ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තේ සන්නාමයක් වන වටවල තේ (Watawala Tea) සමාගම, නිකුත් කළ ‘Him, Her and Them’ (ඔහු, ඇය සහ ඔවුන්) කෙටි චිත්‍රපටය පිළිබඳ මහජන ප්‍රතිචාර සහ විවේචන මතුවීමෙන් පසු, එම චිත්‍රපටය සියලුම ඩිජිටල් වේදිකාවලින් ඉවත් කිරීමට තීරණය කර ඇත.
වටවල තේ සමාගම නිකුත් කළ නිල ප්‍රකාශයක සඳහන් වූයේ, සමාගම ශ්‍රී ලාංකේය පවුල්වල උණුසුම සහ එකමුතුකම ගරු කරන බවත්, පාරිභෝගිකයන්ගේ අදහස්වලට ගෞරව දක්වමින් මෙම පියවර ගත් බවත් ය.
“ශ්‍රී ලංකාවේ වඩාත් ආදරණීය තේ සන්නාමයක් ලෙස, වටවල තේ සැමවිටම ජනතාව එක්තැන් කිරීම විශ්වාස කරන අතර, අපගේ කතාන්දර තුළින් ශ්‍රී ලාංකේය පවුල්වල උණුසුම හා ශක්තිය දිගු කලක් සමරා ඇත.
අපගේ මෑත කෙටි චිත්‍රපටය වන ‘Him, Her and Them’ නිර්මාණය කළේ ද එම උදාර අරමුණ පෙරදැරිවය. එය පවුල් ජීවිතයේ එදිනෙදා හැඟීම් මෙන්ම, සෑම දරුවෙකුම තමන්ගේම ආකාරයෙන් ඉගෙන ගන්නා ශක්තිය හා සංවේදීතාව අතර සමබරතාවය පිළිබිඹු කිරීමට අදහස් කරන ලදී.
කෙසේ වෙතත්, මෙම චිත්‍රපටය අප කිසිසේත් අපේක්ෂා නොකළ ආකාරයෙන් අර්ථකථනය වී ඇති බවත්, අපගේ වටිනා පාරිභෝගිකයන් කිහිප දෙනෙකු අතර එය අපහසුතාවයක් හෝ කනස්සල්ලක් ඇති කර ඇති බවත් අපි තේරුම් ගනිමු.
ඒ ගැන අපගේ කණගාටුව පළ කරමු.
සන්නාමයක් ලෙස, අපි ඔබ සැමගේ අදහස්වලට සවන් දෙන අතර, පරම්පරා ගණනාවක් පුරා ශ්‍රී ලාංකේය පවුල් එක්සත් කරන පොදු වටිනාකම් කෙරෙහි ගරු කරමින්, මෙම චිත්‍රපටය අපගේ වේදිකාවලින් ඉවත් කිරීමට තීරණය කර ඇත්තෙමු.
අපගේ පාරිභෝගිකයන්, සේවකයන් සහ සුභ පතන්නන් මෙන්ම, අපේක්ෂිත පණිවිඩයට සහයෝගය දැක්වීමට ඉදිරිපත් වූ සහ අර්ථවත් ප්‍රතිචාර අප සමඟ බෙදා ගත් සියලු දෙනාට අපගේ හෘදයාංගම කෘතඥතාව පළ කරමු.
අප තවදුරටත් ජනතාව එකට එක් කරන, අප බෙදා ගන්නා සෑම තේ කෝප්පයකම ඇති සුවපහසුව, කරුණාව සහ සම්බන්ධතාවය සමරන කතාන්දර ඉදිරිපත් කරන්නෙමු”
මෙම කෙටි චිත්‍රපටය සමාජ මාධ්‍ය හරහා දැඩි ලෙස විවේචනයට ලක් වූ අතර, මෙම කෙටි චිත්‍රපටය පවුල් අගයන් හා සාරධර්මයන් සම්බන්ධයෙන් විවෘත සංවාදයක් ගෙන ආ බවත්, එය විවිධ අදහස් හා විවේචන මතුවීමට හේතු වූ බවත් වාර්තා වේ.
