එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ආපදා ආධාර රැගත් තවත් ගුවන් යානා 02ක් අද (3) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය.
එරට ගුවන් හමුදාවට අයත් විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා දෙකක් වන C-17 වර්ගයේ යානා අබුඩාබි නුවර සිට මෙරටට ළඟා විය.
ආපදා සහන මෙහෙයුම් සඳහා යොදාගන්නා වාහන සහ ආහාර මෙම භාණ්ඩ තොගය අතර වේ.
මෙම ආධාර තොගය භාරගැනීම සඳහා මෙරට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කාර්යාලයේ නිලධාරීන්, ආරක්ෂක අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් පිරිසක් ද ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
