ජාතීන් අතර සමගිය ගොඩනැගීමේ SCOPE වැඩසටහන සාර්ථකව නිමාවට පත්වේ

ජාතීන් අතර සමගිය ගොඩනැගීමේ SCOPE වැඩසටහන සාර්ථකව නිමාවට පත්වේ

SCOPE වැඩසටහන සඳහා යුරෝපා සංගමය සහ ජර්මානු ෆෙඩරල් විදේශ කාර්යාලය සම-අරමුදල් සපයන අතර, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සමඟ හවුල්කාරිත්වයෙන් GIZ විසින් ක්‍රියාත්මක කරනු ලබයි.

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25ම ආවරණය පරිදි පුද්ගලයින් 175,000 කට අධික පිරිසක් සහභාගී කරවාගෙන වසර තුන හමාරක් තිස්සේ පැවැති ශ්‍රී ලංකාවේ සමාජ සහජීවනය සහ සාමය ශක්තිමත් කිරීම (SCOPE) සඳහා ක්‍රියාත්මක කළ "එකමුතුබවේ දෝංකාරය" වැඩසටහන ඉතා සාර්ථකව පසුගියදා කොළඹ ගාලු මුවදොර හෝටලයේදී සමාප්ත කෙරිණි.

වසර 2022 මාර්තු මාසයේ සිට ඇරඹි SCOPE වැඩසටහන, ප්‍රජා සහ ආයතනික හැකියාවන් වැඩිදියුණු කිරීම, වඩාත් අන්තර්කරණය වූ මහජන කතිකාවක් ප්‍රවර්ධනය කිරීම සහ ආර්ථික අන්තර්කරණය සඳහා රජයේ සහ සිවිල් සමාජ හවුල්කරුවන් 50 කට වැඩි පිරිසක් සමඟ කටයුතු කර ඇත. එහි ක්‍රියාත්මක කාලය තුළ, SCOPE ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 පුරාම 175,000 කට අධික පිරිසක් සමඟ සම්බන්ධ වී ඇත. SCOPE වැඩසටහන සඳහා යුරෝපා සංගමය සහ ජර්මානු ෆෙඩරල් විදේශ කාර්යාලය සම-අරමුදල් සපයන අතර, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සමඟ හවුල්කාරිත්වයෙන් GIZ විසින් ක්‍රියාත්මක කරනු ලැබීය.

SCOPE හි සමාප්ති වැඩසටහන සඳහා ශ්‍රී ලංකා රජය, ජාත්‍යන්තර ප්‍රජාව, සිවිල් සමාජය, විද්වතුන්, මාධ්‍ය සහ පෞද්ගලික අංශයේ නියෝජිතයින් රැසක් එක් වූහ. වැඩසටහනේ ලද සාර්ථකත්වයන් සැමරීම, ඉන් උගත් පාඩම් ආවර්ජනය සහ ඉදිරි වසරවලදී සමාජ සහජීවනය සඳහා ගම්‍යතාවය පවත්වා ගන්නේ කෙසේද යන්න සාකච්ඡා කිරීමට සිදු විය.

සම්භාවනීය අමුත්තන් අතරට ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය, වත්මන් ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය ඇමැති මුනීර් මුලෆර්, ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා යුරෝපා සංගමයේ තානාපති කාමන් මොරේනෝ සහ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ජර්මානු තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමන් යන මහත්වරු සහභාගී වූහ.

වැඩසටහනෙන් සිදු වූ සමාජ බලපෑම අවධාරණය කරමින් කාමන් මොරෙනෝ මහතා මෙසේ සඳහන් කළේය. “පසුගිය වසර තුනහමාරක කාලය තුළ, SCOPE වැඩසටහන, ආයතන, ප්‍රජාවන් සහ පුද්ගලයන් අතර පාලම් ගොඩනැගීමට උපකාරී වී තිබෙනවා. සමාජ සහජීවනය ශක්තිමත් කිරීමේ මෙම උත්සාහයට සහාය දැක්වීමට හැකි වීම ගැන යුරෝපා සංගමය ආඩම්බර වෙනවා. ශ්‍රී ලංකාව මෙම ගමන අඛණ්ඩව යන විට, SCOPE හරහා උගත් පාඩම් සහ ගොඩනගාගත් හවුල්කාරිත්වයන් කල් පවතින දායකත්වයක් ලෙස පවතිනු ඇති.”

යුරෝපා සංගමයේ සහ ජර්මනියේ පොදු කැපවීම අවධාරණය කරමින්, ෆීලික්ස් නියුමන් මහතා මෙසේ අවධාරණය කළේය: “විවෘත සංවාදය, සංහිඳියාව සහ අතීතයෙන් ඉගෙනීම සඳහා ජර්මනිය විශාල වැදගත්කමක් ලබා දෙනවා. අවංක අදහස් පරාවර්තනය සහ සහයෝගීතාවය කල් පවතින සමාජ සහජීවනය සඳහා අත්තිවාරම් ගොඩනගා ගත හැකි ආකාරය SCOPE පෙන්වා දී තිබෙනවා. ආයතන ශක්තිමත් කරන සහ ප්‍රජාවන්ට එකට ඉදිරියට යාමට බලය ලබා දෙන වැඩසටහනකට සහාය දැක්වීම ගැන අපි ආඩම්බර වෙනවා.”

සම්භාවනීය අමුත්තන්ගේ දේශනවලට අමතරව, SCOPE හි බලපෑම සහ ප්‍රතිඵල පිළිබඳ ඉදිරිපත් කිරීමක්, බෙදාගත් ඉගෙනුම් පිළිබඳව නියෝජිතයින් සමඟ විද්වත් සාකච්ඡාවක් සහ දිවයින පුරා පුද්ගල ආඛ්‍යාන සහ ප්‍රජා අත්දැකීම් ග්‍රහණය කරගත් ඡායාරූප කථා පොතක් එළිදැක්වීම මෙහි දී සිදු විය. නිර්මාණාත්මක ප්‍රකාශනය තුළින් එකමුතුකම සමරමින්, ලලිත ටෙම්පල් ඔෆ් ෆයින් ආර්ට්ස් විසින් සිදු කළ ඉදිරිපත් කිරීමකින් උත්සවය අවසන් වූ අතර, ඉන්පසු SCOPE හි හවුල්කරුවන් සහ සහයෝගිතාකරුවන් අගය කිරීම සඳහා වූ අංගයක් ද පැවැත්විණි. SCOPE හි සහාය ඇතිව ක්‍රියාත්මක වූ විකල්ප ප්‍රතිපත්ති මධ්‍යස්ථානය, මතක සංචිතය සහ ශ්‍රී ලංකා බැරෝමීටර් සඳහා වූ ප්‍රදර්ශන කුටි ද මෙහි ඇතුළත් විය.

(ජේ.මුණසිංහ)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න