ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර අද (17) දිට්වා සුළිකුණාටුව සමයේ නාය යෑමට ලක්වූ උඩපලාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාවතුර ග්‍රාමයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූවා ය.
ජනාධිපති අනුර කුමාර දිසානායක, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ Sonali Jain-Chandra මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් යුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් සමග හමුවක් අද (30) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
දශක දෙකකට ආසන්න කාලයක් ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකාවේ අධ්යක්ෂවරයකු ලෙස ද ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ කලාපයේ ජ්‍යෙෂ්ඨ නායකත්ව අත්දැකීම් ඇති දෙස් විදෙස් කීර්තිමත් ව්‍යාපාරිකයකු වන ජොන්ස්ටන් ඇන්තනී ප්‍රනාන්දු ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකාවේ සභාපති පසුගියදා තේරී පත්විය.
මැලේසියානු ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදී සම්මාන දිනාගත් ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා සහ රංගන ශිල්පී ප්‍රියන්ත සිරිකුමාර ඊයේ (26) පස්වරුවේ දිවයිනට පැමිණියා.
අධික වර්ෂාව, ගංවතුර සහ නායයෑම් තත්ත්ව නිසා අති විශේෂ ගැසට් නිවේදනයක් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක රට තුළ හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කළේ ය.
වත්මන් ආණ්ඩුව බලයට පැමිණි දා සිට යුධ අපරාධ පිළිබඳ අභූත චෝදනා නගමින් මෙරට නාවික හමුදා, යුද හමුදා සහ බුද්ධි අංශ රණවිරුවන් දඩයම් කිරීමට සැරසෙන අතර, පසුගියදා ආරක්ෂක ලේකම්වරයා විසින් ත්රස්තවාදීන් යැයි ජාත්‍යන්තරය පවා පිළිගත් නමගිය කොටි ත්රස්තවාදීන් පිරිසක් නිදහස් කරමින් තමන්ට මැතිවරණ කටයුතු සඳහා වියදම් කළ දෙමළ ඩයස්පෝරාව හා ජාත්‍යන්තරය පිනවීමට උත්සාහ ගනිමින් මේ රටේ දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරමින් සිටින්නේ යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවස චෝදනා කරයි.
ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය දියත් කිරීමේ අවස්ථාවෙන් අනතුරුව මෙරට රාජ්‍ය, පෞද්ගලික බැංකු සහ මූල්‍ය ආයතන ප්‍රධානීන් සමඟ හමුවක් අද (06) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ තාවකාලිකව සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.
2026–2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) ක්‍රියාවට නැංවීමට සමගාමීව රේගුව තුළ සිදු කළ යුතු නව්‍යකරණ වැඩපිළිවෙළ සහ අපනයනකරුවන් දිරිගැන්වීම වෙනුවෙන් ගතයුතු පියවර පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ගේ ප්‍රධානත්වයෙන් අද (17) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
ජාතික ආර්ථිකයේ දියුණුවට උතුරු පළාතෙන් දැනට ලැබෙන දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) 4.6% ක දායකත්වය 10% දක්වා ඉහළ නැංවීමේ හැකියාව පවතින්නේ යැයි උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායහම් පැවසී ය.
වසර ගණනාවක් පුරා කලාකරුවන්ගේත්, කලාකාමී ජනතාවගේත් හදවත් තුළ තිබූ දීර්ඝකාලීන බලාපොරොත්තුවක් මල්ඵල ගන්වමින් ජාතික කලාභවන ලබන සැප්තැම්බර් මාසයේ දී නැවත විවෘත කරන බවට ගරු සංස්කෘතික කටයුතු භාර අමාත්‍යතුමන් ලබා දුන් පොරොන්දුව අපි ඉතා අගය කොට සලකමු. එම උතුම් අරමුණ ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවායි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු!
සිය වසකට අධික කාලයක් තිස්සේ මෙරට කලාකරුවන්ගේ කලා නිර්මාණය ප්‍රදර්ශනගාරය මෙන්ම සාඩම්බර ජාතික උරුමයක් වූ කොළඹ ජාතික කලාභවන ජාතියට අහිමි කිරීමේ කුමන්ත්‍රණයක් දියත්ව ඇති බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගෙන් අත්තිකාරම් පුද්ගල ආදායම් බදු අය කිරීමට අදාළව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා ගෙන ඇති තීරණය බලරහිත කරමින් අභියාචනාධිකරණය අද (31) රිට් ආඥාවක් නිකුත් කළේ ය.
ජාතික ක්‍රිකට් තේරීම් කාරක සභාවේ සභාපතිවරයා ලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පත්කර තිබේ.
ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්රය නවීකරණය කිරීම සහ ඩිජිටල්කරණය කිරීමේ අරමුණින් ජාතික ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ් පත් හඳුන්වා දීම ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව සහ ඊට අනුබද්ධ රක්ෂණ සමාගම් විසින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ දී අද (07 දින) සිදු කරන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූයේ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ය.
ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග පැතිරීම වැළැක්වීම සඳහා මහජන සහය අත්‍යවශ්‍ය බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
ශ්‍රමයේ අභිමානය සහ සොබාදහමෙන් ලද රැකවරණයට කෘතඥතාව පළ කරන උදාර සංස්කෘතික සම්ප්රදායක් සනිටුහන් කරමින්, ලෝකවාසී හින්දු ජනතාව සමරන තෛපොංගල් උත්සවයේ ජාතික සැමරුම අග්‍රාමාත්‍ය හරිණි අමරසූරියගේ සහභාගීත්වයෙන් අද (15) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
අප රටට වැදගත් වන රටට යෝග්‍ය, උචිත ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සම්පාදනය කිරීමේ වැඩසටහන අද දින ආරම්භ කළ බවත් මේ ප්‍රතිපත්තිය සම්පාදනය කරන්නේ අප රට බලශක්ති ක්ෂේත්රයෙන් සෝචනීය ඛේදනීය තත්ත්වයකට මුහුණ දෙමින් සිටින බැවින් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ජාතික ක්‍රීඩා පද්ධතිය තුළ ඉහළ දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් රඳවා තබාගැනීම සහ ජාත්‍යන්තර ජයග්‍රහණ සඳහා දිරිදීම අරමුණු කරගනිමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දිගුකාලීන රැකියා සුරක්ෂිතභාවය සහතික කිරීමට හැකි වන පරිදි රාජ්‍ය අංශයේ රැකියා ලබාදීමේ වැඩසටහනක් සැලසුම් කර ඇත.
ජාතික විගණන කාර්යාලය විසින් හෙළි කරන ලද ජාතික රෝහලේ රසායනාගාරවල දැවැන්ත නාස්තිය, දූෂණය, අක්‍රමිකතා සහ වැරදි කළමනාකරණය, තමාගේ සේවය අත්හිටුවීමෙන් හෝ සෞඛ්‍ය ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහට මරණ තර්ජන එල්ල කළ බවට චෝදනා කිරීමෙන් හෝ මැඩපැවැත්විය නොහැකි බව ජාතික රෝහලේ හිටපු නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

