SVAT අහිමි නොකරන ලෙසත්, එය රටේ අපනයන අභිමුඛ කර්මාන්තකරුවන්ට හානිදායක තත්ත්වයක් ඇති කරනු ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, IMF නියෝජිතයන් හමුවේ පවසා තිබේ.
IMF නියෝජිත කණ්ඩායම සමග සමගි ජන බලවේගය, සමගි ජන සන්ධානයේ නියෝජිතයන් සාකච්ඡාවකට යොමු වූ බවත් ඔක්තෝබර් 1 වැනිදා සිට ක්‍රියාත්මක S VAT පහසුකම ඉවත් කිරීම නිසා අප රටේ අපනයනකරුවන්ට විශාල හානියක් සිදුවන නිසා S VAT පහසුකම ඉවත් කිරීම වහාම නතර කරන ලෙසත් ඒ සඳහා පියවරක් ගන්නා ලෙසත් එය අප රටේ අපනයන ක්ෂේත්‍රයට හිතකර දෙයක් බවට පෙන්වා දුන් බවත් S VAT පහසුකම අප රටේ අපනයනකරුවන්ට අහිමි කිරීමෙන් පසු එයට විකල්පයක් ලෙස ඇති වැඩපිළිවෙළක් රජයේ පැත්තෙන් බිහිවී නොමැති බවට IMF නියෝජිතයන්ට පෙන්වා දුන් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී අද (02) IMF නියෝජිත පිරිස හමුවූ අවස්ථාවේදීය.
දුප්පත්කම නැති කරන්න ඒකාග්‍රතාවයෙන් යුක්ත නව වැඩපිළිවෙළක් අවශ්‍යයි
අප රටේ ඇති දුප්පත්කමට විසඳුමක් තිරසර ලෙස ක්‍රියාත්මක නොවන බවත් අස්වැසුම වැඩසටහන තුළින් පාරිභෝජනයට ශක්තියක් ලැබුණත් ආයෝජන ඉතිරි කිරීම් නිෂ්පාදන හා අපනයන යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් නොමැති වීම නිසා රටෙන් 50%ක් දුප්පතුන් වී ඇති බවට පර්යේෂණවලින් අනාවරණය වී ඇති බව IMF නියෝජිතයන්ට පෙන්වා දුන් බවත් මේ භයංකාර තත්ත්වය පෙන්වා දී දුප්පත්කම තුරන් කිරිමේ යම් ඒකාග්‍රතාවයෙන් යුක්ත තිරසර වැඩසටහනක අවශ්‍යතාව පෙන්වා දුන් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
පරාටේ නීතිය නිසා අගතියට පත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ආරක්ෂා කර ගත යුතුයි
එසේම රටේ ආර්ථිකයට සහ රැකියා නියුක්තියට විශාල දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් පරාටේ නීතිය ක්‍රියාත්මක වීම නිසා විශාල අගතියකට පත්ව ඇති බව පෙන්වා දුන් බවත් අවස්ථා කිහිපයකදී පරාටේ නීතිය ක්‍රියාත්මක වීම අත්හිටවූවත් ඊට සමගාමීව ණය ප්‍රතිව්‍යුහගතකරණය, ණය හා පොළිය කපා හැරීම වැනි වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක නොවීම නිසා ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් අසරණ වී ඇති බවට IMF නියෝජිතයන් පෙන්වා දුන් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
මේ අනුව කරුණු ගණනාවක් හරහා IMF ක්‍රියාවලිය තුළ රටේ ජනතාව සමාජ ගැටලු රැසකට මුහුණ දෙමින් ඇති මොහොතක ජනතාවට සහන හා ශක්තිය ලබා දීමට මීට වඩා වැඩිදියුණු වූ IMF වැඩපිළිවෙළක අවශ්‍යතාව පෙන්වා දුන් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට IMF සංවිධානය නියෝජනය කරමින් Mr Evan Papageorgiou (IMF Mission Chief) සහ Ms Martha Woldemichael (IMF Resident Representative) මෙන්ම සමගි ජන බලවේගය, සමගි ජන සන්ධානය සහ විපක්ෂය නියෝජනය කරමින් ආචාර්ය හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, එරාන් වික්‍රමරත්න, රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම්, හර්ෂණ රාජකරුණා සහ එස්. එම්. මරික්කාර යන මන්ත්‍රීවරුන් එක්විය.
