ඊළඟට හැමෝම කතාවෙන අනිත් ප්‍රශ්නය තමයි අනතුර ගැන කලින් දැනගෙන හිටිය ද කියන කාරණය. නිශ්චිතවම නොවැම්බර් 25 වෙනිදා වැසි තත්වය ගැන කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරලා තියනවා. කුණාටුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර කාලගුණ ආයතනයක් මගින් නොවැම්බර් 27 දවල් 2.30ට අනතුරු හැඟවීමක් කරලා තියනවා. හැබැයි ඒ නිවේදනය ඇවිත් පැය 3.00කට පස්සේ තමයි කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරලා තියෙන්නේ. එහෙම පැය තුනක් ප්‍රමාද වුණේ ඇයි කියලා අදාළ නිලධාරීන් පැහැදිලි කළ යුතුයි. අනිත් එක නාය යාම් සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තුමේන්තුව 25 වෙනිදා රතු නිවේදනයක් නිකුත් කළා. මේ සියල්ල ම වෙලත් ඇයි රජයට බැරි වුණේ මේ අනතුර යම් තරමකට හෝ කළමනාකරණය කරගන්න කියන ප්‍රශ්නය අපිට තියනවා.
මේ වනතුරු රටේ ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කර නැත27 රෑ වෙනිදා තමයි ආණ්ඩුව මේකට අවතීර්ණ වුණේ. ඒ ඇවිල්ලත් කළේ ප්‍රශ්නය තව අවුල් කරපු එක. මොකද ආණ්ඩුව මුලින්ම කළේ රාජ්‍ය සේවයට නිවාඩු දීලා ගැසට් එකක් ගහපු එක. ඊටපස්සෙ කිව්වා අත්‍යාවශ්‍ය සේවා සඳහා එන්න කියලා. සාමාන්‍යෙන් මෙවැනි ගැසට් නිවේදනයක් නිකුත් කරන්නේ අත්‍යාවශ්‍ය සේවා නම් කරලා ඉවර වුණාට පස්සේ. නමුත් ආණ්ඩුව කළේ මේක තවත් පටලවපු එක. ඊළඟට අද වෙනකල් මේ රටේ ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කරලා නෑ. මෙවැනි අවස්ථාවක දී මුලින්ම කරන්න ඕන දේ තමයි ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කිරීම. එතකොට තමයි අදාළ ආයතනවලට බලය ලැබෙන්නේ ආපදා කළමනාකරණ පනත යටතේ ක්‍රියාත්මක වෙන්න. එහෙම නොකර ආණ්ඩුව කළේ හදිසි නීතියක් ප්‍රකාශයට පත් කළා.
අපාදා කළමනාකරණය කමිටුව අනාගතයේ ආණ්ඩුවට එරෙහි නඩු නිමිත්තක්...?දැන් ආණ්ඩුව මේ ආපදා තත්වය කළමනාකරණය කරන්න බාරදීලා තියෙන්නේ මේ රටේ කම්පැනි කාරයෝ ටිකකට. ඔවුන් තමයි මේ විනාශට වග කිව යුතු කණ්ඩායම. මේ රටේ කඳු පන්ති ටික ස්වාභාවික පරිසරය ගංගා මේ හැම එකක්ම විනාශ කරමින් තමන්ගේ ලාභ රේට්ටුව වැඩි කරගන්න ඔවුන් ගෙන ගිය වැඩපිළිවෙළ නිසා තමයි අද සුළු වැස්සකටත් ගංවතුර එන්නේ. ගම්මාන පිටින් නාය යන්නේ. අර කඳුකරයේ අහිංසක මලහෛ තමිල් ජනතාව කිසිඳු ආරක්ෂවක් නැතුව තියාගෙන මරව මරව වැඩ ගන්නේ මේ කම්පැනිකාරයෝ ටික තමයි. ආණ්ඩුව දැන් ඒගොල්ලන්ට තමයි බාරදෙන්නේ අපාදා කළමනාකරණය සඳහා හදපු අරමුදල. LOLC එකේ ලොක්කත් ඉන්නේ මේ කමිටුවේ. එතකොට ආපදාවෙන් විපතට පත් වුණ අයට තමන්ගේ ණය සඳහා සහනයක් ලැබෙයි ද...? මාස දෙක යනකොට ලස්සනට කියයි ක්ෂ්ද්‍ර මූල්‍ය ණය ගෙවපං අර ණය ගෙවපං