මාලිමා ආණ්ඩුව වාමාංශික ද...? - Ideas front වීඩියෝවක්

මාලිමා ආණ්ඩුව වාමාංශික ද...? - Ideas front වීඩියෝවක්

මාලිමා ආණ්ඩුවෙන්: සමාජ සාධාරණත්වය, විප්ලවවාදී වෙනස් වීම්, දුප්පතුන්ට විමුක්තිය යනාදි තේමා පැන නගින්නේ ම මොවුන් වාමාංශික නිසා ම යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ වෛද්‍යවරු, ඉංජිනේරුවරු, නිතිඥවරු මෙන්ම කසළ එකතු කරන්නෝ සහ සනීපාරක්ෂක, පිරිසිදු කරන සේවාව යනාදිය ද එක සේ වැදගත් බවයි.

දිනපතා හෝ සතිපති කසළ එකතු කරන අය එම කාර්ය නොකරන්නේ නම්, රෝහල්වල සනීපාරක්ෂක හෝ පිරිසිදු කරන අය එම කාර්ය නොකරන්නේ නම් එම ආයතන පවත්වාගෙන යා හැකි ද යන්න විපුල තව දුරටත් පැහැදිලි කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන - ජයසිරි අලවත්ත

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න