"අසූවේ පරපුරෙන් සන්නද්ධව" මා විසින් රචිත ග්‍රන්ථයේ දෙවන මුද්‍රණයේ පිටපතක්, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගට පසුගිය පෙබරවාරි 26 වෙනි දින පිළිගැන්වීමට මට අවස්ථාවක් ලැබිණි.
ලොව පුරා විසිරී සිටින කිතුනු බැතිමතුන් මහත් බැතියෙන් සමරන පාස්කු මංගල්‍යය සඳහා සූදානම් වන "චතාරික සමය" (Lent Season) අදට යෙදී ඇති අළු බදාදා දිනයත් සමග නිල වශයෙන් ආරම්භ විය.
ගීතයක් යනු සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයකි. එහි මූලික පදනම සකස් වනුයේ ගී තනුව (මෙලඩිය), සංගීත සංයෝජනය, පද රචනය සහ ගායනය යන අංගවලිනි. මීට අමතරව ගීතය වෙනුවෙන් පිරිවැය දරන නිෂ්පාදකවරයා ද මෙහි ලා ප්‍රමුඛ වේ.
"දැන් නම් අමාරුයි" යන තේමාව යටතේ මහජනතාව, සිවිල් සංවිධාන, දිනන දකුණ සාමූහිකයේ මූලිකත්වයෙන් අද (01) දිනයේ කොළඹ නගරය ආශ්‍රිතව සංකේතාත්මකව විරෝධතා මාලාවක් සංවිධානය කර ඇත්තේ විදුලි බිල, ගෑස් මිල සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම හමුවේ පීඩාවට පත් ජනතාවගේ වේදනාව නිරූපණය කරනු පිණිසය.
"දිට්වා" සුළි කුණාටුවේ බලපෑම නිසා ඇති වූ අධික ගංවතුර තත්ත්වය හේතුවෙන් මෙරට වෙරළ තීරයේ කිලෝමීටර් 143.03ක ප්‍රමාණයක් දූෂණයට ලක්වී ඇති බව සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය පවසයි.
ශ්‍රී ලංකා පත්‍රකලා සංගමයට වසර 70ක් සපිරීම නිමිත්තෙන් සම්පාදිත විශේෂ අධ්‍යයන කෘතිය වන "පත්‍රකලා ප්‍රසාදිනී'' ජනගත කිරීම ජනවාරි 31වන දා පස්වරු 02.30 ට කොළඹ 07, නිදහස් මාවතේ පිහිටි රුසියානු සංස්කෘතික මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත් වේ.
තමන්ගේ ප්‍රධාන අරමුණ ලංකාවේ සිනමාව ජාත්‍යන්තරයට ගෙන යාම බවත්, පිළිගත් සන්නාමයක් යටතේ ඉදිරිපත් වන ගුණාත්මක චිත්‍රපටවලට ඉහළ ඉල්ලුමක් තිබෙන බව චිත්‍රපට නිෂ්පාදක හා ව්‍යාපාරික ශාන්ත ගීතදේව පවසනවා.
මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 ක මුදල් පරිගණක හැකර් කෙනෙකු අතට පත් වී තියේදැයි පාර්ලිමෙන්තුව හරහා විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා free lawyers සංවිධානය කතානායක වෙත ලිපියක් භාර දී ඇත.
"මහින්ද සුළඟ සමග නාමල් සුවඳ" ළඟදීම දියත් කෙරෙන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආරංචි මාර්ග සඳහන් කරන අතර ඒ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නවතම දේශපාලන ව්‍යාපෘතිය ලෙසයි.
