ජපානයේ ප්‍රථම ථෙරවාදී බෞද්ධ විහාරස්ථානය වූ සවරා ලංකාජී විහාරයේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය පසුගියදා මහත් අභිමානවත්ව පැවැත්විණි.
හතළිස් දෙවැනි වරටත් සංවිධානය කරන ලද වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්ස නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතාගේ සහභාගිත්වයෙන් පැවැත් වුණි.
ටෝකියෝ හි පදිංචි දිනේෂ් ශානක මහතා සහ එම මහත්මියගේ පූර්ණ දායකත්වයෙන් ජපානයේ පදිංචි ශ්‍රී ලාංකික බෞද්ධ බැතිමතුන්ගේ සහ ජපන් බෞද්ධ ජනතාවගේ දායකත්වය මීට ලැබී තිබිණි.
මෙවර ලංකා ජී විහාරයේ පැවති කඨින පුණ්‍ය මහෝත්සවයට සමගාමීව කඨින චීවර පෙරහර, කඨින චීවරය පඬු පෙවීම, සපිරිකර සංඝගත දක්ෂිණාව, පරිත්‍රාණ ධර්ම දේශනාව, කඨිනානිසංස ධර්ම දේශනාව, අටවිසි ගිලන්පස බුද්ධ පූජාව සහ දන්සැල් ඇතුළු ආගමික වතාවත් රැසක් පැවැත් වූ බව ලංකා ජී විහාරවාසි කොස්වත්තේ පාලිත හිමියෝ සඳහන් කළහ.
ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්ස නාහිමි ප්‍රධාන මහා සංඝරත්නය පෙරටුකොට කඨින චීවර පෙරහර පැවැත් වූ ආකාරයයි හා පින්කමෙහි අවස්ථා කිහිපයක් මතු ඡායාරූපවල දැක්වේ.
(සටහන | ජේ. මුණසිංහ )