කියලා. දැන් ජාතික ජන බලවේගය ඇතුළෙත් මේ කමිටුව ගැන යම් විවේචයක් ඇවිත් තියෙන්නේ. ඒකෙන් බේරෙන්න ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දි කිව්වා 'මේ කමිටුව සල්ලි එකතුකරනවා විතරයි වියදම් කරන්නේ නෑ' කියලා. හැබැයි ඒක බොරුවක්. ගැසට් එකේ පැහැදිළිව මුදල් එකතු කරන්න, වියදම් කිරීම් සඳහා ප්‍රමුඛතා සකස් කරන්න සහා මුදල් වියදම් කරන්න කමිටුවට පූර්ණ බලය ලබා දීලා තියෙන්නේ. අපි මේ වෙලාවේ ආණ්ඩුවට අනතුරු හඟවනවා මේ කමිටුව අනාගතයේ ආණ්ඩුවට එරෙහි නඩු නිමිත්තක් වෙන්න පුලුවන්. එදා සුනාමි සහන මණ්ඩලය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ගොනු කරපු නඩුවට අදාළ නඩු තීන්දුවේ පැහැදිලව තියනවා රජයේ නොවන පාර්ශවයක් අරහා රජයේ මුදල් වියදම් කරන්න බැහැ කියලා. ඒ නිසා දැන්වත් මේ කමිටුව හකුළගෙන ආපදා කළමනාකරණයට අදාළ නිල ව්‍යුහය වහාම පිහිටුවන්න කියලා අපි ආණ්ඩුවට අනතුරු හඟවනවා. අනිත් කාරණය තමයි ආපදාව වෙලාවේ නිකුත් කරපු සියලු නිල නිවේදන තියෙන්නේ සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් විතරයි. දෙමළ භාෂාවෙන් නිවේදන නිකුත් වුනේ නැහැ. අපි දන්නවා මෙ ව්‍යසනය නිසා වැඩියෙන් හානි වුනේ දමිළ ජනතාව හිටපු ප්‍රදේශවලට. හැබැයි ඔවුන්ට තොරතුරු දැනගන්න තියන අයිතිය ආණ්ඩුව උල්ලංඝනය කරලා.
කඳුකර ඉඩම් නැවත වනාන්තර සඳහා නිදහස් කරන්නමේ ව්‍යසනය වෙලාවේ ආණ්ඩුවේ මැදිහත් වීම කෙතරම් දුර්වල මට්ටමක ද තිබුණේ කියලා මේ කරුණුවලින් පේනවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා දැන්වත් මේ ප්‍රශ්නය බැරෑරුම්ව ගන්න කියලා. ආණ්ඩුව මුලින් කරන්න ඕන දේ තමයි IMF කොන්දේසිවලින් ඉවත් වීම. මොකද ඔය කොන්දේසි තියනකල් අවතැන් වුන ජනතාවට සුබසාධන සලසන්න බැහැ. ඊළඟට වහාම අත්‍යාවශ්‍යය ආහර ඖෂධ සහ පාසල් උපකරණවල බදු ඉවත් කරන්න ඕන. කඳුකර ප්‍රදේශවල නැවත පදිංචි කිරීමේදී විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව කටයුතු කළ යුතුයි. අපි දැක්කා ජනාධිපතිවරයා කියනවා අඩි 5000ට වඩා උස් තැන්වල පදිංචිකරුවන් ඉවත් කරලා නැවත වන වැස්ම ස්ථාපිත කරනවා කියලා ඒක හොඳ තීරණයක්. හැබැයි සුනාමිය වෙලාවේ වෙරළ ආශ්‍රිත ජනතාව ඉවත් කරලා කරපු වැඩේ ම මෙතනත් කරන්න ලෑස්ති වෙන්න එපා. මොකද ඒ වෙලාවේ වෙරළ ප්‍රදේශවල ජනතාව ඉවත් කරලා ඊටපස්සෙ හෝටල් කාරයෝ ගිහිල්ලා ඒ ඉඩම් අල්ල ගත්තා. දැන් කම්පැනි කාරයෝ දාගෙන කමිටුවකුත් හදාගෙන ඉන්න නිසා අපිට පැහැදිලි සැකයක් තියනවා ආණ්ඩුව මේ කඳුකර ඉඩම් සමාගම්වලට විකුණන්න ද සූදානම් වෙන්නේ කියලා. ඒ නිසා මේ නාටකය ඒ විදිහට අවසන් කරන්නෙ නැතුව කඳුකර ඉඩම් නැවත වනාන්තර සඳහා නිදහස් කිරීම කරන්න කියලා අපි ආණ්ඩුවට කියනවා.
