Heywood Art Museum ග්‍රන්ථය පිළිබඳව මෙන් ම ... පිළිබඳව ද මේ දිනවල විවිධ අදහස් පළවෙමින් තිබේ.
මේ සම්බන්ධයෙන් බලවත් ලෙස මැදිහත් වී ඇත්තේ දෘශ්‍ය කලා නිර්මාණකරුවකු වන සුජිත් රත්නායක ය.
මතු පළ වන්නේ ඔහු විසින්, Heywood Art Museum ග්‍රන්ථයේ අන්තර්ගත ඡායාරූපයක් සම්බන්ධයෙන් කාතියෙහි අන්තර්ගතය පිළිබඳ කරන ලද විවවේචනයකි.
Heywood Art Museum ග්‍රන්ථයේ ලංකාවේ දෘෂ්‍ය කලාවේ පසුබිම ආවරණය කරන මූලික ලිපියේ පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සඳහන් කර ඇත. එහි පාස්කු ඉරිදා ප්‍රහාරය ආවරණය කර ඇත්තේ වාක්‍ය දෙකකිනි. ලංකාවේ දෘෂ්‍ය කලාවේ පසුබිම ආවරණය කිරීමේ දී පාස්කු ඉරිදා ප්‍රහාරය හුදෙක් ප්‍රවෘත්තියක් සහ සමාජ සංසිද්ධියක් හැටියට ආවරණය කිරීමෙන් පලක් නැත. පාස්කු ප්‍රහාරය ලාංකේය කලාවට බලපාන ලද තරම ගැන ඉස්පිල්ලක තරම් දෙයක් එහි අන්තර්ගත නැත. ඇත්තටම කලාව ගැන කතා කරන පොතකට කලාව කෙරෙහි පාස්කු ඉරිදා ප්‍රහාරයේ බලපෑම පෙන්වීමට බැරිනම් පාස්කු ඉරිදා ප්‍රහාරය පොතට ඇතුළත් කරේ මොන එහෙකට ද ?

පාස්කු ඉරිදා ප්‍රහාරයට ලක් වූ වින්දිතයින්ට යුක්තිය ඉල්ලීම 2022 අරගලයේ එක් සටන් පාඨයක් විය. එම සටන් පාඨය අති උත්කර්ෂවත් අන්දමින් performance කලා නිර්මාණයක් බවට පත් කළේ ජෙහාන් අප්පුහාමි ය. කටුවපිටිය කතෝලික පල්ලියේ සිට අරගල බිමට ජෙහාන් විසින් කුරුසයක් රැගෙන යෑම ඊට අදාළ performance කෘතිය යි. එම කලා ව්‍යායාමය ජාතික සහ ජාත්‍යන්තර මාධ්‍ය නිවුස් මවන කලා ව්‍යායාමයක් විය; එය අරගලයට භාවාතිශය පන්නරයක් ද විය.

මීට පෙර තීර්ථ ජාත්‍යන්තර කලාකරුවන් ගේ එකතුවේ කලාකරුවන් සහ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කලාකරුවන් performance මාධ්‍යයේ කලා වැඩ කරන ලද නමුත් ඒවා මේ තරම් සමාජයට බලපෑම්සහගත වූයේ නැත. බොහෝ performance හුදෙකලා ක්‍රියාකාරකම් විය. ඒවා සමාජගත උනේ එන්.ජී.ඕ. සහ පෞද්ගලික වානිජ ප්‍රාග්ධනයෙනි. ජෙහාන් ගේ performance ව්‍යායාමය ස්වේච්ඡා දේශීය ජන සහභාගීත්වයෙන් ඇති වූ ප්‍රවණතාවකි. ජෙහාන්ගේ මෙම කලා ව්‍යායාමය පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රතිඵලයකි. එය කිතු දහම ප්‍රවර්ධනය පිණිස කරන ලද්දක් නොව පාස්කු වින්දිතයින්ට යුක්තිය ඉල්ලා කරන ලද ස්ව පීඩක වේදනාබර තෝරා ගැනීමකි. ජෙහාන්ගේ මෙම කලා ව්‍යායාමය අනෝමා රාජකරුණා විසින් වාර්තාමය චිත්‍රපටයට ද නගන ලදි.

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෘෂ්‍ය කලා පීඨය ශාස්ත්‍රීය විචක්ෂණත්වය තිබෙන තත්ත්වයක් හැටියට කලාව කෙරෙහි පාස්කු ඉරිදා ප්‍රහාරය බලපාන ලද යම් සමාජ සංසිද්ධියක් හැටියට ගැනීම තුළින් පෙනේ. ඒ සමග පාස්කු ඉරිදා ප්‍රහාරය වාර්තා කර ජෙහාන් අප්පුහාමි මග හැරීම තුළින් පේන්නේ ඔවුන්ගේ අලි කුහක රෝගී පැන යාමයි.

Sujith Rathnayake
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
