ජපානයේ ගිනිඅවි හා කඩු පාලන නීති උල්ලංඝණය කිරීමේ චෝදනා මත ශ්‍රී ලාංකිකයෙකු එරට ටෝකියෝ නුවර ෂිනගාවා දුම්රිය ස්ථානය ආසන්නයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
තියුණු ආයුධයකින් ගෙල කපා ගැනීමට උත්සහ කිරීමේ දී අදාළ ශ්‍රී ලාංකිකයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අදාළ සිදුවීම දුටු පොලිස් නිලධාරියෙකු ඔහු ඉන් වළක්වා ඇති අතර පසුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් දස දෙනෙකුගෙන් පමණ යුත් කණ්ඩායමක් විසින් ඇතිවූ තත්ත්වය පාලනය කිරීමට කටයුතු කර ඇත.
අතෙහි සහ ගෙල ප්‍රදේශයේ තුවාල සහිතව සිහිසුන්ව සිටි ශ්‍රී ලාංකිකයා ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර පසුව ගිනිඅවි හා කඩු පාලන නීති උල්ලංඝණය කිරීමේ චෝදනා මත ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
(aruna)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
