ජපානයේ සංචාරය කිරීමෙන් වැළකී සිටින ලෙස චීනය සිය පුරවැසියන්ට දැනුම් දී තිබෙනවා.
චීන රජය විසින් මෙම පියවර ගෙන ඇත්තේ ජපානයේ අග්‍රාමාත්‍ය සනේ ටකයිච් සිදුකළ ප්‍රකාශයකට විරෝධය පළ කිරීමක් ලෙසයි.
චීනය විසින් හිමිකම් කියන ස්වයං පාලිත දූපතක් වන තායිවානයට එරෙහිව එම ප්‍රකාශය සිදු කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් චීන රජය පවසන්නේ තායිවානයට පහර දුන්හොත් ජපානයට තම රටේ ආත්මාරක්ෂාව වෙනුවෙන් සිය හමුදා හරහා ඊට ප්‍රතිචාර දක්වන බවයි.
එම තත්ත්වය හමුවේ චීන පුරවැසියන්ගේ පුද්ගලික ආරක්ෂාවට සහ ජීවිතවලට සැලකිය යුතු අවදානමක් ඇති විය හැකි බැවින් මෙම අනතුරු ඇඟවීම සිදු කර තිබෙනවා.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
