අත්හළ නොහැකි, අමතක කළ නොහැකි සංගීතවේදියා; සරත් දසනායක

 අත්හළ නොහැකි, අමතක කළ නොහැකි සංගීතවේදියා; සරත් දසනායක

සංගීතවේදී සරත් දසනායක සත්සර රාවය නිහඩ වී පසුගිය 17වන දිනට විසි හය වසරකි. සිංහල සිනමා සංගීතය නව මානයක් කරා ගෙන ගිය අති විශිෂ්ට සංගීතවේදියෙකු ලෙස සරත් දසනායක හඳුන්වා දිය හැකි ය.

සිංහල සිනමා සංගීතය තුළ ඉතා මිහිරීවූත්, කන්කලු වූත්, කාලාන්තරයක් පුරා දෙසවනට මිහිරක් ගෙන එන්නට සමත් වූ ගී තනු නිර්මාණ රාශීයක් එතුමා සංගීත කලාව තුල බිහි කෙළේ ය.

සැබැ සංගීතය වූ කලී ශ්‍රාවක දෙසවනට මිහිරක්, මනසට සුවයක් ගෙන එන්නාවූ විශ්ව භාෂාවකි. කර්ණරසායන සංගීත තනු නිර්මාණයන් තුළින් සරත් දසනායක එය මනාව මෙරට සංගීත කලාව තුළ ඉටු කෙළේ ය. මෙවන් දිනක ඔහු ගේ මතක ආවර්ජනයක් මෙසේ ගෙන එන්නට මා අදහස් කළේ මා එතුමාගේ සංගීතය ඉතා ප්‍රිය කරන කලා රසිකයෙකු නිසා ය.

Sarath Dasanayake
සිතාර් වාදකයකු ලෙස කරළියට

1942-08-13 වැනි දින මොරටුව කටුකුරුන්දේදී දීපා මිල්ටන් සරත් දසනායක මෙලොව එළිය දුටුවේ ය. තරුණවියට එළඹෙත්ම හෙතෙම1959-10~08 වැනි දින හොරණ ශ්‍රිපාලියේ සංගීත නිකේතනයට යන්නේ සංගීත විෂය ඉගෙන ගන්නට තිබූ මහත් ආසාව නිසා ම ය. සංගීත භාණ්ඩ අතරෙන් සිතාරය වෙත සිත ඇදී යන ඔහු සිතාරය වයන්නට මහත් වුවමනාවෙන් එය ප්‍රගුණ කෙළේ ය. සිතාරයේ තත් හඬවන්නට සමත්කමක් ලද හෙතෙම 1963 දී එවකට සිනමා සංගීත කලාවේ නමක් දිනූ ආර්. මුත්තුසාමි මාස්ටර් සංගීත අධ්‍යක්ෂණය කළ "උඩරට මැණිකේ" චිත්‍රපටයේ වාදක වෘන්දයේ සිතාරය වයන්නට අවස්ථාව උදාකරගත්තේ ය.

maxresdefault

කාලිංග ඔබේවංශ සමග වේදිකාවට

දිනෙන් දින සිතාර් වාදකයෙකු ලෙස සිනමා පට කිහිපයක කටයුතු කරන්නට මග පෑදෙන ඔහුට එයින් සංගීත කලාවේ ඉදිරියට යන්නට මාර්ගය සැලසුණේ ය. 1966 දී රජයේ සංගීත විද්‍යාලයෙන් මුල්ම ගුරු පත්වීම ලබන ඔහු ගුරුවරයකු ලෙස සේවය කරමින් තම සංගීත කටයුතු ද මනාව ඉදිරියට කරගෙන යෑමට සමත් වූයේ ය.

1969 දී කාලිංග ඔබේවංශ අධ්‍යක්ෂණය කළ "ආලකමන්දා" වේදීකා නාටකයේ සංගීතය අධ්‍යක්ෂණය කිරීමේ අවස්ථාව ලබන ඔහු ඉන් සංගීතයේ තවත් ඉදිරි පියවරක් තබන්නට සමත් වුයේ ය.

