මාලිමා ආණ්ඩුව ගැටලුවලට මුහුණ දෙන්නේ ඇයි...? - Ideas front වීඩියෝවක්

මාලිමා ආණ්ඩුව ගැටලුවලට මුහුණ දෙන්නේ ඇයි...? - Ideas front වීඩියෝවක්

මතවාදයක් (Ideology) නොමැතිව රටක පාලන බලය ලබාගත් විට එය පාලනය කිරීමේ දී බරපතළ ගැටලුවලට මුහුණ දීමට සිදුවන්නේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

මේ වන විට ආණ්ඩුවට පමණක් නොව විපක්ෂයට ද මතවාදයක් (Ideology) නොමැති වීම බරපතළ ගැටලුවක් යැයි දීප්ති අවධාරණය කළේ ය.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ බැසිල් අනුරට වඩා ප්‍රගතිශීලි බවයි.

මාලිමා ආණ්ඩුව රාජ්‍ය පාලනය කරන්නේ ව්‍යාපාරිකයින් වෙනුවෙන් යැයි ද විපුල අවධාරණය කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන - ජයසිරි අලවත්ත

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න