ලීසිං සඳහා දෙවසරක සහනයක් අවශ්‍ය යිඅනිත් එක තමයි මලහෛ තමිල් ජනතාව අවුරුදු 200ක් තිස්සේ ජීවත් වෙන්න නිවසක් ඉඩමක් ඉල්ලනවා. අද ඔවුන් තමයි පස් යට වැළලිලා තියෙන්නේ. දැන්වත් ඒ ජනතාවට ආරක්ෂාකාරීව ජීවත් වෙන්න ඉඩමක් නිවසක් ලබා දිය යුතුයි. ඉන්දියාවෙන් සල්ලි දෙනකල් බලාගෙන ඉඳලා ගෙවල් පන්සීය දාහා හදලා හරි යන්නේ නෑ. කඩිනමින් ඒ ජනතාව පිළිබඳව කටයුතු කිරීමට ආණ්ඩුව මැදිහත් වෙන්න ඕන. මේ අනතුර නිසා ජනතාවට තමන්ගේ උන්හිටි තැන් වාහන රැකියා මේ සියල්ල අහිමි වෙලා තියෙන්නේ. ඒ නිසා ලීසිං සඳහා මාස දෙකක සහනයක් දීලා හරි යන්නේ නෑ. අවුරුද්දකවත් සහනයක් ලැබෙන්න ඕන.
ආපදා ධනවාදය වේගයෙන් ක්‍රියාත්මකයි දැන් මේ ව්‍යසනයෙන් මුළු රටක් හිරිවැටිලා ඉන්න වෙලාවේ ආපදා ධනවාදය වේගයෙන් ක්‍රියාත්මක වෙන්න පටන් අරගෙන. ඒ නිසා අපි ජනතාවට කියනවා මේ ගැන සැලකිල්ලෙන් කටයුතු කරන්න කියලා. ඒ නිසා මේ ව්‍යසනයෙන් වාසි ගන්න කිසිවෙකුට ඉඩ තියන්න එපා. අනිත් එක තමයි ඔබේ ජීවිත මෙතරම් විනාශයකට ඇදලා දාපු මේ නවලිබරල් ආර්ථික ක්‍රමය දැන්වත් අවසන් කරන්න ඕන. අපේ රටේ කඳු ටික, ගඟා ඇලවල් මේ සියල්ල සූරාකමින් ලාභ කඳු ගොඩගන කම්පැනි කාරයන්ගෙන් මේ රටේ පරිසර පද්ධතිය මුදාගන්න ඕන. ඒ සඳහා එකතුවෙමු කියන යෝජනාව අපි මේ රටේ ජනතාවට මේ වෙලාවේ ඉදිරිපත් කරනවා.''