මෙයට පෙර ''මහින්ද සුළඟ'' ආරම්භ කළා සේ මෙම නව දේශපාලන ව්‍යාපෘතියද දියත් කෙරෙන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජ්‍යෙෂ්ට ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තංගල්ලේ රැඳී සිටිමින් පාක්ෂික හමුවීම් ඇතුළු දේශපාලන කටයුතු පසුගියදා ආරම්භ කළේය.
නුතන ධනවාදය අපේ ජන-සමාජයට කරමින් ඉන්නේ කුමක්ද යන වග පිළිබඳව කිසිවකුට මේ යුගයේ දී අදහසක් නැත. එය මුළුමනින් ම පුද්ගලයින්ව සාමූහිකභාවයෙන් ඉවත්කර පුද්ගලික සෛල බවට වේගයෙන් පරිවර්තනය කරමින් සිටී.
ශ්‍රී ලංකාවෙන් ලෝක සිනමාවට ඉදිරිපත් වන ශක්තිමත් නිර්මාණාත්මක හඬක් ලෙස අධ්‍යක්ෂක U.A. Palliyaguru විසින් නිර්මාණය කරන ලද Red Easter මේ වන විට ජාත්‍යන්තර මට්ටමින් විශාල අවධානයක් දිනාගෙන ඇත.
මෙරට විද්‍යුත් මාධ්‍ය සන්නිවේදනයේ මහදැනමුත්තා වන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව පසුගියදා සිය සියවන උපන්දිනය සැමරුවා. ඒ වෙනකොට ඔහු ස්වාභාවික මරණයකට පත්වී දශක හතරක් විතර ගත වෙලා. ඔහු ගේ රෝග ලක්ෂණ ගැන මුලින්ම විද්‍යාත්මක පරීක්ෂණයක් කලේ දෙසතිය කර්තෘ ගාමිණී විජේතුංග. ඔහු එම රෝග වාර්තාව “ කිමද වල්බිහිවන්න කාරණා” කියලා දෙසතිය සඟරාවේ පළ කළා.
මෙවර ‘mirror arts’ (behind the lens) වැඩසටහන සමග කතාබහට එක් වූයේ තරුණ වාර්තා චිත්‍රපට නිර්මාණකාරිනියක් වන ධනංජනා දුරගේයි.
අද සමාජයේ වඩාත්ම කතිකාවට ලක්ව ඇති මාතෘකාව වන්නේ බාල ගල් අඟුරු වංචාව යැයි සර්වජන බලය නායක පා.ම. දිලිත් ජයවීර පැවසී ය.
ලාංකික සාහිත්‍යයේ පෝෂණයට දායක විය හැකි ලේඛක පරපුරක් බිහිකිරීමේ අපේක්ෂාවෙන් රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා කලා මණ්ඩලය සමග එක්ව “නිර්මාණ යාත්‍රා” නමින් සාහිත්‍ය නිර්මාණ තරගයක් පැවැත්වීමට පියවර ගෙන ඇත.
පැෆ්රල් සංවිධානය සහ මාර්තු 12 ව්‍යාපාරය එකතුව, වර්තමාන රජයේ “පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්” රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාත්මක වීම අධීක්ෂණය පිළිබඳ සකස් කළ දෙවන අර්ධ-වාර්ෂික වාර්තාව සමාජගත කිරීම, අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පක්ෂ නායකයින්, අමාත්‍යංශ ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන්, සිවිල් සමාජ සංවිධාන සාමාජිකයින්, ශාස්ත්‍රඥයින් සහ මාධ්‍යවේදීන් ගේ සහභාගිත්වයෙන් යුතුව පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත.
මෙවර ‘Mirror Arts’ කතා බහ සමග එක් උනේ දමයන්ති ෆොන්සේකායි.
ලංකාවේ සම්මාන උළෙල වල පවතින උත්කර්ෂය ක්ෂේත්‍රයේ (field) ද පැවතිය යුතු බව තමා විශ්වාස කරන බව ද,
මෙවර ‘mirror arts’ කතා බහ සමගින් එක් උනේ සුවිශේෂී චරිතයක්.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

