2025 අංක 14 දරණ ශ්‍රී ලංකා විදුලිබල පනත අනුව සකස් කරන ලද ජාතික විදුලි ප්‍රතිපත්ති කෙටුම්පත ඒ සඳහා පත් කරන ලද කමිටුව විසින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි වෙත පිලිගන්වන ලදී.
ජාතික ජනබලවේග රජයේ ප්‍රතිපත්තිවලට අනුව මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ වත්මන් සහ අනාගත අවශ්‍යතා මෙන්ම අභියෝග ජය ගැනීම අරමුණු කර ගනිමින් පුළුල් ජාතික බලශක්ති ප්‍රතිපත්තියක් සැකසෙන අතර, එහි ප්‍රධානතම අංශයක් ලෙස ජාතික විදුලිබල ප්‍රතිපත්තිය හඳුන්වාදිය හැකි ය.
එකී විදුලිබල ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා අමාත්‍යවරයා ගේ නිර්දේශයෙන් කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුව මගින් සකසන ලද ප්‍රතිපත්ති කෙටුම්පත මෙලෙස බලශක්ති අමාත්‍යවරයා වෙත පිළිගැන්වුණු අතර, ඒ සඳහා දායක වූ කමිටු සාමාජිකයන් පහත පරිදි ය.
1-මහාචාර්ය මොහාන් මුණසිංහ
2- මහාචාර්ය අරුලම්පලම් අත්පුදරාජා
3- මහාචාර්ය විජේන්ද්‍ර බණ්ඩාර
4- ආචාර්ය එම්.එම්. ගුණතිලක
5- ඉංජිනේරු ඩබ්.ජේ.එල්. ශවීන්ද්‍රනාත් ප්‍රනාන්දු
6- ජනාධිපති නීතීඥ මිලින්ද ගුණතිලක
ඉදිරියේදී මෙම ප්‍රතිපත්ති කෙටුම්පත මහජන අදහස් ලබා ගැනීමේ ක්‍රියාවලියකට ද යොමු කෙරෙනු ඇති අතර, ඉන් පසුව ජාතික විදුලි ප්‍රතිපත්තිය ලෙස සම්මත කර ගැනීමට නියමිත ය.
(ශාන් මොහොමඩ්)

