ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයට අදාළ පරිපාලන සහ වෘත්තීයමය ගැටලු සම්බන්ධයෙන්, අධ්‍යයනාංශයේ මහාචාර්ය, ආචාර්යවරු, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත නිල පැමිණිල්ලක් ඉදිරිපත් කෙරිණි.
#lkජර්මනියත් තරඟ කළ නිෂ්පාදනයකට ශ්‍රි ලංකාවේ බඩල්කුඹුරේ තරුණයෙක් ඉදිරිපත් වීම ම ජයග්‍රහණයක් යැයි ව්‍යවසායක සහ කර්මාන්ත අමාත්‍ය ඇමති සුනිල් හඳුන්නෙත්ති පැවසී ය.
කොටුව දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපතිවරයා ගේ විවේක කාමරයේ ජල මෝටරය ගැලවූ බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන කොටුව පොලීසියට නියෝග කළේය.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ජලාශ 36ක් ඇතුළු ජලාශ 71ක් මේ වන විට වාන් දමන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
මහින්ද රාජපක්ෂ ගේ නිවසට යන විට සෙරෙප්පු ගලවා අතේ රැගෙන ගිය, මහින්ද රාජපක්ෂ එන තුරු හිටගෙන සිටි, ඔහු ඉදිරියේ කොන්ද කෙළින් තබාගෙන සිටිය නොහැකි වූ ජවිපෙ බෑග් අරගෙන යන විදිය තමන්ට කියන්නට ඒපා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්රසාධ් සිරිවර්ධන පැවසී ය.
දැනට සති දෙකක තුනක පමණ සිට සමූපකාර ඡන්දයෙන් පරාජය වූ පිරිස යළි සමූපකාරවලට පැමිණ, යලි රාජ්‍ය බලය භාවිත කරමින්, පළාතෙහි ආණ්ඩුකාරවරයා ලවා පත්වීම් ලිපි දීර්ඝ කරගෙන සමුපකාර සමිති අනීතිකව මෙහෙයවමින් සිටින්නේ යැයි... වීරසුමන වීරසිංහ පැවසී ය.
“සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දීය කවුන්සිලයේ” (ICCR) ආරාධනාවකට අනුව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු නියෝජිත පිරිසක් ඉන්දියානු සංචාරයක් සඳහා අද (05) පෙරවරුවේ නවදිල්ලි නුවර බලා පිටත්ව වූහ.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ කියුබානු නව තානාපතිනි පැට්‍රීෂියා පෙගෝ ගුවෙරා (Patricia Pego Guerra) අතර හමුවක් අද (03) පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී සිදුවිය.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි ත්‍රින් තී ටැම් සහ උප තානාපති ලී වැන් හොන්ග් අතර හමුවක් ඊයේ (26) පැලවත්ත ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ දී සිදුකෙරිණි.
මම මේ ලියන්නේ මගේ අවසාන දේශපාලන විග්‍රහය යි. මම දේශපාලනය වෙනුවෙන් ලියා ඇත්තේ අනුර කුමාර වෙනුවෙන් පමණයි. නමුත් මම දැන් සැකය සහ විශ්වාසය අතර අතරමං වී ඇත්තෙමි. මම මේ කිසිම දේශපාලන සංස්කෘතිය කට හෝ දේශපාලන කඳවුරකට අයිති නැත්තෙක් වෙමි.
බලය ලබා ගැනීමට කලින් විපක්ෂයේ සිටින විට දිනාගෙන තිබූ මහජන විශ්වාසය අමු අමුවේ භාවිත කරමින් ආණ්ඩුව මේ ව විට සියලු පාවාදීම් කිරීම වෙනුවෙන් සූදානම් වී සිටින්නේ යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික රවීන්ද්‍ර මුදලිගේ පැවසී ය.
ස්වාධීන, ස්වෛරී රාජ්‍යයක් වන වෙනිසියුලාවට කඩාවැදී එහි මහජන ඡන්දයෙන් පත්ව සිටි ජනාධිපති, නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ පැහැර ගනිමින්, එක්සත් ජනපදය විසින් වෙනිසියුලාවට එරෙහිව සිදු කරන ලද හමුදාමය ආක්රමණික මැදිහත්වීම ජනතා විමුක්ති පෙරමුණ තරයේ හෙළා දකින බව එම පක්ෂය සඳහන් කරයි.
