අගාධයට වැටුණු මොහොතේ ගොඩ දැමූ රනිල් වික්‍රමසිංහ පසුපස මේ තරම් පන්නන්නේ කොට තුඹස මෙන් ම කොට මිනිසා විශ්වාස කළ නොහැකි යැයි ආණ්ඩුවේ ම ඇමතිවරයකු කළ ප්‍රකාශය සැබෑවක් නිසා විය හැකි බවත්, එය ඉතා පහත් හඹා යෑමක් යැයි ද එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක හරින් ප්‍රනාන්දු පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ මල් පාරෙහි පිහිටි එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේ දී ය.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ හරින් ප්‍රනාන්දු...
''කොට හුඹහ වගේම කොට මිනිහා විශ්වාස කරන්න බෑ කියලා ආණ්ඩුවේ ම ඇමති කෙනෙක් ප්‍රකාශ කළා. තමන්ට වඩා දියුණු උගත් මිනිහෙක් ගැන කොට මිනිස්සුන්ට ඊර්ෂ්‍යාවක් තියෙනවද මං දන්නේ නෑ. රට අගාධයට වැටුණු වෙලාවෙ ගොඩදාපු රනිල් වික්‍රමසිංහ පස්සේ මේ තරම් පන්නන්නේ ඒක නිසා වෙන්න ඇති. ඒක ඉතා පහත් හඹා යෑමක්.
අනුර කුමාර ගේ අවසානයේ ආරම්භය
කොහොමත් මේ ආණ්ඩුව නා ගනිමින් පවතිනවා. විශාල නා ගැනීමක් නාගෙන යනවා. මෙය අනුර කුමාර මහත්තයා ගේ අවසානයේ ආරම්භය විය හැකියි. රට අසීරුවෙන් ඉන්න අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ එය ගොඩ දැමුවා. එතුමා ඒ කළ දේවල් තමන් ගේ වගේ අරගෙන යන මේ ආණ්ඩුවට කියන්න තියෙන්නේ ස්වභාව ධර්මය කියා දෙයක් තිබෙන බව තේරුම් ගන්නා ලෙස යි. මේ වැරදි කරපු මිනිසුන්ට දඬුවම් ලැබී තිබෙන රටක්. ඒ වගේම අපි මේක අතහරින්නේ නෑ. අපි ජාත්‍යන්තරයට යනවා. ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කරනවා.එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයට, යුරෝපා පාර්ලිමේන්තු සංගමය ඇතුළු සියලුම ජාත්‍යන්තර ආයතන වලට අප මේ පැමිණිල්ල ඉදිරිපත් කරනවා. ඒ වගේම තානාපති කාර්යාල මට්ටමින් වෙනම දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. එමෙන්ම දේශීය වශයෙන් අප හැම දිස්ත්‍රික්කයකම ස්වාමීන් වහන්සේලා, පූජ්‍ය පක්ෂය, නීතීඥ වරු, තරුණ කණ්ඩායම්, ආදී සියලු පාර්ශ්වවලට මේ අසාධාරණ පළිගැනීම ගැන කරුණු කියන්න මාර්තු පළමු වැනිදායින් පසු වැඩසටහනක් සූදානම් කර තිබෙනවා.
අපිත් ගොන් පාර්ට් කරා
අප මෙලෙස ඉදිරියට එන විට මර්දනය කරන්නට වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ආණ්ඩුවේ අවුරුදු එකහමාරක් ගතවී ගියා. තව තියෙන්නේ පොඩි කාලයයි. ඒක මතක තියාගන්න. අපිත් ආණ්ඩුවල හිටියා. ඔය වගේ ගොන් පාට් දාන්න ගියාම, ආණ්ඩු කිරීම වෙනුවට පළි ගැනීමට ගියාම අන්තිමට හැරී බලන විට නොදැනීම කාලය ගිහිල්ලා. ඒ කාලේ ගියාම ඔය කියන නිලධාරීනුත් ආණ්ඩුවට ඕන විදියට වැඩ කරන්නේ නෑ. බොහෝ පහළ ශ්‍රේණියේ නිලධාරීන් අමාත්‍යාංශ ලේකම්වරු විදිහට පත් කරලා තිබෙනවා. රාජ්‍ය සේවය විනාශ කරලා තියෙන්නේ. දේශපාලන පත්කිරීම් මත නිලධාරීන් උඩට ගෙනල්ලා තියෙනවා. මේක ලොකු විනාශයක ආරම්භයක්. රාජ්‍ය යාන්ත්‍රණය එහෙම් පිටින්ම කඩා වැටිලා. අපිත් යහපාලන කාලේ හොරු අල්ලනවා කියලා ගොං පාට් කැම්පේන් එකක් කරන්න ගියා. ඒක අන්තිමට බිඳ වැටුණේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා 69 ලක්ෂයක් ඡන්ද අරගෙන.
Read with Ranil 19වන දා...
රනිල්ට විරුද්ධව ආණ්ඩුව අත තැබීම මහා අපරාධයක්. ඒක සාපයක්. මේ රටේ මුළු ගුවන් යානා පිටින් අරගෙන රට ගිහිපු නායකයෝ හිටියා. රනිල් වික්‍රමසිංහ පිළිබඳව අනාගත ලෝකයට කියාදීම සඳහා මාර්තු 19 වැනිදා Read with Ranil යනුවෙන් වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. තරුණ දරුවන්ට රනිල් සමඟ කියවා ගන්න එයින් අවස්ථාව ලැබෙනවා හෙට අනිද්දා වන විට අප ඒ වැඩසටහන එළි දක්වනවා. ස්මාර්ට් යූ. එන්. පී වැඩසටහන යටතේ එය ක්‍රියාත්මක කරනවා.''