විනාශයේ වගකීමෙන් කිසිවකුට ගැලවෙන්න බැහැ - ධර්මසිරි ලංකාපේලි ''දැන් අපි පසුකරමින් ඉන්නේ ස්වාභාවික ව්‍යසනයක් නිසා බරපතළ ඛේදවාචකයකට මුහුණ දීලා, ඒ සිදු වූ හානියෙන් නැවත ගොඩනැගෙමින් ඉන්න අවධියක. මේ ව්‍යසනයකින් ඉදිරියේදී ජනතාව මුදවාගන්න නම් අපි යන්න ඕන පාර මොකක් ද කියලා දැන් අපිට හිතන්න කාලය ඇවිත්. අපි හිතනවා පරිසරය සම්බන්ධයෙන් ජනතාව සහ මේ රාජ්‍යය කටයුතු කරපු විදිහ නිසා තමයි මේ ස්වාභාවික ආපදාව මේතරම් විනාශයක් දක්වා ගෙන ගියේ. ඒ නිසා මේ විනාශයේ වගකීමෙන් අපි කාටවත් ගැලවෙන්න පුලුවන් කමක් නෑ.
වහාම IMF වැඩපිළිවෙළෙන් ඉවත් වෙන්නඅනිත් එක තමයි මෙවැනි ස්වාභාවික ආපදාවක් ගැන අනතුරු හැඟවීම් කලින් ලැබිලා තිබුණා. නමුත් ඒ අනතුරු හැඟවීම් නිසි පරිදි කළමනාකරණය කරගන්න ආණ්ඩුව අසමත් වුණා. දැන් ආණ්ඩුවේ මන්ත්‍රීවරු උත්සහා කරනවා ඒ වගකීමෙන් නිදහස් වෙන්න. ඒක ඉතාම කණගාටුදායකයි. මේ වෙලාවේ සිය ගණනක් ජීවිත පොළොව යට වැළලිලා. දහස් ගාණක් මිනිස්සුන්ට තමන්ගේ නිවාස අහිමි වෙලා. එහෙම වෙලාවක ආණ්ඩුව තියනවා කරන්න වැඩ කොටසක්. හැබැයි අපි හිතනවා IMF එකට වැඳගෙන ඉන්නවනං ආණ්ඩුවට ඒ වගකීම ඉටු කරන්න පුළුවන් කමක් නෑ. මොකද IMF කොන්දේසිවලට අනුව කටයුතු කළොත් සුබසාධන කටයුතු ක්‍රියාත්මක කරන්න පුළුවන් කමක් නෑ. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා දැන්වත් IMF වැඩපිළිවෙළෙන් ඉවත් වෙන්න කියලා.
දැන්වත් මේ අනතුර තේරුම් ගන්න
ආණ්ඩුව උත්සහා කරන්නේ මේ ව්‍යසනය පිට දාලා නවලිබර් වැඩපිළිවෙළ තවදුරත් සක්‍රීයව ක්‍රියාත්මක කරන්න. ඒ නවලිබරල් ආර්ථික ප්‍රතිපත්ති නිසා අපේ රටේ පරිසර පද්ධතියට වුණු විනාශය ආණ්ඩුවට අමතකයි. තවදුරත් ඒ වැඩපිළිවෙළ ම ක්‍රියාත්මක කරනවා කියන්නේ තවදුරත් අපේ පරිසර පද්ධතියට හානි කරගන්නවා කියන එක. ඒ නිසා අපි ජනතාවට කියනවා දැන්වත් මේ අනතුර තේරුම් ගන්න. ජනතාව දැන්වත් සංවිධානය වෙන්න ඕන. සියල්ල සල්ලි කියලා හිතන මේ ආර්ථික ක්‍රමය වෙනුවට සාමූහිකත්වය මූලික කරගත් ආර්ථික දේශපානලන ක්‍රමයක් ඇති කිරීම තමයි දැන් අපිට ඉතුරු වෙලා තියන එකම පාර. ඒ සඳහා ජනතාවගේ මැදිහත්වීමක් අවශ්‍යයි. ඒ නිසා අපි ජනතාවට කියනවා අපි කමිටු විදිහට සංවිධානය වෙමු. මේවැනි ව්‍යසනයකදී ස්වේච්ඡාවෙන්ම මැදිහත් වෙන ජනතාවගේම කමිටු හදමු.''
(සටහන - ජයසිරි අලවත්ත)