Image

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඇවිත් තුන්පාරක් කුමාර ජයකොඩිව රැක්කා - නාමල් රාජපක්ෂ

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඇවිත් තුන්පාරක් කුමාර ජයකොඩිව රැක්කා - නාමල් රාජපක්ෂ

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ තුන් වතාවක් හිටපු අමාත්‍ය කුමාර ජයකොඩිව රැක්කා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ පැවති නව අවුරුද්දේ වැඩ ආරම්භ කිරීමට එක්වෙමින් මාධ්‍යවේදීන් අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ...

අපි මෙවර මැයි දිනය සමරන්නෙ නැහැ

"අලුත් අවුරුද්දේ අපි නැකැත් චාරිත්‍ර අවසන් කරලා මේ වෙනකොට පක්ෂ කාර්යාල වැඩ කටයුතු පටන් අරන් තියෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා මේ අවුරුද්ද තුළ දේශපාලනික වශයෙන් අපේ පක්ෂයේ ශාඛා සමිති ග්‍රාමීය මට්ටමේ නායකයින් පත්කරා අපි පහුගිය අවුරුද්දේ. ඉතින් ශාඛා සමිති හදලා පක්ෂයේ යාන්ත්‍රණය තවදුරටත් ශක්තිමත් කරන්න. පළවෙනි දේ තමයි අර අපි හැමදාම විශ්වාස කරන දෙයක් තියෙනවානේ මේ ආණ්ඩුවට ජනතාව ඡන්දෙ දුන්නේ එක හේතුවක් මත. ආණ්ඩුව ලවා ජනතාව ගේ අවශ්‍යතාවයන් අපි ඉටු කරන්න ඕනි. ආණ්ඩුව බලෙන් ගිහින් ගෙනල්ලා වාඩි කරපූ ආණ්ඩුවක් නෙවෙයි ඡන්දයෙන් පත් වුණේ අසීමිත පොරොන්දු දීලා. අද ඒ ආණ්ඩුවට පොරොන්දු කඩ කරන්න අයිතියක් නෑ. ඒ හින්දා ජනතාවට වෙච්ච පොරොන්දු ආණ්ඩුව ඉෂ්ට කරන්න ඕන. දැන් කෝටි ප්‍රකෝටි ගණන් සල්ලි තියෙනවා කියලා ජනාධිපතිවරයා ඇවිල්ල පාර්ලිමේන්තුවේ කිව්වනේ. හැබැයි අද වෙනකොට මොකක්ද වෙන්නේ එක ඇත්තකින් ගල් අඟුරු වංචාව, අනික් පැත්තෙන් පුනර්ජනනීය විදුලිය වසලා, පුනර්ජනනීය විදුලිය උත්පාදනය කරන ආයතන වහල දාලා තනිකර ඩීසල් මාෆියාව මේ රටේ අරගෙන යන්න ආණ්ඩුව කටයුතු කරනවා. ඒක තමයි මේ ආණ්ඩුවේ සැලැස්ම ඒ වංචාව පිළිබඳවත් ඉතිරි කාලසීමාවේ රට දැන ගනී. අපි මීට පෙරත් අපි පක්ෂයේ දේශපාලන මණ්ඩලයෙන් තීන්දුවක් ගත්තා මෙවර පෝය දිනයක් හින්ද මැයි දිනය අපි වෙනදා රැලියක් ආකාරයෙන් සමරන්නේ නෑ කියන කාරණය අපේ ටී බී ඉලංගරත්න මහත්මයාගේ පිළිරුව ඉදිරිපිට මැයි දිනය කම්කරුවන් වෙනුවෙන් දිනයක් බවට පත්කරනවා ඒ වගේම තමයි ලංකාවේ ආගමික සිද්ධස්ථානවල කම්කරුවන්ට ආශිර්වාද කරලා ආගමික වතාවත් කටයුතු කරන්න අපි කටයුතු කරනවා.