''සිතිජය'' සමග සිනමාවට

තම හිතමිතුරු වේහැල්ලේ පියතිලක සිනමා තිර රචනය ලියූ සරත්චන්ද්‍ර හේරත් අධ්‍යක්ෂණය කළ "සිතිජය" චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂකවරයා වීමේ මහඟු වරම මේ අතර ඔහුට හිමි විය. "සිතිජය" චිත්‍රපටය ආර්ථික අතින් සාර්ථක චිත්‍රපටයක් නොවූව ද ප්‍රථම වරට පණ්ඩිත් අමරදේවයන් වෙනුවෙන් ගී තනුවක් නිර්මාණය කිරීමට එතුමාට ඉඩ හසර ලැබීම සුවිශේෂි කරුණක් විය.

විස්මයට පත් ''විශ්මය''

තවත් කුලුපගු මිත්‍රයෙකු වූ සෝමපාල ලීලානන්දගේ මග පෙන්වීමෙන් ජේ.කේ.චාල්ස් පෙරේරා අධ්‍යක්ෂණය කල "විශ්මය" චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කිරීමට එතුමාට අවස්ථාව ලැබුණි. එහි ගීත හතක තනු නිර්මාණය කරමින් විශාල වාදක වෘන්දයක් හසුරවන්නට ඔහු සමත් විය. සෝමපාල ලීලානන්දගේ ම මග පෙන්වීමෙන් සිනමා නිෂ්පාදක සේන සමරසිංහ හඳුනා ගන්නා සරත් දසනායක සේන සමරසිංහ නිෂ්පාදනය කළ "සදහටම ඔබ මගේ" චිත්‍රපටයේ සංගිතය අධ්‍යක්ෂණය කිරීමේ මහඟු අවස්ථාව හිමි විය. 1973 දී සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය අරඹමින් තිරගත වූ තවත් අතිසාර්ථක විනෝදාත්මක සිනමා පටයක් වූ මේ චිත්‍රපටයේ ඔහු නිර්මාණය කළ මිහිරි තනු නිර්මාණ ඇතුළත් වූ ගීත සිනමා ප්‍රේක්ෂකයින් මහත් ආසාවෙන් වැලඳගත් බව කියවේ.

මේ චිත්‍රපටයේ ඉතාම මිහිරි තනු ගී කිහිපයක් ඇතුලත්ව තිබුණි.

අමර පෙම් ලතාවේ (ජෝති-ඇන්ජි), වාසනාව දොර ඇරලා බලනවා (ජෝති-එම්.එස්), දැසේ මාගේ සැතපෙනා (ජෝති-ඇන්ජි), පෙම් රස වැහෙන මංගල ගීතේ ජීවිතේ (වික්ටර්-ඉන්ද්‍රානී පෙරේරා) යන ගායක ගායිකාවන් ගැයු සිනමා ගීත ඉතාම කන්කලු සහ කර්ණරසායන විය.

සිනමා ගීත ශ්‍රාවකයන් වෙනම ලෝකයට රැගෙන යන්නට මේ තනු නිර්මාණ සමත් වූ බව කිව යුතු ම ය. වර්තමානයේ දී ද එම ගීත මහත් ජනප්‍රසාදයක් ලබයි.

maxresdefault 1

හින්දි තනු අභියෝගයට ලක් කරමින්...

සරත් දසනායක තම සංගීත අනන්‍යතාවය තම නිසග හැකියාවෙන් කෙමෙන් කෙමෙන් සිනමා සංගීත කලාව තුළ ගොඩනගාගත්තේ ය. නැවුම් ගී මිහිරක් ශ්‍රාවක රසික කැල වෙත ගෙන එන්නට දසනායක සමත් වුනේ ය. එතෙක් සිනමා ගී ලොව රජකරමින් තිබු හිංදි, දෙමළ අනුකාරකවාදි සංගීතය සමග ස්වතන්ත්‍ර මිහිරි තනු නිර්මාණය කරමින් සරත් දසනායක තනිව අරගලයක් කෙළේ ය. එම අනුකාරක ගීත ගායනාවන් වෙනුවට එතුමා තැනූ තනු නිර්මාණයන් රසික රසිකාවියන් අමන්නානන්දයට පත් කිරීමට සමත් විය.

