ජාතික කර්මාන්ත පද්ධතිය විවෘත කරන්නේ සියලු ම කර්මාන්තවල දත්ත එක් තැනකට එකතු කර එය ප්‍රයෝජනයට ගන්නා අය හට මුදා හැරීම සඳහා යැයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ලංකාව පුරා ක්‍රියාත්මක ආර්ථික සහ කාර්මික කටයුතු සම්බන්ධ සියලු තොරතුරු කළමනාකරණය කිරීම අරමුණු කරගනිමින් සකස් කළ නවතම ඩිජිටල් වේදිකාවක් වන ජාතික කර්මාන්ත තොරතුරු පද්ධතිය (National Industry Information System – NIIS) ඊයේ (06 දා) එළිදැක්වූ අවස්ථාවේ දී ය.
මෙම අවස්ථාවට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, ආගමන විගමන පාලක ජනරාල් චමින්ද පතිරාජ, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු ඇතුළු නිලධාරීන්, Chrysalis ආයතනයේ නිලධාරීන්, කර්මාන්තකරුවන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන මෙම ජාතික කර්මාන්ත තොරතුරු පද්ධතිය සඳහා තාක්ෂණික සහ මූල්‍ය සහය Chrysalis ආයතනය විසින් ලබාදෙන අතර කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා කේන්ද්‍රීය දත්ත ගබඩාවක් ලෙස ක්‍රියා කරන මෙම තොරතුරු පද්ධතිය තුළ ලංකාවේ ක්‍රියාත්මක වන කර්මාන්ත පිළිබඳ විස්තර, ව්‍යාපාර වර්ගීකරණය, නෛතික තත්ත්වය, ලියාපදිංචි තොරතුරු, UN වර්ගීකරණය, කර්මාන්ත පරිමාණය, නිෂ්පාදන දත්ත, අමුද්‍රව්‍ය භාවිතය, වෙළඳපල ආවරණය, රැකියා නියුක්තිය, බලශක්ති හා ඉන්ධන පරිභෝජනය, අපද්‍රව්‍ය කළමනාකරණය සහ බැහැර කිරීමේ ක්‍රම ඇතුඵ තොරතුරු අඩංගු වෙයි.
කර්මාන්තකරුවන්ට ඔවුන්ගේම පරිශීලක ගිණුමක් සෑදීමෙන් හෝ බලයලත් රාජ්‍ය නිලධාරීන් හරහා තොරතුරු ඉදිරිපත් කිරීමෙන් මෙම ජාතික කර්මාන්ත තොරතුරු පද්ධතිය සදහා ලියාපදිංචි විය හැකි අතර ලියාපදිංචියෙන් අනතුරුව එම කර්මාන්තයට ජාතික කර්මාන්ත දත්ත ගබඩාවේ ලියාපදිංචි ආයතනයක් ලෙස පිළිගන්නා නිල සහතිකයක් නිකුත් කරනු ලබයි.
මෙම තොරතුරු පද්ධතියේ දැකිය හැකි විශේෂ ලක්ෂණයක් වනුයේ ලියාපදිංචි කර්මාන්තයන් වාර්ෂිකව තම ව්‍යාපාරික තොරතුරු යාවත්කාලීන කළ යුතු වීමයි. මෙමගින් කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී වඩාත් නිවැරදි තොරතුරු මත පදනම්ව තීරණ ගැනීමේ අවස්ථාව උදා වේ.
රටේ කර්මාන්ත ඩිජිටල්කරණය කිරීමේ පළමු පියවර කර්මාන්ත අමාත්‍යාංශය විසින් මෙසේ ආරම්භ කර ඇති අතර මෙම නව ජාතික කර්මාන්ත තොරතුරු පද්ධතිය මගින් ප්‍රතිපත්ති සම්පාදනය, වෙළඳපල පර්යේෂණ, තරඟකාරී විශ්ලේෂණ සහ උපායමාර්ගික සැලසුම්කරණය සඳහා වටිනා මෙවලමක් ලෙස ක්‍රියා කරමින්, ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රය තිරසාර වර්ධනයක් සහ ගෝලීය තරඟකාරීත්වයක් කරා ගෙන යාමට මාර්ගය සකස් කරනු ඇත.
ජාතික කර්මාන්ත තොරතුරු පද්ධතිය දැන් ක්‍රියාත්මකයි

ජාතික කර්මාන්ත පද්ධතිය මේ වන විට ක්‍රියාත්මක බව කර්මාන්ත හා ව්‍යවසායක අමාත්‍යංශය දන්වයි.
ඔබේ කර්මාන්තය අද ම ලියාපදිංචි කර, ශ්‍රී ලංකාවේ ජාතික ඩිජිටල් කර්මාන්ත දත්ත ගබඩාවේ කොටසක් වන්නැයි ඔවුන් ආරාධනා කරයි.
එමෙන් ම දත්ත මත පදනම් වූ ප්‍රතිපත්ති සහ කාර්යක්ෂම තීරණ ගැනීමට දායක වන්නැයි ද ඔවුන් ඉල්ලා සිටී.
QR කේතය පරික්ෂා කර හෝ https://slenterprises.gov.lk/home වෙත පිවිස තොරතුරු ලබාගත හැකි ය.


