සමාගම් දෙකක් අතර පවතින චෙක්පත් ගනුදෙනුවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව, 'සිලෝන් නිවුස් පේපර්ස්' පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්යක්ෂ, හිටපු අමාත්‍ය ටිරාන් අලස් අත්අඩංගුවට ගැනීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සම ලබන 30වන දා කැඳවීමට අභියාචනාධිකරණය නියම කළේ ය.
බංග්ලාදේශයේ ඩකා හි හස්රත් ෂාජලාල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ භාණ්ඩ ප්‍රවාහන අංශයේ දැවැන්ත ගින්නක් හටගෙන තිබේ.
මේ හේතුවෙන් එහි සියලු ගුවන් ගමන් තාවකාලිකව නතර කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
සිද්ධියෙන් පසු ගුවන් තොටුපළ ගිනි නිවන දෙපාර්තමේන්තුවේ සහ බංග්ලාදේශ ගුවන් හමුදා ගිනි නිවන ඒකකයේ මෙන්ම අනෙකුත් අදාළ ආයතනවල කණ්ඩායම් වහාම එම ස්ථානයට පැමිණ ගින්න පාලනය කිරීම සඳහා කටයුතු කර ඇත.
පිස්තෝලයක් අතුරුදන් වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැය 72ක රැඳවුම් නියෝග ලබා ගෙන තිබේ.
හිටපු අමාත්‍යවරයෙකු වූ ඩග්ලස් දේවානන්දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රාජ්‍ය සේවාවන් නවීකරණය කිරීම, ඩිජිටල් යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සහ තරඟකාරී ඩිජිටල් ආර්ථිකයකට අඩිතාලම දැමීම සඳහා රුපියල් බිලියන 35.6 (ඇමරිකානු ඩොලර් මිලියන 120) ක මුදලක් වෙන් කරමින්, ශ්‍රී ලංකාවේ 2026 අයවැය මගින් ඩිජිටල් පරිවර්තනය ආර්ථික පුනර්ජීවන උපාය මාර්ගයේ කේන්ද්‍රස්ථානය බවට පත් කර ඇත.
ශ්‍රී ලංකාවේ පවුලේ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය (College of General Practitioners of Sri Lanka - CGPS) විසින් සංවිධානය කරනු ලබූ GP Sri Lanka ’26 – 51 වන වාර්ෂික අධ්‍යයන සැසිය (51st Annual Academic Sessions) ඊයේ (19) කොළඹ Grand Maitland හෝටලයේ දී පැවැත්විණි.
ඇවිදින පුස්තකාල කියා බලයට පැමිණ රාජ්‍ය දේපළ සම්පත් සාංගික සම්පත් ලෙස ආරක්ෂා කරනවා කියා බලයට පැමිණ අවසානයේ රටේ මූල්‍ය සුරක්ෂිතභාව තහවුරු කිරීමට ද රජය අපොහොසත් වී ඇතියි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඩිට්වා සුළි කුණාටුවෙන් සීමිත බාධා කිරීම් පමණක් සිදුවූ බවත්, නිෂ්පාදන ක්‍රියාවලියට ඉන් හානියක් නොවූ අතර අස්වනු නෙලීම, ප්‍රවාහනය සහ කොළඹ තේ වෙන්දේසියේ කටයුතු ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බවත් කොළඹ තේ වෙළෙඳුන්ගේ සංගමය (CTTA) තහවුරු කිරීමත් සමඟ, ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය නැවත වරක් සිය ඔරොත්තු දීමේ හැකියාව ඔප්පු කර ඇත.
සමාජ මාධ්‍ය වේදිකා තුළ ඩිල්කා සමන්මලී මාධ්‍යවේදීනිය ඉලක්ක කරගෙන සිදුකරනු ලබන අසභ්‍ය වාචික අපහාස සහ හිරිහැර කිරීම පිළිබඳව දැඩි ලෙස විරෝධය පළ කරන බවත්, මෙවැනි හැසිරීම් ඇයට ගැඹුරු මානසික හානියක් සිදුකරන අතර අප, සමාජය තුළ පවත්වා ගත යුතු ගරුකිරීම, මානව ගෞරවය සහ වගකීම් සහිත ඩිජිටල් සම්බන්ධතා අගයන් ද බිඳ දමන්නේ යැයි ප්රජාතන්ත්රවාදය උදෙසා සමාජ ජනමාධ්‍යවේදීන් සඳහන් කරයි.
