Uber සහ PickMe යනාදි ආයතන වෙත සේවා සපයන පිරිස ගේ ගැටලු පිළිබඳව රාජ්‍යය මැදිහත් විය යුතු යැයිදේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එසේ නොවුන හොත් ඊළඟ කැරැල්ල පැන නගින්නේ ඔවුන් අතරින් විය හැකි යැයි ද හෙතෙම අනතුරු ඇඟවී ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන - ජයසිරි අලවත්ත

