තායිලන්තයෙන් මෙරටට ත්‍යාග ලෙස ලබාදුන් ඇතින්නියන් දෙදෙනා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පශු වෛද්‍ය කමිටුවක් පත් කරන බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි පවසයි.
තායිලන්තයේ පළාත් නවයක් ඇතුළු ප්‍රදේශ රැසක් තවදුරටත්, ජලයෙන් යටව පවතී. ජල ගැල්මට හසුව පවතින එරට දකුණුදිග රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබන අසාධ්‍ය රෝගීන් අද (26), හෙලිකොප්ටර මගින් වෙනත් රෝහලක් කරා මාරු කර යැවීමට පියවර ගන්නා බව බලධාරීහු පැවසූහ. කලාපයට බලපා ඇති ධාරාණිපාත වැසි විපත්වලින් මෙතෙක් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 33 කි. වර්ෂාවේ අඩුවීමක් තව දුරටත් දක්නට නොවේ.
තායිලන්තය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද ඇතුන් දෙදෙනෙකු වන ප්ලායි ශ්‍රීන්හරොන්ග් (Plai Srinharong) සහ ප්ලායි ප්‍රාටු ෆා (Plai Pratu Pha) ආපසු ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමග සාකච්ඡා ආරම්භ කිරීමට නියමිත බව තායිලන්ත මාධ්‍ය වාර්තා කර තිබේ.
තායිලන්තයේ බැංකොක් නුවර පිහිටි මත්පැන්හලක හටගත් ගින්නකින් පුද්ගලයින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉකුත් මැයි 02 වැනිදා තායිලන්තයේ සිට ගුවන් මගින මෙරටට කුෂ් මත්ද්‍රව්‍ය රැගෙන ඒමෙ දී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ භික්ෂුන් වහන්සේලා සිව්දෙනකුට මීගමුව මහාධිකරණය ඇප නියම කළ අතර ඇප ලබා පිටව යෑමට මත්තෙන් නිකපොත සුමන රක්ඛිත හිමි බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි ලබා දුන්නේ ය.
තායිවානයේ අග්නිදිග වෙරළ ප්‍රදේශයේ අද (24), රිච්ටර් මාපක 6.1ක භූ කම්පනයක් සිදු විය. ඉන් සිදු වූ හානි පිලිබඳ කිසිත් තවමත් වාර්තා වී නොමැත.
තැපැල් දෙපාර්තමේන්තුව විසින් US Post වෙත ගෙවන ලද ඩොලර් ලක්ෂ 6ක මුදලක් එම දෙපාර්තමේන්තුව වෙත නොලැබීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝණක විමර්ශන ඒකකය අද (6) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ දැනුම් දුන්නේය.
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත මහා භාණ්ඩාගාරය විසින් ලබා දුන් ආදායම් ඉලක්කය පසුගිය වසරේ දී ඉක්මවා යාමට සමත්වු බව එම දෙපාර්තමේන්තුව පවසයි.
2026 මැයි 13, කොළඹ – ශ්‍රී ලංකාවේ ඉස්සන් වගා අංශය නවීකරණය කිරීමේ සුවිශේෂී ඉදිරි පියවරක් තබමින්, කොරියානු ජනරජයේ මූල්‍ය අනුග්‍රහය මත, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය සමග එක්ව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) විසින් ක්‍රියාත්මක කරන ලද "ඵලදායී ජෛව ආරක්ෂණය සහ ඩිජිටල් තාක්ෂණය හරහා ස්මාර්ට් සහ තිරසර ජලජීවී වගාව" ව්‍යාපෘතිය සාර්ථකව සම්පූර්ණ කළේ ය.
හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න දිල්ෂාන් ඊයේ (27) කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කළේ ය.
ව්‍යාපාර කටයුතු සඳහා බව පවසමින් මුදල් ලබා ගෙන වංචා කළ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටි තිළිණි ප්‍රියමාලිට අද (01) යළි වරෙන්තු නිකුත් කළේ ය.
දැනට ලෝකයේ ලෝක යුද්ධ දෙකක් ඇති වෙලා තිබෙන බවත් ඒ යුද්ධ දෙක පළමු ලෝක යුද්ධය සහ දෙවන ලෝක යුද්ධය ලෙස හඳුන්වන බවත් පසු ගිය වකවානුවෙහි ඇමරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර පැවති යුද්දය බොහෝ විට තුන්වනලෝක යුද්ධයක් දක්වා විහිදීමට ඉඩ තිබූ බවත්, දැනට සමනය වී ැති යුදමය තත්ත්වය තුන්වන ලෝක යුද්ධයක් දක්වා වර්ධනය නොවීමට නම් කළ යුත්තේ කුමක් ද යන්න පිළිබඳව දේශපාලන සහ සමාජ විශ්ලේෂක මිලින්ද මොරගොඩ කරුණු පැහැදිලි කිරීමක් කළේ ය.
තුන්වන පාසල් වාරයේ අවසන් අදියර සඳහා පාසල් ආරම්භය දෙසැම්බර් මස 16 වෙනිදා සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව පැවසීය.
ආචාර්ය ධර්මසේන පතිරාජ නිර්මාපිත තිර රචනා ත්‍රිත්වයේ ග්‍රන්ථ දොරට වැඩුමත්, සිංගප්පූරු ආසියානු සිනමා සංරක්‍ෂණාගාරයේ ප්‍රතිසංරක්‍ෂිත අහස් ගව්ව චිත්‍රපටයේ 4K ප්‍රදර්ශනයත් ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී අගෝස්තු 9වන ඉරිදා පස්වරුවේ පැවැත්විණි.
