මේ වනවිට විවිධ අපරාධ ක්‍රියා සදහා අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කරන පාතාල ක්‍රියා කාරී කෙසෙල්බද්දර පද්මෙ, අධිගම චූටි, නිලංග සම්පත්, ජේසුදාසන් ගුණදාස, කුඩු රොෂාන්, නුවන් තාරක ඇතුළු සැකකරුවන් එකොළොස් දෙනෙක් නිරීක්ෂණය කිරීම සඳහා කොටුව මහේස්ත්‍රාත් පසන්න අමරසේන මහතා අද පස්වරු දෙකට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් ඇත.
ඒ, වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් රඳවා ප්‍රශ්න කරන සැකකරුවන් නිරීක්ෂණය කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත්වරයා ගෙන් කළ ඉල්ලීමකට අනුව ය. එහි ගිය මහේස්ත්‍රාත්වරයා එක් එක් සැකකරුවන් වෙන වෙන ම නිරීක්ෂණය කරමින් ඔවුන් පිළිබඳ අදාළ ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
ඔවුන්ට නිසි වාතාශ්‍ර ලැබීම ඔවුන් ගේ ආහාරපාන සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් ඇති ගැටලු සම්බන්ධයෙන් විස්තර විමසා සිටි මහේස්ත්‍රාත්වරයා අදාළ සටහන් නඩු ගොනු සටහන් කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නික්ම ගොස් ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
