අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුව හෙට දිනයේ සිදුවනු ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ශ්‍රී ලංකාවේ උග්‍ර වන දේශගුණික විපත් රටේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියේ ඇති තීරණාත්මක දුර්වලතාවයක් හෙළි කර ඇත: එනම්, නිවැරදි තත්‍ය කාලීන (real-time) කාලගුණ අනාවැකි සඳහා ගෝලීය වශයෙන් අත්‍යවශ්‍ය මෙවලමක් ලෙස සැලකෙන ක්‍රියාකාරී ඩොප්ලර් රේඩාර් පද්ධතියක් නොමැති වීමයි.
2026/1/7 දිනට Central Bank of Sri Lanka විසින් නිකුත් කළ එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (USD/LKR Spot Exchange Rate) රු 310.02 ක් ලෙස සඳහන් වූ අතර එදින වෙළඳපළ ගැනුම් මිල 306.2 ක් ලෙසත් විකුණුම් මිල 313.8 ක් ලෙස සඳහන් වුණා .
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (12) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 300.58ක් ලෙස සහ විකුණුම් මිල රු. 308.07ක් ලෙස ඉහළ ගොස් තිබේ.
රේගු ආඥා පනත උල්ලංඝනය කර භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පිටරට පටවන මහා ජාවාරමට මෙරට ප්‍රධාන පෙළේ සමාගම් 21ක් සම්බන්ධ බවට කරුණු අනාවරණය වන හෙයින් එය තහවුරු කරගැනීම සඳහා තවදුරටත් විමර්ශන සිදු කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ කරුණු දැක්වූ රහස් පොලිසිය ඊයේ(23) පැවසී ය.
ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක (රුපියල් මිලියන 750 කට වැඩි) විදේශ ණය වංචාව පිළිබඳ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) වාර්තාව යනු සත්‍යයෙන් අඩක් පමණක් පවසන ලේඛනයක බවත්, හැකර්වරුන් මුදල් සොරා ගත්තේ කෙසේ ද යන්න එහි සාර්ථකව විස්තර කරන නමුත්, ඊට ඉඩ සැලසූ ඉහළ පෙළෙහි නිලධාරීහූ සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරන බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.
මහා භාණ්ඩාගාරයට අයත් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් ලබාගැනීමේ සිද්ධියට අදාළව සිදු කරන විමර්ශනයට අදාළව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය තාක්ෂණික කමිටුව රැස් වී දත්ත පිටපත් කරමින් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම් දුන්නේය.
භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක වංචාව පිළිබඳව 2026 මැයි මස 08 වන සිකුරාදා සභාගත කළ රජයේ මුදල් කාරක සභාවේ වාර්තාවේ අන්තර්ගතය සහ නිර්දේශ පිළිඳව දිනන දකුණ සාමූහිකය සිය විශ්මය සහ කනස්සල්ල පළ කරයි.
පාර්ලිමේන්තුව රැස් වූ වහාම රටට අහිමි වූ ඩොලර් ලක්ෂ 25 ගැන සාකච්ඡා කරන්න විවාදයක් ලබා දෙන ලෙස සමගි ජන බලවේගය සමස්ත විපක්ෂය වෙනුවෙන් රජයෙන් ඉල්ලීමක් කළ නමුත් වත්මන් රජය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්රය තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ තිබේ. ඊට හේතුව වන්නේ, දිගු කලක් තිස්සේ අඩු ආදායම්ලාභී ණය ගැනුම්කරුවන් මෙන්ම ණය දෙන්නන් ද පීඩාවට පත් කළ, පුළුල් ලෙස නියාමනය නොකළ ණය අංශයක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ගෙන එන '2025 ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරී පනත' බලාත්මක වීමට ආසන්නව තිබීමයි.
