Panic attack තත්ත්වයට ගොදුරු වූ තරුණ පිරිස් රට පුරාම

Panic attack තත්ත්වයට ගොදුරු වූ තරුණ පිරිස් රට පුරාම

සිතේ ඇතිවන දරාගත නොහැකි අනියත බියක් හේතුවෙන් හටගන්නා මානසික ව්‍යාකූලතාව හෙවත්

Panic attack තත්ත්වයට පත්වූ දරුවන් 9ත් 20ත් අතර පිරිසක් සතියකට බදුල්ල මහ රෝහලට ප්‍රතිකාර සඳහා රැගෙන එන බව බදුල්ල රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරි පාලිත රාජපක්‍ෂ මහතා පවසයි.

මීට අමතරව මෙම තත්ත්වයට ගොදුරු වූ තරුණ තරුණියන් 7 ක් 8 ක් පමණ සතියකට බදුල්ල රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වෙත රැගෙන එන බවද ඒ මහතා කීය.

 

 

Panic attack තත්ත්වයට මුහුණදෙන තරුණ කණ්ඩායම් ලංකාව පුරාම වාර්තා වන බවත්, දරුවන් හා දෙමාපියන් අතර තිබෙන සබඳතා බිඳවැටීම, එකිනෙකාට ආදරය නොකිරීම, ජීවන රටාව කොටුවීම, තරගකාරීත්වයක් නොමැතිවීම, ආදර සබඳතා බිඳවැටී සිත ව්‍යාකූලත්වයට පත්වීම මෙම රෝග තත්ත්වයට ප්‍රධාන හේතු ලෙස හඳුනාගෙන ඇතැයි ද වෛද්‍යවරයා කියයි.

 

 

අන්තර්ජාල භාවිතයට වැඩිපුර නැඹුරුවීම මීට ප්‍රධාන හේතුව ලෙස හඳුනාගෙන ඇතැයි ද මෙම නැඹුරුව හේතුවෙන් දරුවන්ගේ සාරධර්ම වේගයෙන් පිරිහෙමින් පවතින බවද ඒ මහතා කීය.

මෙලෙස රෝහල්ගත කරන දරුවන් අතර කරකැවිල්ල, ක්ලාන්තය, පපුවේ කැක්කුම, අතපයේ හිරිගතිය, හුස්ම ගැනීමේ අපහසුතාව, අත්පා දරදඬුවීම, තොල කට වියළි බව, අධික ලෙස දහඩිය දැමීම, සිහිමද බව දක්නට ලැබෙන බවද ඒ මහතා කියා සිටියේය.

එවැනි දරුවන් හා තරුණයන්ට මානසික ඒකාග්‍රතාව යහපත්ව පවත්වාගෙන යෑමට මානසික වෛද්‍ය උපදේශනය ඉතා වැදගත් බවද එබැවින් එවැනි අය වහාම වෛද්‍යවරයකු වෙත කැඳවාගෙන ඒම ඉතා වැදගත් බවද හෙතෙම පැවසීය.

මෙම තත්ත්වය අසනීපයක් නොවන බවත් එවැනි දරුවන්ට පැහැදිලි කරදීම වෛද්‍යවරුන් විසින් සිදුකරන බවත් දැනට දිනකට මේ සම්බන්ධව විමසා දුරකථන ඇමතුම් 100 ක් පමණ ලැබෙන බවද වෛද්‍යවරයා කියා සිටියේය.

සටහන :
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
එච්. එම්. සමරකෝන් බණ්ඩා

උපුටා ගැනීම - lankacnews

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න