2025 අංක 14 දරණ ශ්‍රී ලංකා විදුලිබල පනත අනුව සකස් කරන ලද ජාතික විදුලි ප්‍රතිපත්ති කෙටුම්පත ඒ සඳහා පත් කරන ලද කමිටුව විසින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි වෙත පිලිගන්වන ලදී.
සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාව සහෝදරත්වයෙන් ජීවත්වන රටක් අවශ්‍ය බවත්, ජාතික සමගිය වෙනුවෙන් තබන ලද ශක්තිමත් පියවර කිසිසේත් ආපසු හරවන්නේ නැති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසී ය.
ජාතික සංවර්ධන සැලැස්මක් තුළ ආර්ථිකය වර්ධනය කර ගැනීමේ සැලසුමක් මෙන් ම සමාජ ප්‍රතිසංස්කරණ ද තිබිය යුතු යැයි දේශපාලන විශ්ලේෂක, මාධ්‍යවේදී කුසල් පෙරේරා පැවසී ය.
දශක ගණනාවක් පුරා සිංහල ගීත ක්ෂේත්රයේ ප්‍රමුඛතම කාන්තා සලකුණ ලෙස අද්විතීය ගායන මෙහෙවරක නිරත වූ, ප්‍රවීණ ගායන ශිල්පිනී, ආචාර්ය නන්දා මාලිනියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (22) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.
2005 වසරෙන් පසුව ලංකාවේ උදා වුණේ ජාතිවාදය බවත්, එම ජාතිවාදය සමග බොහෝ දේශපාලන පක්ෂවලට විශාල වශයෙන් මැදිහත් වීමට හැකියාවක් නොතිබූ බව සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ජාතිවාදය සහ ආගම්වාදය නිර්මාණය කර රට අසමගියට පත් කළ අතීත යුගය දැන් නිමා වී ඇති බවත්, සියලු ජාතීන්ට එකට ජීවත් විය හැකි විනයගරුක හා ශිෂ්ට සම්පන්න සමාජයක් ගොඩනැගීමට නව රජය කැපවී සිටින බවත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ අද (28) කොළඹ නෙළුම් කුලුන පරිශ්‍රයේ දී පැවැති සමස්ත ලංකා මුස්ලිම් තරුණ සංගමයේ (All Ceylon YMMA Conference) 76වන සංවත්සර මහා සභාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමිනි.
SCOPE වැඩසටහන සඳහා යුරෝපා සංගමය සහ ජර්මානු ෆෙඩරල් විදේශ කාර්යාලය සම-අරමුදල් සපයන අතර, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සමඟ හවුල්කාරිත්වයෙන් GIZ විසින් ක්‍රියාත්මක කරනු ලබයි.
ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රධාන ලේකම් සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන්ගේ විවාහ උත්සවය අද (23) ඉන්දියාවේ තමිල්නාඩුවේ තිරුපත්තූර් හි ආරුමුගම්පිල්ලේ පාරේ පිහිටි ආරුමුගම්පිල්ලේ සීතා අම්මාල් විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණ.
අද රට පුරා කිරිබත් කා, රබන් ගසා සැමරිය යුත් දිනයක් යැයි පිිවිතුරු හෙළ උරුමය උදය ගම්මන්පිල පැවසී ය.
අඟුරු සැපයුම ප්‍රමාද වීම හේතුවෙන් ජූලි මාසයේ අග සිට සැප්තැම්බර් මැද දක්වා දැවැන්ත විදුලි අර්බූදයක් හටගනු ඇතැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක උදය ගම්මන්පිල පවසයි.
ජෙට්ස්ටාර් (Jetstar) ගුවන් සමාගම 2026 අගෝස්තු 25 වන දින මෙල්බර්න් සිට කොළඹ දක්වා සිය පළමු ඍජු අඩු වියදම් ගුවන් සේවාව ආරම්භ කිරීමත් සමඟ ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ගුවන් සබඳතා නව මාවතකට යොමු කිරීමට සූදානම් වේ.
හේවූඩ් කලා කෞතුකාගාරය (Heywood Art Museum) පිළිබඳව මෙන්ම එය මුල් කරගනිමින් ප්‍රකාශයට පත් කර ඇති 'Heywood Art Museum' නැමැති කෘතිය පිළිබඳවද මේ දිනවල විවිධ අදහස් පළවෙමින් තිබේ.
මේ වන විට ජේ. ආර්. ජයවර්ධන ගේ බෑනා වීම සඳහා රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා අතර ද්වන්ධ සටනක් නිර්මාණය වී ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසී ය.
සමූපකාර තොග වෙළඳ සංස්ථාවේ (CWE) සේවකයින් රාජකාරි නොවන කටයුතු සඳහා යොදවා ඔවුන් ගේ වැටුප් සහ අතිකාල දීමනා සංස්ථා මුදලින් ගෙවීම හරහා රජයට රුපියල් මිලියන 60කට ආසන්න පාඩුවක් සිදු කළ බවට චෝදනා එල්ල වී ඇති නඩුවේ, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩු ඉදිරියට පවත්වාගෙන යෑමට අභියාචනාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඬුල්ල අද (4) නියෝග කළේ ය.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ පුත් ජෙරම් කෙනත් ප්‍රනාන්දු ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහල සඳහා පුටු මිලදී ගැනීමේ දී, නිසි ප්‍රමිතියෙන් යුතුව අවම මිළ ගණන් ඉදිරිපත් කළ ආයතනයෙන් මිලදී නොගෙන, ඩිසයින් පොයින්ට පුද්. සමාගම නැමති ආයතනයෙන් මිලදී ගැනීම සඳහා කටයුතු සැලසීම තුළින් ඉංජනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශයට රු. 7,973,114.50 (රුපියල් හැත්තෑ නව ලක්ෂ හැත්තෑ තුන් දහස් එකසිය දාහතරයි ශත පනහ) ක පාඩුවක් හා බාහිර පාර්ශ්වයකට අයුතු සහගත වාසියක් සිදු කර " දුෂණය " නැමති වරද සිදු කිරීම හා ඒ සඳහා '' ආධාර අනුබලදීම '' යන චෝදනාව මත,
බටහිරට ගැති නායකයකු පත් කර ගැනීම උදෙසා ඇමෙරිකාව ඉරානයේ අධ්‍යාත්මික නායකයා ඝාතනය කළ ද එය එසේ සිදුවීමට ඇති සම්භාවිතාව ඉතා අවම බව පෙනේ. සිය නායකයා මිය යාමට පෙර ඔහුට විරුද්ධව එරට තුළ උද්ඝෝෂණ දැඩි වුවත් මේ වන විට එරට සිටින විදෙස් ප්රවෘත්ති වාර්තාකරුවන් පවසන්නේ රට තුළ බෙදුණු මතයක් නිර්මාණය වී ඇති බවයි.
අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ ඔහුගේ පරිපාලනයට විරුද්ධව ‘No kings’ විරෝධතා ආරම්භ කරමින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පෙළපාළි යාම ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ටින් කළ මාළු වර්ග කිහිපයක් සඳහා නව උපරිම සිල්ලර මිලක් නියම කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
පාරිභෝගිකයා නොමඟ යවන සහ රවටන අයුරින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ නීතිරීති සහ විධාන උල්ලංඝනය කරමින් කටයුතු කළ කොළඹ 03, ගාමිණී ගුණරත්න මාවතේ පිහිටි “ටියාන් යෙෆා ට්‍රේඩර්ස් පුද්ගලික සමාගම” (Tian Yefa Traders Private Limited) ආයතනයට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් අද (08) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය (අංක 05) හමුවේ නඩු පවරන ලදී.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