ආපදාව හේතුවෙන් ලංකාවට ණය ගෙවීමට නොහැකි බව දන්වමින් සියලු රටවල් ලංකාවේ ණය කපාහැරීමකට එකඟ වෙන්නැයි රටවල් සියයකට අධික පිරිසකගේ ලිපියක් ප්‍රසිද්ධ කළ ද ලංකා ආණ්ඩුව ඒ අවස්ථාව මගහැර යැම ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් යැයි ජනතා වෘත්තික මධ්‍යස්ථානයේ ජාතික කමිටු සාමාජික වෛද්‍ය ගිශාන්ත දසනායක පැවසී ය.
ඉදිරි පැය 36 සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (20) සවස 04.00 ට නිකුත් කරන ලද සාමාන්‍යය කාලගුණ අනාවැකියේ, දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය ඉදිරි පැය 24 තුලදී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් ඇති බව සඳහන් වේ.
‘දිට්වා‘ නිසා ඇති වූ ජලගැලීමෙන් කඩාවැටුණු පුත්තලම - අනුරාධපුර කරුවලගස්වැව, 9 කණුව, තබ්බෝව කොන්ක්‍රීට් පාලම වෙනුවට සවිකෙරුණු යකඩ පාලම ගමනා ගමනය සදහා අද පස්වරු 2.00 වන විට විවෘත කළ බව පුත්තලම මාර්ග සංවර්ධන ඉංජිනේරු කාර්යාලය පැවසීය.
කම්කරුවා, තමන් කම්කරුවක් බව නොදන්නා බවත්, මේ වන විට කම්කරු දිනය යනු පක්ෂ අතර පවත්නා යුද්ධයකට යැයි කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය සුමිත් චාමින්ද පැවසී ය.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකතුමා විසින් සිදු කරන ලද දූෂණ ගණනාවක් අඩංගු වාර්තාවක් “පාර්ලිමේන්තුවට අදාළ රහස්‍ය තොරතුරු අවසරයකින් තොරව
තමන්ගේ වගකීම ගැන සිතා සේවයට වාර්තා කරන ලෙස තැපැල්පතිවරයා සියලු තැපැල් සේවකයන්ගෙන් ඉල්ලා සිටියි.
මේ අතර ලංකා තැපැල් සේවක සංගමය වර්ජනය අසාර්ථක බව පවසන අතර 80%කට වැඩි පිරිසක් සේවයට වාර්තා කර ඇති බව ද ඔවුන් පවසයි.
ඉල්ලීම් 19 ක් මුල් කර ගනිමින් ආරම්භ කළ තැපැල් සේවක වැඩ වර්ජනය අද(20) තුන් වැනි දිනටත් ක්‍රියාත්මක වේ.
මේ හේතුවෙන් ජනතාව පත්ව ඇත්තේ දැඩි පීඩාවකටයි.
එදා චෝදනා කළ ව්‍යාපෘති අද හොඳ යැයි ඒ අයගේ කටින් ම කියවාගන්න ලැබීම පිළිබඳව සතුටුවන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
සුමිත් චාමින්ද සහෝදරයා විසින් මැතක දී තම මුහුණු පොත හරහා පළ කළ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ද විශිෂ්ට ලිපිය ගැන මේ මොහොතේ කතා බහක් ඇති කිරීම ඉතාමත් වැදගත්. අපි ඔහුගේ ලිපියෙ පවතින ඔහුත් හොඳාකාරව ම දැනුවත්ව හැබැයි භාවිතයේ දී අමතක කරන මුලික පරස්පරතා ගොන්න තේරුම් ගමු.
තමාට පොලිසිය බොරු නඩුවක් දැමු බව පවසමින් අධිකරණයට අපහාස වන ලෙස විවෘත අධිකරණයේ විත්තිකුඩුව මත සිට පරුෂ වචනයෙන් කෑ ගැසු සැකකරුවකුට මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය අද (31) දැඩිව අවවාද කළා ය.
මෑතකදී තේරී පත් වූ තමිල්නාඩු මහ ඇමති සී. ජෝසප් විජේට ජනාධිපති අනුර කුමාර දිසානායක පෞද්ගලිකව සුබ පැතුම් එක් කිරීම දැකීමෙන් එක්සත් ජාතික පක්ෂය පුදුමයට පත් විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

