මාලිමා ආණ්ඩුවට ඇත්තට ම හොරු ඇල්ලීමට වුවමනා ද...? - Ideas front වීඩියෝවක්

මාලිමා ආණ්ඩුවට ඇත්තට ම හොරු ඇල්ලීමට වුවමනා ද...? - Ideas front වීඩියෝවක්

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර 'හොරු අල්ලනවා' යැයි පොරොන්දු වූ බවත්, එම ක්‍රියාවලිය අව්‍යාජ (Authentic) නම් හෝ එය බරපතළ (Serious) ලෙස බාර ගන්නේ නම් ඒ සම්බන්ධයෙන් විශේෂිත අධිකරණ පද්ධතියක් ස්ථාපිත කළ යුතුව තිබුණා යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

වර්තමානයේ රටවල් පෞද්ගලීකරණය වෙමින් පවතින බවත්, එහි ආරම්භය ඇමරිකාව බවත් එම තත්ත්වය තුළ ප්‍රජාතන්ත්‍රවාදය (Democracy) අහෝසි වෙමින් පවතින බවත් හෙතෙම අවධාරණය කළේ ය.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ නිතිපති ඉවත් කිරිම සම්බන්ධ වන්නේ ලාල් කාන්ත පැවසූ 'රාජ්‍ය ඇල්ලීම' නමැති කාර්යයට බවයි.

ජනතා විමුක්ති පෙරමුණ රාජ්‍ය ඇල්ලීම සඳහා තව දුරටත් ක්‍රියාත්මක කරමින් සිටින්නේ 'පොල්පොට් ක්‍රමවේදය' යැයි ද විපුල අවධාරණය කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

 

සටහන - ජයසිරි අලවත්ත

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න