,131ක විද්‍යාත්මක පත්‍රිකා 115,295,786ක දත්ත ගබඩාවක් ඇති ප්‍රමුඛ පෙළේ ශ්‍රේණිගතකිරීමේ ස්වාධීන ආයතනයක් විසින් එංගලන්තයේ City University of London නම් විශ්වවිද්‍යාලයේ විශේෂ ආදි විද්‍යාර්ථීන් 100 දෙනෙකුගේ ලැයිස්තුවක් ප්‍රසිද්ධ කර ඇත.
DNA ව්‍යුහය සොයාගැනීමේ පුරෝගාමියෙකු වූ අමෙරිකානු විද්‍යාඥ නොබෙල් ත්‍යාගලාභී ජේම්ස් වොට්සන් අභාවප්‍රාප්ත වී තිබේ.
Echo test යනු පපුව ආශ්‍රිත විවිධ තත්ත්ව පරික්ෂා කරන පරීක්ෂණයක් බව වෛද්‍ය මහාචාර්ය නාමල් විජේසිංහ පවසයි.
ජාතික අධ්‍යාපන ආයතනය මගින් 2025 වසරේ ප්‍රකාශිත English Language First Term Modules Grade 6හි අඩංගු කරුණු සහ ක්‍රියාකාරකම් දණ්ඩනීති සංග්‍රහයේ වගන්ති, අපරාධ විධි විධාන සංග්‍රහය, අසභ්‍ය ප්‍රකාශන පනත සහ ජාතික ළමා ආරක්ෂක පනතේ විධි විධාන උල්ලංඝනය වන බව Free Lawyers සංවිධානය සඳහන් කරයි කරයි.
සේවක අර්ථසාධක අරමුදල හෙවත් EPF අරමුදල බරපතළ ලෙස අවභාවිත කර ඇතැයි පර්යේෂණ විශ්ලේෂිකා ෂැලෝමි ලියනගේ පැවසුවා ය.
ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන 'ෆිච් රේටින්ග්ස්' ශ්‍රී ලංකාව පිළිබඳව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සහ කොළඹ ජාත්‍යන්තර ආධ්‍යාත්මික පදනමේ ප්‍රධාන භාවනා කම්මට්ඨානාචාර්‍යයන් වහන්සේ ලෙස කටයුතු කරන පානදුරේ ආනන්ද හිමි විසින් රචිත Forbidden Love of a Buddhist Monk නැමැති කෘතිය මෙම කෘතිය හැඟීම් නිසා ඇතිවෙන සිත් පීඩා, තමා තුළින්ම ජීවිතාවබෝධය ඇති කරගෙන නිදහස් වන ප්‍රායෝගික ආකාරය ජනගත කිරීම සඳහා ලියන ලද්දකි.
විශ්වවිද්‍යාලවල පීඨාධිපතිවරුන්, අංශාධිපතිවරුන් පත් කිරීම තවදුරටත් නවතා දමන්නේ නම්, තමන් එයට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව Free Lawyers සංවිධානය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත ලිපියක් මගින් දැනුම් දී ඇත.
නිදහස් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ලබා දුන් එකඟතා ක්‍රියාත්මක කිරීමට අසමත් වන්නේ නම් අඛණ්ඩ දීපව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ග මාලාවක්.
රෝහල් පද්ධතිය මුහුණ දී ඇති ගැටලු විසඳමින් නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම ඕනෑම රජයක ප්‍රමුඛතම වගකීමක් වුවද, වත්මන් රජය හිතාමතාම එම වගකීම පැහැර හරිමින් කටයුතු කිරීමට උත්සාහ කරන බව නිරීක්ෂණය වන්නේ යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සඳහන් කරයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සිය ප්‍රවාහන දීමනාව ඇතුළත් DAT දීමනාව වැඩිකිරීම, වෛද්‍යවරුන්ගේ අතිකාල පැය 120 ස්ථාවරකිරීම, 22/99 චක්‍රලේඛය ක්‍රියාත්මක කර වෛද්‍යවරුන්ටත් වාහන, ඉන්ධන ඇතුළත් පහසුකම ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ජනවාරි 22සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

