දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම අරමුණු කර ගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී බංගලාදේශ මහ කොමසාරිස් Andalib Elias හමු විය.
බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අතර ඇති දීර්ඝ කාලීන මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කරමින් සිදු වූ මෙම හමුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සෑම අසීරු අවස්ථාවක ම බංගලාදේශය අප රට සමග සමීපව සිටීම සම්බන්ධයෙන් සමස්ත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සිය ස්තූතිය පිරි නැමී ය.
එසේම මේ අසීරු අවස්ථාවේ නැවත රටක් ලෙස නැගී සිටීමට අවැසි ශක්තිය ලබා දෙන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බංගලාදේශ මහ කොමසාරිස් Andalib Elias ගෙන් ඉල්ලා සිටියේ ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