ජනප්‍රිය සිනමාව ද, කලාත්මක සිනමාව ද අතැඹුලක් සේ...

විනෝදාත්මක සිනමාවේ වාර්තා තැබූ සිනමාපට රැසක සංගීත අධ්‍යක්ෂකවරයා සරත් දසනායක ය. එම චිත්‍රපටවලට ඔහු නිර්මාණය කල මිහිරි තනු නිර්මාණ නිසා ම එකල එම චිත්‍රපට ආදායම් ඉපයීම් අතින් ද ඉතාම අතිසාර්ථකව තිරගත වුණි. ඒ චිත්‍රපට අතර: කස්තුරි සුවඳ, නිල්ල සොයා, සංගීතා, ආවා සොයා ආදරේ, චණ්ඩි පුතා, හිතුවොත් හිතුවාමයි, ආශා දැසින්, යකඩයා, උන්නත් දාහයි මළත් දාහයි, අංජානා, නැවත හමුවෙමු, ජය සිකුරුයි, මිහිඳුම් සිහින, සුමිතුරෝ, සසර චේතනා යන චිත්‍රපට මෙන්ම කලාත්මක සිනමා ධාරවේ නිර්මාණය වූ: එයා දැන් ලොකු ළමයෙක්, දුහුළු මලක්, චූඩා මාණික්‍යය, අමල් බිසෝ, ආයාචනා, තණගිරවි, එක් ටැම් ගේ, දඩු මොණර, අහිමි දඩමං, පස මිතුරෝ සහ ජීවිතයෙන් ජීවිතයක් යනාදි චිත්‍රපට සඳහා ද ඔහු නිර්මාණය කළ සංගිත රටා ඉතා ප්‍රශස්ත ය.

ජන මන පිනවූ සිනමා සංගීත නිර්මාණ

ඔහු සිනමා සංගීතයේ නව වෙනසක් කරමින් ජනප්‍රිය මෙන්ම භාවපූර්ණ සිනමා ගීත රැසක් නිර්මාණය කළේ ය. ඒ අතරින්:

1 අමර පෙම් ලතාවේ (සදහටම ඔබ මගේ) ජෝති-ඇන්ජි

2.මියුරු කල්පනා (දිණුම් කනුව) වික්ටර් රත්නායක

3.ඉරට අකීකරු සඳට අකීකරු (දිණුම් කනුව) ඉන්ද්‍රාණි පෙරේරා

4.පාට පොදක් තිලකලා (කස්තුරි සුවඳ) ජෝති-ඇන්ජි

5.හද විමන් දොරින් (කස්තුරි සුවඳ) ජෝති-ඇන්ජි

4.ලස්සන ලෝ‌ගීතවේදී සරත් දසනායක සත්සර රාවය නිහඩ වී පසුගිය 17වන දිනට විසි හය වසරකි. සිංහල සිනමා සංගීතය නව මානයක් කරා ගෙන ගිය අති විශිෂ්ට සංගීතවේදියෙකු ලෙස සරත් දසනායක හඳුන්වා දිය හැකි ය.