ඩී.ඇස්.සේනානායක විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ 88 වසර කණ්ඩායමෙන් ගුරුවරුන් වෙත සෑම මසකම අඛණ්ඩව වෛද්‍ය පහසුකම් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත.
"තමාට පෙර රට" යන ආදර්ශ පාඨය අනුව ගමන් කරන අභිමානවත් පාසලක් ලෙස කොළඹ ඩී. ඇස්. සේනානායක විද්‍යාලය ශ්‍රී ලංකාව තුළ
වර්ෂ 1946 සැප්තැම්බර් 06වන දා ඩී. එස්. සේනානායක මැතිතුමා ඇතුළු කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂය ආරම්භ කළ බවත්, නිලධාරීන් පත් කරන අවස්ථාවේ දී එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා මූලාසනය ගෙන ඩී. එස්. සේනානායක මැතිතුමා ගේ නම නායකත්වයට යෝජනා කළ බවත් Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසී ය.
ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ඊයේ(14) රාත්‍රියේ මෙරටට රැගෙන ආ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන "ශිරාන් බාසික්" නමැත්තා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාර දී ඇත.
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ලලිත් කන්නන්ගර නොහොත් ‘බස් ලලිත්’ නැමැත්තා අද (25) අලුයම මෙරටට රැගෙන විත් ඇත.
පැවති වර්ෂාමය තත්ත්වයෙන් පසු ඩෙංගු රෝගය නැවතත් රට තුළ උත්සන්න වෙමින් පවතී. විශේෂ ඩෙංගු මර්දන ජාතික මෙහෙයුමක් ජූනි 24, 25 සහ 26 යන තෙදින පුරා දිවයින පුරා ක්‍රියාත්මක වේ.
ජූනි මාසයේ පමණක් ඩෙංගු මදුරුවන් බෝවන ලෙස වගකීම් විරහිතව ක්‍රියා කළ පුද්ගලයින් 1186ක් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමර්ග ගත් බවත් එම පිරිසෙන් රු.එක්කෝටි දෙලක්ෂ විසිපන්දහසක දඩ මුදලක් ද අයකර ගෙන තිබෙන බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගේ සංගමයේ සභාපති අමිත් කුමාර පවසයි.
ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා ප්‍රජා දායකත්වය ඉහළ නැංවීමේ අරමුණින් “ප්‍රජා බලකරණය සඳහා වෙනසක්” යන සන්නිවේදන මූලධර්ම මත පදනම් වූ "ප්‍රජා මුලික ඩෙංගු මර්දන හා පාලන නියමු වැඩසටහන" සමාරම්භය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන ගේ ප්‍රධානත්වයෙන් අද (21) බොරලැස්ගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල පරිශ්‍රයේ දී සිදු කළේ ය.
ඩෙංගු රෝගය සඳහා සුදුසුකම් ලත් බටහිර හෝ ආයුර්වේද වෛද්‍යවරයකු නියම කරන ඖෂධ හැර කිසිදු අත් බෙහෙතක් ඩෙංගු රෝගීන් භාවිත නොකළ යුතු බව බොරැල්ල ජාතික ආයුර්වේද රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය සමින්ද ආරියරත්න අවධාරණය කරයි.
ඩිජිටල් සන්නිවේදනය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත් සමඟ සාම්ප්‍රදායික තැපැල් ලිපි සඳහා ඇති ඉල්ලුම පහත වැටීම හේතුවෙන් ඩෙන්මාර්කය සිය රාජ්‍ය තැපැල් ලිපි බෙදාහැරීමේ සේවාව අවසන් කර තිබේ.
"Hold SLC Elections or Get Blacklisted, ICC Informs President AKD" යන සිරස්තලයෙන් ඩේලි මිරර් පුවත්පතේ මුල් පිටුවේ පළ කර ඇති අසත්‍ය සහ නොම. යවනසුලු පුවත රජය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

