social phobia (සමාජ භීතිය) පරාජය කළ හැකියි | Sajana Perera

social phobia (සමාජ භීතිය) පරාජය කළ හැකියි | Sajana Perera

සමාජ භීතිය කියන දේ සමාජයේ බොහෝ දෙනා අතර අඩු වැඩි වශයෙන් දකින්න පුළුවන්.

අපි හැමෝට ම මිනිස්සු ඉස්සරහ කතා කරන්න, presentations ඉදිරිපත් කරන්න අලුත් පිරිසක් අතර ඉන්නකොට ටිකක් බය හිතුණත් Social Phobiaවලින් පෙලෙන අයට සාමාන්‍ය බයට වඩා භීතියක් තියෙනවා. ඒක දෛනික ජීවිතයට ම බලපාන මනෝවිද්‍යාත්මක තත්ත්වයක්.

Social phobia ඇති අය ගේ බාහිර සංකූලතා

 


Social phobia තියෙන කෙනෙකු ගේ මනස තුළ “මට කියන දේ පැටලෙයි ද...?”, “ලෝකෙ හැමෝම මාව විහිළුවක් කර ගනී ද", “මම කතා කළාම අනිත් අය පිළිගන්නේ නැති වෙයිද?” වගේ අතිශය self conscious හැඟීම් ඇතිවීම නිසා ඔවුන් සමාජ අවස්ථා, සාකච්ඡා, events දරුවන්ගේ පාසල් සාකච්ඡා, පුංචි දේ පවා avoid කරනවා. තමන්ව නොදැනීම සමාජෙන් ඈත්වීමක් සිදුවෙන්න පටන්ගන්නවා. Genetic influence, වගේම පාසල් තුළ bullying වීම යනාදි Early childhood experiences එතකොට Personality traits වගේම Brain chemistry එකත් social phobia තත්ත්වයට බලපාන කාරණයක්.

Social phobia ඇති අය තමන්ට මුහුණ දෙන්න වෙන අවස්ථාවල දී හදවත වේගෙන් ගැහීම, අතපය වෙව්ලීම , කම්පනය, මුහුණ රතු වීම, හුස්ම වේගය අඩු වීම, ශරීරය අප්‍රාණික වීම යනාදි ලක්ෂණ දකින්න පුළුවන්. ඒ වගේම අනිත් අයගේ විනිශ්චය ගැන අධික බය, සමාජ අවස්ථා ගැන constant anticipation fear එක වගේම "මම fail වේවි" කියන negative thinking එකත් ඔවුන් තුළ ඇතිවෙන්න පුළුවන්. මුහුණ මත embarrassment ගැන අධික හිතීම විශේෂයි.


Social phobia හේතුවෙන් විය හැකි දරුණු ම දේ

adobestock 596640327
එවිට Avoidance of gatherings, Public speakingවලින් මිදීම, Questions answer කරන එකට බය, Phone calls, video calls පවා avoid කිරීම දකින්න පුළුවන්.

අන්න එතකොට Social phobia එක නිසා වෙන්න පුළුවන් දරුණුම දෙය තමයි Opportunity loss එක. තමට කරගන්න පුළුවන් දේ පවා අහිමී වී යෑමේ ඉඩකඩ උපරිම වෙනවා. ඒ වගේම වැඩකටයුතු අතහැරීම, උසස්වීම් නැතිවීම, සබඳතා අඩු වීම, තනි වීම, මෙන්ම Self confidence පවා නැතිවී යනවා.

මේ නිසා depression එක develop වෙන්න පුළුවන්. Social Phobia තියෙන අය නොපෙනෙන internal struggle එකක ඉන්න කොටසක් කිව්වොත් හරි. මොකද ගොඩක් අය හිතන්නේ මේක කොහොමද බය වෙන දෙයක් වෙන්නේ, කතා කරන්න මොකටද බය වෙන්නේ කියලා. නමුත් Social Phobia කියන්නේ ඇබ්බැහිලා ගිය brain alarm system එකක්. Cognitive Behavioral Therapy, Thought patterns correct කිරීම. Avoid කරන්න ඉගෙන ගත්ත තැන්වලට exposure කිරීම Highly effective දෙයක්.

social phobia පරාජය කරන්නේ කෙසේ ද...?


A tranquil scene of a person practicing mindful breathing seated cross legged in a serene
ඒ වගේ ම Mindfulness & Breathing Techniques, Deep breathing වගේ ම Gradual Exposure කිරීම හොඳ ම බෙහෙතක්. ඒ කියන්නේ පුද්ගලයෙක් එක්ක කතා කරන්න, කණ්ඩායමක් තුළ කතා කරන්න, Stage speaking practice කරන එක උදව් වෙන්න පුළුවන්. ඒ වගේම Positive self talk තුළින් මෙය වෙනස් කිරීමට උදව් ගන්න පුළුවන්. අවශ්‍යම වුනොත් Medication වගේ ම Psychiatrist guidanceවලින් සහනයක් ගන්න පුළුවන්. විශේෂ ම දේ Social skills training. ඒ කියන්නේ Eye contact, voice tone, brief conversations social skills dedevelop කරගන්න උදව් වේවි.

නමුත් අපේ සමාජය තුළ ලොකුම ගැටලුව Social Anxiety ඇති අයට හිනාවෙන්න, ‘කතා කරන්න බෑනෙ’ කියලා විශේෂයෙන් උලුප්පා පෙන්වන එක, ඔවුන් කොන් කිරීම. නමුත් ඒ අය ප්‍රතිකාර ලැබිය යුතු අය කියලා සමාජය තුළ අවබෝධය අඩුයි.

Social phobia overcome කරන්න පුලුවන් .කුඩා පියවරවල් ගන්න. තවදුරටත් මග හරින්නේ නැතුව මුහුණ දීමෙන් මේ තත්වයෙන් මිදෙන්න පුළුවන්. ඔයා අත ඇරලා දාපු ජීවිතේ social phobia එක්ක මරලා දාන්න එපා; ශක්තිමත් වෙන්න; බය, බය කරලා ජීවිතේ විදින්න මුහුණ දෙන්න පටන් ගන්න.



(Sajana Perera)
 Psychological Counsellor

(උපුටා ගත්තේ අහස් ඉම face book පිටුවෙන්)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න