4.ලස්සන ලෝකේක ඉපදීලා (කස්තුරි සුවඳ) ජෝති

5.පෙම්වතියන්නේ (කස්තුරි සුවඳ) ඇන්ජිලීන් ගුණතිලක

6.රන් මසුරන් කිරි ගරුඬ තලාවක (ආවා සොයා ආදරේ) ජෝති -ඇන්ජි

7.රොන් සොයා (ආවා සොයා ආදරේ) ලතා වල්පොල

8.ලෝකයේ වෙනස් වුනේ (සංගීතා) ජෝති

9.සල් සපුනා (සංගීතා) ජෝති

10.ඉර සඳ වැඳලා (සංගීතා) ජෝති-ඇන්ජි

11.මී පිරුණු සුවඳ මල් වනේ (සංගීතා) ජෝති-ඇන්ජී

12.බොඳ මීදුම් කඳුරැල්ලේ (දුහුළු මලක්) අබේවර්ධන-සුජාතා අත්තනායක

13.රන් කෙන්දෙන් (දුහුළු මලක්) නන්දා මාලනී

14.රෝමය ලෙසේ (දුහුළු මලක්) මිල්ටන් මල්ලවාරච්චි

15.රන් දුනු හී දරා (උන්නත් දාහයි මළත් දාහයි) ජෝති-ඇන්ජි

16.නිල්මිණි සැංගී පාවේ (උන්නත් දාහයි මලත් දාහයි) ලතා වල්පොල

17.යෞව්වන උයනේ (නිල්ල සොයා) මිල්ටන්-ඇන්ජී

18.මියුරු පෙම් මදිරාවේ (නිල්ල සොයා) මිල්ටන්-ඇන්ජී

19.කෙල්ලේ මා ආදර කෙල්ලේ (නිල්ල සොයා) මිල්ටන් මල්ලවාරච්චි

20.සිටු මැදුරේ හෝ පුංචි පැලේ හෝ (නිල්ල සොයා) ඇන්ජිලීන් ගුණතිලක

21.මා එදා (හිතුවොත් හිතුවාමයි) ඇන්ජිලින් ගුණතිලක

22.චුක්කි චුක්කි කියලා (හිතුවොත් හිතුවාමයි) වික්ටර්-ලතා

23.පිනි දියෙන් විකසිතව (එයා දැන් ලොකු ළමයෙක්) නන්දා මාලනී

24.තනියේ ආවාරේ (චණ්ඩි පුතා) ජොති-ඇන්ජී

25.අම්මලා දුක් ගන්නේ (චණ්ඩි පුතා) ලතා වල්පොල

26.බඹරා වගේ (චණ් පුතා) ජෝති

27.ආශා රැලී දැසේ වෙළී (යකඩයා) ජෝති-සුජාතා

28.ලස්සන නම් නෑ පෙනෙන්නේ (විශ්මය) සනත් නන්දසිරි

29.මුව මදහාසේ සීපද රාවේ (ආශා දැසින්) මිල්ටන්

30.උන්මාද සිතුවම් (එක් ටැම් ගේ) ගුණදාස කපුගේ

31.කීන දං මිටක් (චංචල රේඛා) මිල්ටන්-නීලා

32.මී අඹ අත්තේ (චංචල රේඛා) මිල්ටන්-නීලා

33.සරා සඳේ (මිහිඳුම් සිහින) ජෝති

34.සිහින අහසේ වසන්තේ (නැවත හමුවෙමු) ජෝති-ඇන්ජි~ග්‍රේෂන්

35.බෝධියේ විහාරයේ (ඈතින් ඈතට) නීලා වික්‍රමසිංහ

36.හිම කඳු යහනේ (සසර චේතනා) ග්‍රේෂන්-නිරංජලා

36.බුදුනේ බුදුපියාණෙනි (සසර චේතනා) ෂෙල්ටන් පෙරේරා

37.හිම රේණු වැටෙනා සීතලේ (ආත්මා) ග්‍රේෂන්-ලතා

38.නිල්ල නගන ස්වර්ණ කිංකිණී රාවේ (නිල්ල සොයා)මි ල්ටන් මල්ලවාරච්චි

39.සක්වල එතෙරට ඇසෙනා (ගෙදර බුදුන් අම්මා) නන්දා මාලනී-එඩ්වඩ් ජයකොඩි

40.කැන්දන් යන්නම් රන්මල් මාලා දාලා (ඇතින් ඇතට) මිල්ටන්-ප්‍රියා-ග්‍රේෂන් යන ගීත ඒ ගී සයුරෙන් දෝතකි.

mee
රූපවාහිනී නාට්‍ය ක්ෂේත්‍රයට පිවිස...

