Image

ජනාධිපතිවරයා සහ රජය දැඩි ලෙස අපහසුතාවට පත් කරන ප්‍රකාශ සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කළ බවට විමර්ශනයක් ආරම්භ කරයි

ජනාධිපතිවරයා සහ රජය දැඩි ලෙස අපහසුතාවට පත් කරන ප්‍රකාශ සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කළ බවට විමර්ශනයක් ආරම්භ කරයි

ශ්‍රී ලංකා ජනරජය, අතිගරු ජනාධිපතිවරයා, පවතින රජය දැඩි ලෙස අපහසුතාවයට පත් කරමින් මහජනතාව අතර වෛරයක් ඇති කරමින් කැලඹීමක් අවිශ්වාසයක් ඇති කරන ප්‍රකාශ සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කළ බවට විමර්ශනයක් ආරම්භ කළ බව මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය ඊයේ (06) කොටුව මහේස්ත්‍රාත් පසන අමරසේන හමුවේ දැනුම් දුන්නේ ය.

සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කර ඇකි මෙම ප්‍රකාශ හරහා, බොරුවෙන් ගම යට නොකරමු, ඇතුළු පුවත් පළ කරමින් පොලිස් නිලධාරියෙක් මෙම පෝස්ට් සමාජ මාධ්‍ය ට මුදා හැරී බවට තොරතුරු අනාවරණය වී ඇති බව ද පොලිසිය අධිකරණයට දන්වා සිටියේ ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් අභ්‍යන්තර මට්ටමෙන් විමර්ශනයක් සිදු කරන බව ද පොලිසිය වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට දන්වා සිටි අතර එම පෝස්ට් පළ කිරීමට අදාළ පුළුල් විමර්ශනයක් සිදු කරන බව දන්වා සිටියේ ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කර අධිකරණයට වාර්තාවක් ගොනු කරන ලෙසත් එතෙක් නඩුව බහා තබන ලෙසත් මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න