ආණ්ඩුවේ වැරදි වහගන්න නිලධාරීන් ගේ පිට වැරදි පටවනවා

දැන් අපි බලාගෙන ඉන්නවා සාධාරණව පරීක්ෂණයක් සිද්ධ වෙනවද කියලා. පැහැදිලිවම මේ ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන් රට දැනගෙන ඉන්නවා. විගණකාධිපතිවරිය ගේ වාර්තාව දිහා බැලුවම ඒක වංචාවක් බව පේනවා. ඒ වගේම තමයි ගල් අඟුරු සම්බන්ධයෙන් ලැබ් රිපෝට් එක ගත්තත් බොරු වාර්තාවක් දීලා තියෙන්නේ. ඉතින් මේවා හංගන්න බෑ. හැබැයි දැන් අපි බලන් ඉන්නවා ඇමතිවරයා ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබීනට් මණ්ඩලය ඒ වගකීම බාරගන්නවද එහෙම නැත්තං ඔවුන්ගේ උපදෙස් මත ක්‍රියාත්මක කෙරුණු නිලධාරීන් මත වරද දාලා නිලධාරීන්ව අස් කරල දානවද කියල. කලින් අපි දැක්කනේ එහෙම වෙනවා දැන් බන්ධනාගාර කොමසාරිස්වරයා අස් කරා. හැබැයි මානව හිමිකම් එකෙන් එතුමාට සාධාරණයක් ඉෂ්ට වුණා. ඒකෙන් ඇමැතිවරයා ගේ ආණ්ඩුවේ වැරදි වහගන්න නිලධාරීන් ගේ පිට වැරදි පටවනවා අවසානයේ මොකක්ද වෙන්නේ...? අපට විශ්වාසයි සාධාරණයක් ඉෂ්ට වෙනවා. දැන් මේකෙත් අපි බලන් ඉන්නවා. ජනාධිපතිවරයා මේකට වගකියන්න ඕන. ජනාධිපතිවරයා පත්කරේ මෙයාව දැන දැනමයි. ඒ විතරද පාර්ලිමේන්තුවට ඇවිල්ලා තුන්පාරක් ආරක්ෂා කරානේ ජනාධිපතිවරයා මේ ඇමතිවරයාව 159 ක් ඡන්ද දීලා ආරක්ෂා කරේ එකසිය පනස් නවයක් පාර්ලිමේන්තුවේ දවසක් වාද විවාද කරලා ඡන්දෙ දුන්නා. දැන් අපි බලන් ඉන්නවා මොකක්ද වෙන්නේ කියලා. නිලධාරීන්ගේ පිට දානවද නැත්නම් ආණ්ඩුවකින් බාරගන්නවද කියලා. වරදක් වෙලා තියෙනවද කියලා දැන් පැහැදිලියිනේ ඔව් දැන් අපි බලන් ඉන්නවා මේ ආණ්ඩුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවද කියලා පොලිස්පතිවරයා මාලිමාවේ පොලිස්පතිවරයා විදියට තවදුරටත් හැසිරෙනව ද කියලා. පොලිස්පතිවරයා මාලිමාවේ පොලිස්පතිවරයා ද එහෙම නැත්නම් ශ්‍රී ලංකා පොලිසියේ පොලිස්පතිවරයාද කියල අපි බලාගෙන ඉන්නවා.