ටෙලි නාට්‍ය කිහිපයකට ද ඔහු සංගීතය සැපයූවේ ය. ඒ ටෙලි සිත්තම් අතර: කුමාරසිරි අබේකෝන්ගේ "ලොකු අයියා", මාලීනී ෆොන්සේකාගේ "නිරුපමාලා", තිමති වීරරත්නගේ"රේල් පිලී", බෙනට් රත්නායකගේ "තරු" යන ටෙලි නාට්‍ය සඳහන් කළ හැකි ය.

මේ අතරින් බෙනට් රත්නායකගේ "තරු"ටෙලි නාට්‍යය උදෙසා ඔහු ප්‍රශස්ත සංගීතයක් නිර්මාණය කල බව රසික අප දනිමු. ගායක ගායිකාවන් කිහිප දෙනෙකුටම එතුමා සදා මතකයේ රැඳෙන ගුවන්විදුලි සරල ගීත රාශියක් සඳහා සංගිතය සැපයූවේ ය.

සරත් දසනායක අනෙක් සංගීතවේදීන්ගෙන් වෙනස් ආරක ගිය සංගීතවේදියකු වන්නේ ඔහු මුලින් ම නිර්මාණය කරන්නේ තනුව වීම ය. ගායකයා හෝ ගායිකාව ගයන්නේ එම තනුව අනුව ය. ඒ තනුවේ මිහිරියාව නිසා ගායකයාත්, ගායිකාවත් නිබඳව ම තම ගායන කුසලතාව ප්‍රකට කිරීමට සමත් වූ බව ඒ ගීත සිසාරා යන විට සැබැ සංගීත රසකාමින්ට මනාව පැහැදිලි වේ.

කැසට්පට ක්ෂේත්‍රයට අවතීර්ණව...

සුවහසක් ගීත ශ්‍රාවකයින් උදෙසා ගායක ගායිකාවන් රාශියකට කැසට් පට සඳහා ද ඔහු සංගීත අධ්‍යක්ෂණය කළේ ය. ඒ මිහිරි ගී තනු නිර්මාණ තවමත් ශ්‍රාවක අප සවන් සනසවයි.  පන්ඩිත් අමරදේව උදෙසා: "පාවෙනා නිල් වලාවේ", "බොල් වී අහුරු" සහ "රැ දුරු රට මේ හිම වරුසා සීත පාරුවේ"

නන්දා මාලනී උදෙසා: "නිම්වළල්ලෙන් එපිට සඳ රැස්", "සංසාර සාගරය ජිවිතේ යාත්‍රාව" සහ "මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න"

ටී.එම්.ජයරත්නයින් උදෙසා: "ඔරුව වසා"

මිල්ටන් මල්ලවාරච්චි උදෙසා: "සැන්දැයාමේ රන්තරු යායේ", "නීල දැස දැසේ සතපාලා", "පෙර එක දවසක" සහ "ඔබ වෙනුවෙන් ලියු"

චන්ද්‍රලේඛා පෙරේරා උදෙසා: "මගේ දින පොතේ",

නීලා වික්‍රමසිංහ උදෙසා: "චූටී නංගියේ", "පාරමී දම් පුරමු අප දෙන්නා" සහ "සඳ බොඳවී"

සුජාතා අත්තනායක උදෙසා "පුංචි දවස්වල නින්දට යද්දී"

දයාරත්න රණතුංග උදෙසා: "උදුම්බරා මනාලියේ ලොවේ උතුම් කුමාරියේ" සහ "සිව් වසරක් තුළ පෙම් සිහිවටනය"

අබේවර්ධන-ත්‍යාගා එන්.එඩ්වඩ් උදෙසා "රැ පැල් රකින කුරහන් හේනේ"

