දකුණු කොරියාව සහ ශ්‍රී ලංකාව අතර රූපලාවණ්‍යය ක්ෂේත්‍රය පාදක කර ගනිමින් සංචාරක ව්‍යාපාරය දියුණු කර ගැනීමට වැඩපිළිවෙළක් සැකසීමට සූදානම් වෙයි.
රූපලාවණ්‍ය සත්කාරක සේවා අධ්‍යාපනය තුළින් K-BEUTY රූපලාවන්‍ය සහ සම්බන්ධ කර ගනිමින් දකුණු කොරියාවේ OPEN CYBER UNIVERSITY, SU SONG UNIVERSITY, INTERNATIONAL BEAUTY INSTRUCTOR ASSOCIATIONS ,COSIMICO KOREA සහ ශ්‍රි ලංකාවේ සම්බන්ධීකරණය ලෙස FEDERATION OF FILM MEDIA CULTURE ENTERTAINMENT සමග එක්ව සංචාරක රූපලාවණ්‍යය සත්කාරක සේවා ක්ෂේත්‍රයේ සංවර්ධනයක් ඇති කිරීම මෙහි මූලික අරමුණයි.
ඒ අනුව දෙරටේ නියෝජිත පිරිස මූලික සාකච්ඡා ආරම්භ කොට තිබේ.
දකුණු කොරියාවේ තේගු නගර සභාව සහ ශ්‍රි ලංකාවේ බේරුවල නගර සභාව පාදක කොටගෙන මෙය ඇරඹීමට නියමිතය .
කොරියානු රූපලාවණ්‍යය සත්කාරක සේවා පිළිබඳ අධ්‍යාපනය ලබා දෙන ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාවට නැංවෙයි. සංචාරක කර්මාන්තය සවිබලගැන්වීමේ හා සංචාරක කර්මාන්තය නගාසිටුවීමේ නියමු ව්‍යාපෘතියක් ලෙස ඇරඹීමට යෝජනා කොට ඇත.
මේ පිළිබඳව යෝජනාව දකුණු කොරියාවේ තේගු නරගයේ නගර සභාවේ පරිපාලන සංචාරක රූපලාවණ්‍යය දෙපාර්තමේන්තුව භාරව බලධාරින් සමඟ සාකච්ඡා කිරීමට මේ වනවිට බේරුවල උප නගරාධිපති විමලසිරි සිල්වා මහතා හා FFMCE සම නිර්මාතෘ රවින්ද්‍ර ගයනාත් ප්‍රමුඛ ශ්‍රි ලංකාවේ නියෝජිත පිරිසක් එහි ගොස් තිබේ.
සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රබෝධයක් සහ අත මිට සරු රූපලාවණ්‍යය ක්ෂේත්‍රයක් ගොඩනැගීමට දකුණු කොරියාවේ වෘත්තීය මට්ටමෙන් ඉහළ පිළිගැනීමකට ලක්ව ඇති මෙම අංශය භාවිත කළ හැකි බව එරටට ගොස් සිටින ශ්‍රි ලංකාවේ නියෝජිත පිරිස ප්‍රකාශ කරති .
ඔවුන් හා දකුණු කොරියානු බලධාරින් සමඟ කළ සාකච්ඡා සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට සමත් සහ අනාගත ආර්ථික සංවර්ධනයට මෙම ක්ෂේත්‍රය යොදා ගැනීමට ඇති විභවතාවය පැහැදිලි කර ගැනීමටත් මින් අවස්ථාවක් වූ ලැබුණු බව ද එහි සිටින FFMCE සම නිර්මාතෘ රවීන්ද්‍ර ගයනාත් කියා සිටියේය.
(ජේ. මුණසිංහ)