විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස් තුරෙයිරාජා විසින් සකස් කරන ලද බන්ධනාගාර රැඳවූවන්ට ජනාධිපති පොදු සමාව දීම සඳහා ක්‍රමානුකූල, සාධාරණ සහ විනිවිදභාවයෙන් යුත් ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා වූ නිර්දේශ සහිත වාර්තාව අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරියට භාරදී ඇත.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන වෙත වාර්තාව භාරදීම සිදු කර ඇත්තේ එම අමාත්‍යාංශයේ දී ය.
මෙම වාර්තාව සකස් කර තිබෙන්නේ දණ්ඩනයට නියමවු බන්ධනාගාර රැඳවූවන්ට ජනාධිපති පොදු සමාව දීම සඳහා වන ක්‍රමානුකූල, සාධාරණ සහ විනිවිදභාවයෙන් යුත් ක්‍රමවේදයක් වෙනුවෙනි.
බන්ධනාගාරවල දැනට පවතින අධික තදබදය අවම කිරීම සහ රැඳවියන් පුනරුත්ථාපන ක්‍රමවේදයන් හි පවතින අඩුපාඩු මගහරවා ගනිමින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව බන්ධනාගාර පවත්වාගෙන යාමේ රජයේ ප්‍රතිසංස්කරණවල මූලික පියවරක් ලෙසටයි මෙය හැඳින්විය හැකි ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