ලෙනින්ගේ “දයලෙක්තිකය පිළිබඳ ගැටලුව ගැන” (On the Question of Dialectics) කියන කටු සටහනේ මෙහෙම සඳහන් වෙනවා.
"තනි සමස්තයක් කොටස්වලට බෙදී යෑම සහ එහි පරස්පර විරෝධී කොටස් හඳුනා ගැනීම යනු දයලෙක්තිකයේ සාරය යි. එසේත් නැතහොත් එහි ඇති මූලිකම අවශ්‍යතාවලින් එකකි; ප්‍රධානතම ලක්ෂණය නොවන්නේ නම් ප්‍රධානත ම ලක්ෂණවලින් එකකි."
මාක්ස් පවා මාක්ස්වාදියකු නොවන ලෙස අර්ථ දැක්විය හැකි ආකාරයට වංගිස සුමනසේකර විසින් ලාංකීය වාම දේශපාලන අවකාශය තුළ නිතර කතාබහට ලක්වන, බුද්ධිමය න්‍යාය සහ ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය අතර පරතරය ස්පර්ශ කරන අදහස් දැක්වීමක් දක්නට ලැබුණි. කෙසේ වෙතත්, මාක්ස්වාදී දෘෂ්ටිකෝණයකින් සහ දයලෙක්තික විශ්ලේෂණයකින් බලන කල, එම ඉදිරිපත් කිරීම තුළ ප්‍රධාන න්‍යායික සීමා සහ පැහැදිලි පරස්පර කිහිපයක් හඳුනා ගත හැකි ය.
තිරිකුණාමලයේ තෙල් ටැංකි අලුත් වැඩියා කර සංවර්ධනය කිරීමට ගත් උත්සාහ තුනක් ම ව්‍යවර්ථ කළේ ජනතා විමුක්ති විමුක්ති පෙරමුණ යැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පැවසී ය.
කොළඹ මධ්‍යම අපරාධ කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස්පති රන්මල් කොඩිතුවක්කුට දුරකතනයෙන් බැණ තර්ජනය කළ පුද්ගලයාට ලබන නොවැම්බර් මස 25 අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද 23 නියෝග කළේ ය.
ලංකාවට ආපදාවෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විශේෂ යෝජනා කිහිපයක් ආණ්ඩුව වෙත ඉදිරිපත් කිරීමටද කටයුතු කොට තිබූ බවත්, ආපදා තත්ත්වය හමුවේ කලබල නොවන ලෙසත්, ආපදාව සම්බන්ධයෙන් නිසි තක්සේරුවක් කොට වන්දි පූර්ණය සහ විනාශයට පත්වුණු යටිතල පහසුකම් ගොඩනැගීම සම්බන්ධයෙන් කොපමණ මුදලක් අවශ්‍යද යන්න පළමුව සොයාබලන ලෙසත් ගෙනා යෝජනාව ඉන් ප්රමුඛ වී ඇති බවත් පැවසේ.
සියලු අයිතිවාසිකම් ලැබුණ ද තවමත් මේ ලෝකයේ කාන්තාවන්ට: මනුෂ්‍යයෙක් ලෙස, කාන්තාවක් ලෙස, ජීවත් වීමේ අයිතිය ලැබී තිබේ ද යන ප්රශ්නය 115වන ජාත්‍යන්තර කාන්තා දිනය දවසේ ද අසන්නට සිදුව තිබේ යැයි නිදහස උදෙසා කාන්තා ව්‍යාපරයේ සංවිධායක, ලේකම් හේමමාලි අබේරත්න පැවසුවා ය.
ශ්‍රී ලංකාවේ දේශපාලන පොළොව මේ වන විට වෙනත් කිසිදු යුගයක නොතිබූ අයුරින් දැඩි ලෙස උණුසුම් වී තිබේ. කිසිදිනෙක නීතියේ රැහැනට කොටු කරගත නොහැකි යැයි බොහෝ දෙනා සිතා සිටි නාමල් රාජපක්ෂ අත්අඩංගුවට පත්වීමත් සමග සමස්ත දේශපාලන ක්‍රමය ම දෙදරුම් කමින් පවතී.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ඇතුළු විශේෂ නියෝජිත කණ්ඩායමක් තෙදින නිල සංචාරයක් සඳහා අද (16) දිවයිනට පැමිණියහ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