චන්ද්‍රිකා සිරිවර්ධන උදෙසා: "උත්සාහය උක් දණ්ක් වැන්නේ" සහ "රන්ඩු වෙවී යාළු වෙවී" යනාදි රසාලිප්ත මිහිරි තනු රාශියක් එතුමා අතින් නිර්මාණය විය. මෙවන් ගී තනු වර්තමානයේ ද සැබෑ ශ්‍රාවක සවන් සිත් සුවපත් කරන්නේ ය.

images

ගායක ගායිකාවක‌ ගේ පළමු සිනමා පසුබිම් ගායනය

ටී.එම්.ජයරත්න, නීලා වික්‍රමසිංහ, චන්ද්‍රලේඛා පෙරේරා, ග්‍රේෂන් ආනන්ද යන ගායක ගායිකාවන් මුලින්ම සිනමා පටයකට ගීත ගායනා කළේ සරත් දසනායක සංගීතවත් කළ චිත්‍රපට වෙනුවෙන් වීම විශේෂත්වයකි. ඒ: ටී.එම්.(සිතිජය), නීලා (අශා දැසින් ) හී අනනංග රන් හී ගීතයේ සමූහ ගායනය, චන්ද්‍රලේඛා (යළි හමුවෙන්නයි), ග්‍රේෂන් (මල් කැකුලු) යනාදි ලෙසිනි.

සිනමා කර්මාන්තයට පිවිස...

සිනමාපටයේ රිද්මය තම ස්වර රටාවන්ගෙන් ඉතා සංයමයෙන් ප්‍රේක්ෂකයාට බද්ධ කරන්නට ඔහු දක්ෂ සංගීත වේදියෙක් වූයේ ය. එසේම ඔහු මිහිඳුම් සිහින, මධු සිහින, ආත්මා යනාදි සිනමාපට නිෂ්පාදනය කරමින් සිනමාව කර්මාන්තයක් සේ නගා සිටුවීමට උර දුන්නේය.

ඔහු නිෂ්පාදනය කල"මිහිඳුම් සිහින"සිනමා පටය සිනමා රසික අපට සදා මතකයේ රැඳෙන සංගීතයමය සිනමා සිතුවමක් ලෙස සිනමා ඉතිහාසයට එක්වී හමාර ය. එම සිනමා සිතුවම සේම එහී එන සුමියුරු ගීත වර්තමානයේ ද සැබැ සිනමා රසිකයින්ගේ සම්භාවනාවට පාත්‍ර වේ. ඔහු ජීවත් ව සිටි කාලයේදී ඔහුට නිසි ඇගයීමක් නොලැබුණු වග අප දනිමු. ඔහු ගේ සංගීත නිර්මාණ අලළා, අගයා ගරු නම්බු නාම පදක්කම් යනාදිය මෙරට කලා ලොවෙන් හිමිවුයේ නැති තරම් ය. එසේ වුව ද ඔහු ගේ නිසග හැකියාව වෙනුවෙන් සරසවි,ජනාධිපති කුසලතා සම්මානයෙන් පුද ලබන්නට අවස්ථා කිහිපයක දී ඔහුට හැකි විය. ඒ අතර: සරසවි සම්මාන 3ක්, කුසලතා සම්මාන 1ක්, කුසලතා පදක්කමක් දිනාගෙන ඇත.

location 1 20150115

ඒ අතර: සසර චේතනා (1984) හොඳම සංගීත අධ්‍යක්ෂණය: සරසවි සම්මානය, මුවන්පැලැස්සේ කදිරා (1992: හොඳම සංගීත අධ්‍යක්ෂණය: සරසවි සම්මානය, චායා (1993) හොඳම සංගිත අධ්‍යක්ෂණය: සරසවි සම්මානය, ඇතින් ඈතට (1984) කුසලතා සහතිකය: සරසවි සම්මානය, පරසතුරො (1985) ජනාධිපති කුසලතා පදක්කම යනාදි සම්මාන ඔහුට හිමි විය.

