ඉන්දියාව හා ලංකාව අතර පාලමක් හදනවට මල්වතු මහ නාහිමිගේ විරෝධය

    ඉන්දියාව හා ලංකාව අතර පාලමක් හදනවට මල්වතු මහ නාහිමිගේ විරෝධය
ඉන්දියාවේ සිට මුහුදු මාර්ග ඔස්සේ විශාල වශයෙන් මත්ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී භාණ්ඩ ප්‍රවාහනය සිදු කෙරෙන තත්වයක්ක් තිබියදී දෙරට අතර පාලමක් ගොඩනැගුවහොත් එය තවත් හොඳින් සිදුවෙනු ඇති බව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බුටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියෝ පවසති.

මහා නා හිමියෝ ඒ බව අවධාරණය කර සිටියේ ගුවන් හමුදාපති එයාර් වයිස් මර්ෂල් බන්දු එදිරිසිංහ උන්වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේදීය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට වසර 74 ක් පිරීම නිමිත්තෙන් ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව කේන්ද්‍ර කර ගනිමින් පැවති ආගමික වතාවත් වලට සමගාමීව මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමටද ගුවන් හමුදාපතිවරයා පියවර ගෙන තිබුණි.

එහිදී මල්වතු මහනාහිමියන් වැඩිදුරටත් අවධාරණය කර සිටියේ මේ වනවිට විශාල ලෙස මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම් සිදුවෙමින් තිබෙන බවත් ඒවා කුමන හෝ මාර්ගයකින් සමාජගත වූවානම් විශාල විනාශයක් සිදුවීමට තිබූ බවයි.

මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම් සිදු කෙරෙන අතරතුර එම මත්ද්‍රව්‍ය මෙරටට එවූ රටවල නායකයන් සමඟ සාකච්ඡා කොට එම නීති විරෝධී කටයුතු පාලනය කිරීමට වැඩපිළිවෙලක් සකස් කල යුතුව තිබෙන බවද මහානා හිමියෝ වැඩිදුරටත් අවධාරණයය කළේය.

 
එහිදී ගුවන් හමුදාපති එයාර් වයිස් මාෂල් බන්දු එදිරිසිංහ මහනාහිමියන් හමුවේ අවධාරණය කර සිටියේ මෙරට ව්‍යාපාරිකයෙකු දකුණු කොරියාවේ රැඳී සිටිමින් බෝට්ටු මගින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට කරුණු අනාවරණය වී ඇති බවයි.



මෙරට මුහුදු සීමාවේ සැතපුම් 1000 ක් දුරට ගුවනින් ගොස් ඒ අයුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන නෞකාවක් හඳුනාගෙන එහි සිටි පිරිස් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවද පැවසීය.

නැව් මගින් මෙන්ම බෝට්ටු මගින්ද කන්ටේනර් වලින්ද මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන එන බව අවධාරණය කළ ගුවන් හමුදාපතිවරයා එවැනි එක් බෝට්ටුවක්ද අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් එම ප්‍රවාහන කටයුතු ඉතා සූක්ෂම සිදුවන බව අවධාරණය කළ ගුවන් හමුදාපතිවරයා මෙරටට මත්ද්‍රව්‍ය ගෙන ඒම සඳහා නැව් වලින් බෝට්ටු වලට හුවමාරු කරගනු ලබන්නේ බොහෝ විට ගැඹුරු මුහුදේදී බවද අවධාරණය කළේය.

මුහුදු මාර්ගයෙන් මෙන්ම ගුවන් මගින් ද මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන එන බව අවධාරණය කළ ගුවන් හමුදාපතිවරයා එවැනි මත්ද්‍රව්‍ය හසු වන්නේ ඉතා කුඩා ප්‍රමාණයක් බවත් මේ වන විට ගුවන් හමුදාව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය නාවික හමුදාව එක්ව සාර්ථකව එම වැටලීම් සිදුකෙරෙමින් පවතින බවද පැවසීය.

නාවික හමුදාපතිවරයා අස්ගිරි මහා විහාරයට ගොස් එහි මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියන්ද බැහැදුටුවේය.

 
 

( ada)


 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න