කොළඹ 05, තුම්මුල්ල, හැව්ලොක් පාරේ ඉදි කිරීමට යෝජිත තට්ටු 40කින් යුතු හෝම්ලෑන්ඩ් පෙන්ටාරා' නිවාස සංකීර්ණය සඳහා නීතියට පටහැනිව අනුමැතිය ලබාදුන් බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීමට නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා විසින් එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු නම්කර ඇති අතර එය හොරාගේ අම්මගෙන් පේන අහනවා වැනි වැඩක් යයි සමාජ මාධ්‍ය ඔස්සේ චෝදනා එල්ල වෙමින් තිබේ.
ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති ආචාර්ය සෙමිහ් ලුට්ෆු ටුර්ගුට් මහතා ගේ ආරාධනයෙන්, සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී , ව්‍යවසායක දිලිත් ජයවීර තුර්කි තානාපති කාර්යාලයේ දී විශේෂ සාකච්ඡාවකට එක්විය.
වයස 11ක දැරියකට සාපරාධී ලිංගික අතවරයක් කිරීම සම්බන්ධයෙන් සැකකරුවකු වී සිටින පල්ලේගම හේමරතන නමැති චිවරධාරියාට එරෙහිව සිදුකරන විමර්ශනවලට බලපැම් නොකරන්නැයි ඉල්ලමින් ළමා හිංසනයට තිත පදනමේ (Stop Child Cruelty)] සභාපතිවරිය මෙන්ම විධායක අධ්‍යක්ෂවරිය ද වන වෛද්‍ය තුෂ් (තුෂාර) වික්‍රමනායක ජාතික ජනබල වේගය පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රිවරියක වන ලක්මාලි හේමචන්ද්‍ර වෙත ලිඛිත ඉල්ලීමක් කර ඇත.
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරි අධ්‍යක්ෂකවරයෙකු වන තුසිත හල්ලොලුව ඉලක්ක කර ගනිමින් නාරහේන්පිට ප්‍රදේශයේ දී වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය වෙත බාර දී තිබේ.
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ගේ උපදෙස් මත අදාළ විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත බාරදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කළේය.
තුසිත හල්ලොලුව මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී නාරහේන්පිට වටරවුම පාර ප්‍රදේශයේ දී ඊයේ (17) රාත්‍රී යතුරුපැදියකින් පැමිණි නාදුනන දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණි.
මෝටර් රථය පසුපස හඹා ආ යතුරුපැදිකරුවන් දෙදෙනා අහසට වෙඩි තබා ඇති අතර මෝටර් රථය නතර කළ පසු ඉදිරිපස වීදුරුවට ද වෙඩි තබා ඇති බව වාර්තා වෙයි. එම අවස්ථාවේ දී මෝටර් රථය තුළ තුසිත හල්ලොලුව ගේ නීතීඥවරයා වන නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ සිට ඇති අතර වෙඩික්කරුවන් විසින් තුසිත හල්ලොලුවට පහරදීමක් ද සිදුකර ඇති බව සඳහන්ය. එම වාහනය පදවා ඇත්තේ තුසිත හල්ලොලුවගේ හිතවතෙකි.
පහරකෑමෙන් තුවාල ලැබූ තුසිත හල්ලොලුව සහ ඔහුගේ නීතීඥවරයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
වෙඩික්කරුවන් විසින් තුසිත හල්ලොලුව ගේ මෝටර් රථයේ තිබූ ලිපි ගොනුවක් ද රැගෙන පළාගොස් ඇති බව පොලීසිය පැවසීය.
තුසිත හල්ඔලුව පසුගිය දිනෙක ජනාධිපති අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන් සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හේතුවෙන් කතාබහට ලක් වූ අතර, ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා පසුගිය 15 දා ප්‍රශ්න කිරීමකටද ලක් විය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අවධානය යොමුව ඇති අතර ඔවුන් අද පස්වරුවේ රැස්වී මේ පිළිබඳව සාකච්ජා කිරීමට නියමිත බව පැවසේ.
මුලාශ්‍රය - aruna.lk
සිංහරාජ වන වියන දිහාවෙන් පතිත මන්දාරම මල් වැස්සක් සේ ඇද හැලෙන්නට වුණි. කොස්නිල්ගොඩ රෝහල වෙත මල් වැසි පතිත වෙයි. වෙසක් සඳ පායන්න තව දෙහොරාවක්වත් නැත. කිරි සුවඳ හමා හඬන හඬ ඇසී සයිමන් ලියනගේ සම ඇට නහර පිබිද ගියේ ය. ඔහු ඉක්මන් ගමනින් සක්මන් කළේ ය.
මල් හිනා පුරාගෙන වාට්ටුවට දිව ආ සයිමන් රෝස පා සිඟිත්ත මුදු කෙසින් පිරි පින්පිරූ පුත් රුවන දැක්කේය. සතුට දෝරේ ගලයි.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව පැවැති කාලයේ මාගම්පුර වරායේ සිදු කළ තෙල් ගනුදෙනුවක් හේතුවෙන් රු. කෝටි 970ක (බිලියන 9.7ක) දැවැන්ත ණය මුදලක් ගෙවීමට රජයට සිදුව තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