හේවිසි,බෙරය, ඔහුගේ අණ වැකුනු සැණින් රඟන්නට ගනියි. වයලීනය, සිතාරය, බටනළාව ඔහු අණ වැකුනු සැණින් එකිනෙක නාද වෙන්නට ගනියි. ඕබෝ, සෙක්සෆෝන්, ක්ලැරිනට්,ඩ්‍ර ම් සෙට් ඔහු අණින් මොහොතින් සලිත වෙන්නට ගනියි. ජෝති-ඇන්ජි,ඔහු අණ වැකුනු සැණින් ගයන්නට ගනියි. මේ අතරින් කවුරු වයතත්, කවුරු ගයතත්, සිංහලකමත්, සිංහල ආරත් මනාව මතුවී තිබුණේ ය. ජාතියේ හදවත ගැස්සෙන තාලය ඔහුගේ තාලය යි; දැ අනුරාගය ඔහුගේ රාගයයි, රාවයයි.

සරත් දසනායක ජනප්‍රිය සිනමා සංගීතයේ වෙනත් සංගීතඥයින්ගෙන් වෙනස්ම ආරක ගිය සංගීතවේදියෙකු වන්නේ මේ නිසා ම ය. සිංහල රාගධාරි සංගීතයත්, ජන ගී ආශ්‍රිත සංගීතයත් සම්මිශ්‍රණය කරමින් සිංහල සිනමා සංගීතය තුළ ඉතා විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ මේ මහා සංගීතවේදියාණන් සිනමාව, කැසට්පටය,ගු වන් විදුලිය, ටෙලිනාට්‍ය සංගීතය අරබයා කළ විශිෂ්ට සේවාවට මාගේ මේ කෙටි සටහන උපහාරයක් වේවා...!

සවන්පත අතැර නොයන සංගීතය

ඔහු වැයු සත්සර රාවය වසර විසි හයක් පුරා අප සවන් පත්වලින් මැකි ගොස් නැත; මැකී යන්නේද නැත. පෞද්ගලික ජිවිතයේ දී එතුමා හොඳ විවාහ දිවියක් ගතකල වැදගත් පුද්ගලයෙකි; තම බිරිඳ ට ආදරණීය සැමියෙකි; දරුවන්ට ආදරණීය පියතුමෙකි. ප්‍රීතී දසනායක නම් සංගීත ආචාර්යවරිය සමග විවාහ වී සිටි එතුමාට පුතුන් දෙදෙනෙකු සහ එක දියණියක් සිටිති.

වැඩිමහල් පුත් රංග දසනායක වර්තමාන සංගීත කලාව නියෝජනය කරන දක්ෂතම සංගීත අධ්‍යක්ෂකවරයෙකි. දියණීය ලක්මාලී දසනායක විවාහ වී විදේශගතව සිටියි. තෙවැනි පුත්ද තම පියා මෙන්ම සංගීතය ප්‍රගුන කරමින් තම මව සමග වෙසෙයි. එතුමා තම බිරිඳට ආදර්ශවත් සැමියෙක් වූවා සේම, දරුවන්ට ආදර්ශවත් පියාණන් කෙනෙක්ද  වුයේ ය.

ඔහු වන් විශිෂ්ට සංගීතවේදියකු නැවත අප ජීවත්වන තුරා අපට මුණ නොගැසෙනු ඇත; ඔහු වෑයූ අතීත සංගීත රටා සමග සිත සැබැ සංගීත රසයෙන් සුවපත් කර ගැනීමට මම නිරන්තරයෙන් උත්සාහ කරමි. මේ වසර විසි හයක් පුරා මම එය කළෙමි. මා ලියූ මේ සටහන එතුමාට උපහාරයක්ම වේවා...!

සරත් දසනායක සත්සරවේදීයාණෙනි ඔබ අප හදවත්වල ජීවත් වන සැබැ සත්සරවේදියාණන් කෙනෙකි

(සටහන - රෝහන් සෙනෙවිරත්න)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න