ආණ්ඩුව තමන් ගේ වැරදි වහගන්න විපක්ෂ මර්දනය කරනවා

ජනතාවට ඉතාමත් ම අපහසු කාලයක්. ඒක අපි තේරුම් ගත යුතුයි. දේශපාලනය කරන පක්ෂයක් විදියට අපි ඒක තේරුම් ගත යුතුයි. ආණ්ඩුව ඒක තේරුම් ගත යුතුයි. ජනතාව මත අසීරු බදු ගොඩක් පටවලා තියෙනවා. ඒ වගේම ගල් අඟුරු වංචාවෙන් වෙච්ච පාඩුව. ඒ වගේම ලෝකේ වැඩිම මිලට තෙල් මිලදී ගත්ත ආණ්ඩුව බවට අපි පත්වෙලා තියෙනවා. ලෝකයේ වැඩිම මිලට... මේක අපි නෙවෙයි කියන්නේ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ. ලෝකයේ වැඩිම මිලට තෙල් ගෙනල්ලා අසීමිත බරක් ජනතාව පිට පටවපු ආණ්ඩුවක් බවට පත්වෙලා තියෙනවා. ඒ වගේම දිට්ටා සුළි කුණාටුවෙන් අසරණ වෙච්ච ජනතාවට තාමත් සාධාරණයක් කරන්න ජනාධිපතිවරයා එක ගෙදරකට ගිහිල්ලා කිරි ඉතිරෙව්වා. එදා ගියාද නැද්ද කියලා කියන්න මම දන්නෑ හැබැයි කිරි උතුරුවලා තිබුනා. ඒක හොඳයි. තවමත් ජනතාව අනාථ කඳවුරු වල ජීවත්වන තැනට පත්වෙලා තියෙනවා. අනාරක්ෂිත තැන්වලින් ජනතාව ඉවත් කරන්න කටයුතු කරල නෑ, ගිය පාර නම් මම කලින් ගමකට ගිය වෙලාවේ අයිය කෙනෙක් ඉඩම් පෙන්නුවා කියලා හැබැයි තාම ජනතාව අනාරක්ෂිත තැන්වල තමයි ඉන්නේ. අයියා හොයන්නත් නෑ දැන් ඒ නිසා මේ අවුරුද්ද ඉතාමත් අභියෝගාත්මක අවුරුද්දක් ජනතාවට මොකද ආණ්ඩුව පැහැදිලිවම තමන්ගේ වැරදි වහගන්න විපක්ෂ මර්දනය කරනවා. තමන්ගේ නොහැකියාව වහගන්න ඒ පීඩනය ජනතාවට දෙනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන ඊබ්‍රාහිම් ගෙන් අහන්න

පාස්කු ප්‍රහාරය තනිකර දේශපාලනීකරණය කරලා තියෙනවා. එක පැත්තකින් කලින් පිල්ලෙයාන් හිටපු පාර්ලිමේන්තු ඇමතිවරයා අත්අඩංගුවට ගත්තා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් . විෂය භාර ඇමතිවරයා පාර්ලිමේන්තු ඇවිත් කිව්වා ඔහු අනාවරණය කරලා තියෙනවා තොරතුරු රාශියක් කියලා. ඔහු උසාවියට ඉදිරිපත් කරන්නේ මොකටද වෙනත් ඝාතනයක් සම්බන්ධයෙන් උසාවියට ඉදිරිපත් කරන්නේ. ඒ වගේම අද සුරේස් සලේ අපේ හිටපු බුද්ධි අංශ ප්‍රධානියා අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඔහුව ප්‍රශ්න කරනවා. හැබැයි කවුද ඔහුව ප්‍රශ්න කරන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ බුද්ධි අංශ වාර්තා ලාච්චුවේ හංගගෙන හිටපු දෙන්නා. දැන් ඒ දෙන්නම තමයි ගල් අඟුරු ගැන හොයන්න යන්නේ. ඒක තමයි හොඳම විහිළුව. තමන්ගේ දේශපාලනවේදිකාවේදී පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අපෙන් අහනවට වඩා ඔබතුමා ඔය ප්‍රශ්නය අහන්න ඕන ජේවීපී එකෙන් හරි ඊබ්‍රාහිම්ගෙන්. අහන්න කියලා ඇයි පුතාලා දෙන්න එහෙම කරේ. දැන් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මහා මොළකරුවෙක් ඉන්නවා රාජපක්ෂලා කියල කියනවනේ ඉතින් ඊබ්‍රහම් මහත්තයා දන්නවා ඇතිනේ. එයාගේ පුතාලා දෙන්නා ත්‍රස්තවාදියෝ වුණේ රාජපක්ෂල නිසාද වෙන හේතුවක් නිසාද කියලා. ඔහු තාම ජවිපෙ එකේ සාමාජිකයෙක්නෙ. ජාතික ලැයිස්තුවේ හිටියනේ. ජේවීපී එකට වියදම් කරානේ. තමන්ගේ පක්ෂෙට වියදම් කරපු කෙනාව හංගලා ආරක්ෂා කරලා ඔහුගේ දේපළත් නිදහස් කරලා දීලා කොහෙවත් යන කට්ටියන්ට ඇඟිල්ල දික් කරාට හරියන්නෑ.''

IMG 20260420 WA0210

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න